Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළංවීමත් සමඟ සංක්‍රමණිකයන් සහ විවිධ ජනවාර්ගික ප්‍රජාවන් ඉලක්ක කරගත් දේශපාලන ප්‍රචාරණ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය හමුවේ ජාතිවාදී අදහස් සහ ප්‍රකාශ ඉහළ යමින් පවතින බවට බහුසංස්කෘතික ප්‍රජා නියෝජිතයන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Ethnic Communities Council of Victoria ආයතනය පවසන්නේ තම සාමාජිකයන්ගේ වාර්ෂික ගැටලු ලැයිස්තුවේ පළමු වරට ජාතිවාදය ප්‍රධාන ගැටලුව බවට පත්ව ඇති බවයි.

Advertisement

එකම සංස්කෘතියක් ප්‍රමුඛ කරගත් සමාජයක් ප්‍රවර්ධනය කරන දේශපාලන ප්‍රකාශ හේතුවෙන් ඇතැම් සංක්‍රමණික ප්‍රජාවන් අතර බියක් සහ තමන් සමාජයෙන් බැහැර කරනු ලබන බවට හැඟීමක් ඇති වී තිබෙන බවයි එහි ප්‍රධාන විධායක නිලධාරිනී Farah Farouque පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් One Nation පක්ෂය විසින් අපරාධ සහ සංක්‍රමණ සම්බන්ධයෙන් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක වීඩියෝ කිහිපයක් මේ වනවිට විවේචනයට ලක්ව තිබෙනවා.

Banner 01

එම වීඩියෝවල ඇතැම් ජනවාර්ගික පෙනුමක් සහිත පුද්ගලයන් අපරාධ ක්‍රියාවන් සමඟ සම්බන්ධ කර පෙන්වීමෙන් සමාජයේ අගතිගාමී අදහස් වර්ධනය විය හැකි බවයි විවේචකයන් පවසන්නේ.

කෙසේ වෙතත් One Nation පක්ෂය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ තම ප්‍රචාරණ වැඩසටහන් ජාතිවාදී නොවන බවයි.

එම පක්ෂයේ Victoria ප්‍රාන්ත නායක Warren Pickering පවසන්නේ ජනවාර්ගික පසුබිම නොසලකා සියලුම ඡන්දදායකයන් සමඟ සම්බන්ධ වීමට තම පක්ෂය බලාපොරොත්තු වන බවයි.

One Nation පාලනයක් සම්බන්ධයෙන් කිසිවෙකු බිය විය යුතු නැති බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

2021 ජන සංගණන දත්ත අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනයෙන් සියයට 30ක් පමණ විදේශයන්හි උපත ලැබූ පුද්ගලයන් වන අතර, එම ජනතාව ප්‍රාන්තයේ සමාජීය හා ආර්ථික ක්‍රියාකාරකම්වල වැදගත් කොටසක් නියෝජනය කරනවා.

මේ අතර මැතිවරණ ප්‍රචාරණයේදී සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා සිදුකිරීම වැදගත් වුවද, සියලුම ජනවාර්ගික ප්‍රජාවන්ට ගෞරවයක් සහ ආරක්ෂිත බවක් දැනෙන පරිසරයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවයි ප්‍රජා නියෝජිතයන් අවධාරණය කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියාවේ Geelong ආසන්නයේ kayak බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ 60 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. East Geelong ප්‍රදේශයේ...

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (DHA) නිකුත් කළ ශිෂ්‍ය වීසා මාර්ගෝපදේශයට අනුව, ඇතැම් විශේෂ අවස්ථාවලදී ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට නව ශිෂ්‍ය වීසා...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් එක් අයෙකුට ඩොලර් 500කට වැඩි අමතර ඉන්ධන වියදමක්...

Melbourne Market Authority හි නව සභාපතිවරයා ලෙස Paul Guerra පත් කිරීමත් සමඟ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සියලුම දෙනා ඉල්ලා අස්වීමට...

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ සාද සහ උත්සවවලදී Helium වායුව පුරවා ඇති බැලුන් අහසට මුදාහරින පුද්ගලයන්ට $200ක ස්ථානීය දඩයක් පැනවීමට...

SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට...

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන්...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය එළෙඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙම මැතිවරණය මඟින් ඉදිරි වසර හතර සඳහා ප්‍රාන්තය පාලනය කරන...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිලදී ගැනීමේ වියදම් ඉහළ යාම හමුවේ, නිවසක් ඉදිකිරීමට කැමති පුද්ගලයන් ආකර්ෂණය කරගැනීම සඳහා Queensland ප්‍රාන්තයේ කුඩා නගරයක් විශේෂ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා මැතිවරණය ළංවෙද්දී සංක්‍රමණිකයන් අතර බියක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට අලුත් ක්‍රමවේදයක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Read More »

Sydney මගීන්ට සුබ ආරංචියක් – අලුත් Metro දුම්රිය සේවාව අද සිට

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා. වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ දිගම Water Slide එක මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි Whittlesea ප්‍රදේශයේ Funfields Themepark Parkහි

Read More »

අද Sydney Airport යනවාද? ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන්නේ වැටුප්

Read More »

Australia Post අනාගතය අවිනිශ්චිතයි – වසර 217ක සේවාවට විශේෂ විමර්ශනයක්

ඔස්ට්‍රේලියාවේ වසර 217ක ඉතිහාසයක් ඇති ජාතික තැපැල් සේවාව වන Australia Post ආයතනයේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. සීඝ්‍රයෙන්

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පනවයි

උතුරු කොරියාවේ නීතිවිරෝධී න්‍යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහන්වලට මුදල් සැපයීම අඩපණ කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් නව සම්බාධක ක්‍රියාත්මක කර තිබෙනවා. 2026 ඔක්තෝබර්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom