Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා.

වසර ගණනාවක ඉදිකිරීම් සහ ප්‍රමාදවීම්වලින් අනතුරුව, අද අලුයම 4.31ට Bankstown දුම්රිය ස්ථානයෙන් පළමු මගී දුම්රිය පිටත් වූ අතර, එම ඓතිහාසික අවස්ථාවට මගීන් සිය ගණනක් එක්ව සිටියා.

දුම්රිය පිටත්වන අවස්ථාවේදී මගීන් ප්‍රීතිඝෝෂා නඟමින් එය සැමරූ අතර, දේශපාලනඥයන්, මාධ්‍යවේදීන්, සේවකයන් සහ දුම්රිය ලෝලීන් රැසක් ද පළමු ගමනට එක්ව තිබෙනවා.

Advertisement

නව සේවාව ආරම්භ කිරීමත් සමඟ Bankstown, Punchbowl, Wiley Park, Lakemba, Belmore, Campsie, Canterbury, Hurlstone Park, Dulwich Hill සහ Marrickville යන ප්‍රදේශවල ජනතාවට Sydney නගර මධ්‍යයට සහ උතුරු ප්‍රදේශවලට වඩාත් පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාව හිමිවනවා.

Bankstown සිට Central දක්වා ගමන් කාලය විනාඩි 28ක් දක්වා අඩුවී ඇති අතර, පෙර පැවති දුම්රිය සේවාවට සාපේක්ෂව විනාඩි 6ක කාලයක් ඉතිරි කරගත හැකි බවයි NSW ප්‍රවාහන බලධාරීන් පවසන්නේ.

Banner 01

මේ අතර කාර්යබහුල වේලාවන්හිදී සෑම විනාඩි 4කට වරක්ම දුම්රියක් ධාවනය කිරීමට නියමිත අතර, දිවා කාලයේදී විනාඩි 5කට වරක් සේවා ක්‍රියාත්මක වනවා.

රියදුරන් නොමැතිව ස්වයංක්‍රීයව ධාවනය වන මෙම Metro දුම්රිය සේවාව, Sydney නගරයේ ගිනිකොන සහ වයඹ ප්‍රදේශ සම්බන්ධ කරන කිලෝමීටර් 66ක ඒකාබද්ධ දුම්රිය මාර්ගයක කොටසක් වනවා.

NSW ප්‍රවාහන අමාත්‍ය John Graham පවසන්නේ, මෙම ව්‍යාපෘතිය මඟින් Sydney නගරයේ නිරිතදිග ප්‍රදේශවල ජනතාවට නව රැකියා, අධ්‍යාපන සහ ආර්ථික අවස්ථා රැසක් විවෘත වන බවයි.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමේදී සැලකිය යුතු ප්‍රමාදවීම් සහ වියදම් ඉහළ යෑම් වාර්තා වූ අතර, City & Southwest Metro ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඩොලර් බිලියන 23කට ආසන්න බව වාර්තා වනවා.

මෙම නව සේවාව ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස ද සැලකෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ වසරේ ගස ලෙස Geelong Botanic Gardens හි පිහිටි වසර 167ක් පැරණි Ginkgo ගස නම් කර තිබෙනවා. 1859 වසරේ...

ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්‍රදේශයේ (South-East) පිහිටි ට්‍රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා...

මෙල්බන්හි අතුරුදන් වූ කුඩා දරුවන් දෙදෙනෙකු සොයාගැනීම සඳහා වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා. සතියක් වයසැති Daniel සහ වසරක් වයසැති...

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helan Hainesට එල්ල වූ ඉලක්කගත මෝටර් රථ ප්‍රහාරයකින් ඇයගේ පාද දෙකම අහිමි වීමෙන් පසු, ඇයට සහ...

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉදිකිරීමේ වියදම් ඉහළ යාමත් සමඟ, අඩු මිලට ඉදිකිරීම් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා චීන නිෂ්පාදකයින් වෙත යොමු වීමට ඇතැම්...

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ...

ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යාමත් සමඟ ලබන සතියේ යළි පොලී අනුපාත ඉහළ දැමීමේ අවදානම දැඩි වී...

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේ වාර්තා වූ මරණවලින් 10%කට වැඩි ප්‍රමාණයකට හේතුව ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය බව Australian Bureau of Statistics පවසනවා. එම...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Sydney මගීන්ට සුබ ආරංචියක් – අලුත් Metro දුම්රිය සේවාව අද සිට

ඔස්ට්‍රේලියාවේ දැන් කෑම ගෙදරට ගේන්නේ Robotsලා

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රොබෝ යන්ත්‍ර මඟින් ආහාර නිවෙස් වෙත බෙදාහැරීමේ සේවාවක් Queensland ප්‍රාන්තයේ Gold Coast නගරයේදී අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. DoorDash සහ Serve Robotics

Read More »

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට අලුත් ක්‍රමවේදයක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Read More »

Sydney මගීන්ට සුබ ආරංචියක් – අලුත් Metro දුම්රිය සේවාව අද සිට

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා. වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ දිගම Water Slide එක මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි Whittlesea ප්‍රදේශයේ Funfields Themepark Parkහි

Read More »

අද Sydney Airport යනවාද? ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන්නේ වැටුප්

Read More »

Australia Post අනාගතය අවිනිශ්චිතයි – වසර 217ක සේවාවට විශේෂ විමර්ශනයක්

ඔස්ට්‍රේලියාවේ වසර 217ක ඉතිහාසයක් ඇති ජාතික තැපැල් සේවාව වන Australia Post ආයතනයේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. සීඝ්‍රයෙන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom