Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා 2027 වසරේදී අමතර සිසුන් 23,000කට අවස්ථාව ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ රජයේ මූල්‍ය සහාය සහිත මුළු විශ්වවිද්‍යාල අධ්‍යයන ස්ථාන සංඛ්‍යාව 624,590 දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය Jason Clare විසින් ඊයේ මෙම නව වැඩපිළිවෙළ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Advertisement

අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ මෙම පියවර හරහා ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ගුරුවරුන්, හෙද නිලධාරීන්, විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් වැඩි වශයෙන් බිහිකිරීමට අපේක්ෂා කරන බවයි.

ප්‍රධාන නගරවලින් බැහැර ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථා ලබාදීම ද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක්.

Banner 01

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවෙන් සම්මත වූ Universities Accord නව නීති ප්‍රතිසංස්කරණ යටතේයි.

ඒ අනුව Australian Tertiary Education Commission හෙවත් ATEC ආයතනයට, විශ්වවිද්‍යාල සඳහා අධ්‍යයන ස්ථාන වෙන්කිරීමේ බලතල ලබාදී තිබෙනවා.

අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සහ ප්‍රාදේශීය ප්‍රදේශවල සිසුන් සඳහා අවශ්‍යතාව අනුව අමතර අවස්ථා ලබාදීමට ද එම ආයතනයට හැකියාව පවතිනවා.

එමෙන්ම ඉදිරි වසර 10 තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරන අමතර සිසුන් 230,000කට අවස්ථාව ලබාදීම සඳහා ඩොලර් බිලියන 3.6ක අතිරේක අරමුදල් සැපයීමට ද රජය සැලසුම් කර තිබෙනවා.

මේ අතර 2050 වසර වනවිට ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් සියයට 80කට විශ්වවිද්‍යාල හෝ වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වනු ඇති බවට Universities Accord වැඩසටහන මගින් පුරෝකථනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම අමතර විශ්වවිද්‍යාල අවස්ථා ඔස්ට්‍රේලියානු රජයේ මූල්‍ය සහාය ලබන දේශීය සිසුන් සඳහා වන අතර, ජාත්‍යන්තර සිසුන් සඳහා ලබාදෙන අමතර වීසා හෝ අධ්‍යයන ස්ථාන සංඛ්‍යාවක් ලෙස සැලකිය නොහැකියි.

විශ්වවිද්‍යාලවලට වෙන්කරනු ලබන නිශ්චිත ස්ථාන සංඛ්‍යාව ලබන නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට...

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි...

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා දේශපාලනඥයන් Social Media සහ ජනප්‍රිය අන්තර්ජාල නිර්මාණකරුවන් වැඩි වශයෙන් භාවිත කිරීමට...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 250 බැගින් වටිනා විද්‍යුත් තෑගි කාඩ්පත් දිනාගැනීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ සඳහා Study...

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්‍රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Greens පක්ෂය සියලුම බදු ගෙවන්නන්ට සතියකට ඩොලර් 21ක බදු සහනයක් ලබාදීමටත්, සුබසාධන දීමනා ඉහළ නැංවීමටත් එම පක්ෂයේ පළමු ප්‍රතිපත්ති...

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa නීතිවල සිදුකරන නව වෙනස්කම් හේතුවෙන්, ග්‍රාමීය ප්‍රදේශ වල රැකියා කිරීමට පැමිණෙන තරුණ විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩුවිය හැකි...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Emergency Services Minister සහ Frankston ප්‍රදේශය නියෝජනය කරන Labor මන්ත්‍රී Paul Edbrooke හට එල්ල වූ තර්ජනයක් සම්බන්ධයෙන්...

AI තාක්ෂණය වේගයෙන් දියුණු වීමත් සමඟ සයිබර් අපරාධවල අවදානම පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ යමින් පවතින බව ඔස්ට්‍රේලියාවේ සයිබර් ආරක්ෂක...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සඳහා අමතර සිසුන් 23,000කට අවස්ථාව – රජයෙන් නව තීරණයක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට අලුත් ක්‍රමවේදයක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Read More »

Sydney මගීන්ට සුබ ආරංචියක් – අලුත් Metro දුම්රිය සේවාව අද සිට

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා. වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ දිගම Water Slide එක මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි Whittlesea ප්‍රදේශයේ Funfields Themepark Parkහි

Read More »

අද Sydney Airport යනවාද? ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන්නේ වැටුප්

Read More »

Australia Post අනාගතය අවිනිශ්චිතයි – වසර 217ක සේවාවට විශේෂ විමර්ශනයක්

ඔස්ට්‍රේලියාවේ වසර 217ක ඉතිහාසයක් ඇති ජාතික තැපැල් සේවාව වන Australia Post ආයතනයේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. සීඝ්‍රයෙන්

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පනවයි

උතුරු කොරියාවේ නීතිවිරෝධී න්‍යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහන්වලට මුදල් සැපයීම අඩපණ කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් නව සම්බාධක ක්‍රියාත්මක කර තිබෙනවා. 2026 ඔක්තෝබර්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom