

ඔස්ට්රේලියාවේ දැන් කෑම ගෙදරට ගේන්නේ Robotsලා
ඔස්ට්රේලියාවේ ප්රථම වරට රොබෝ යන්ත්ර මඟින් ආහාර නිවෙස් වෙත බෙදාහැරීමේ සේවාවක් Queensland ප්රාන්තයේ Gold Coast නගරයේදී අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. DoorDash සහ Serve Robotics

ඔස්ට්රේලියාවේ ප්රථම වරට රොබෝ යන්ත්ර මඟින් ආහාර නිවෙස් වෙත බෙදාහැරීමේ සේවාවක් Queensland ප්රාන්තයේ Gold Coast නගරයේදී අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා.
DoorDash සහ Serve Robotics සමාගම් එක්ව ක්රියාත්මක කරන මෙම නව සේවාව යටතේ, කිලෝග්රෑම් 100ක් පමණ බරැති රෝද හතරකින් සමන්විත ස්වයංක්රීය රොබෝ යන්ත්ර ආහාර බෙදාහැරීම සඳහා යොදා ගැනෙනවා.
මෙම රොබෝ යන්ත්රවල ආහාර උණුසුම්ව හෝ සිසිල්ව තබාගත හැකි විශේෂිත ගබඩා පහසුකම් ඇති අතර, ඒවා මිනිසෙකු ඇවිදින වේගයට සමාන වේගයකින් ගමන් කරනවා.

අදාළ සමාගම පවසන ආකාරයට මෙම රොබෝ යන්ත්රවල බෙදාහැරීම් සාර්ථකත්ව අනුපාතය සියයට 99.8ක්.
කෙසේ වෙතත්, 7NEWS නාලිකාව ඔස්සේ සජීවීව මෙම තාක්ෂණය හඳුන්වා දෙන අවස්ථාවේදී එක් රොබෝ යන්ත්රයක් මල් පාත්තියක සිරවීම හේතුවෙන් තාක්ෂණික ගැටලුවකට මුහුණ දී තිබෙනවා.
එම අවස්ථාවේදී වාර්තාකරු සඳහන් කළේ මෙවැනි ගැටලු විසඳීම සඳහා තාක්ෂණික සහායක කණ්ඩායම් සූදානමින් සිටින බවයි.
මෙම අත්හදා බැලීමේ මූලික අරමුණ කෙටි දුර ආහාර බෙදාහැරීම් සඳහා රොබෝ තාක්ෂණය භාවිත කිරීම වන අතර, මිනිස් බෙදාහැරීම් සේවකයන් සම්පූර්ණයෙන් ප්රතිස්ථාපනය කිරීම මෙහි අරමුණ නොවන බව සංවිධායකයන් පවසනවා.
මේ අතර DoorDash හරහා ආහාර ඇණවුම් කරන පාරිභෝගිකයන්ට රොබෝ යන්ත්රයක් මඟින් ආහාර ගෙන්වා ගැනීමේ විකල්පය තෝරාගැනීමට ද අවස්ථාව හිමිවනවා.
සෑම සේවා මුරයක් අවසානයේම මෙම රොබෝ යන්ත්ර Griffith Universityහි පිහිටි මෙහෙයුම් මධ්යස්ථානය වෙත නැවත පැමිණීමට නියමිතයි.
අත්හදා බැලීම සාර්ථක වුවහොත් ඉදිරි සති සහ මාස කිහිපය තුළ Gold Coast නගරයේ තවත් ප්රදේශවලට මෙම සේවාව ව්යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඔස්ට්රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ජනතාව අත්යවශ්ය නොවන භාණ්ඩ මිලදී ගැනීම අඩු කර ඇති අතර, ප්රධාන වෙළෙඳ සමාගම් රැසක...
ඔස්ට්රේලියානු වීසා සඳහා ඉන්දියාවේ සිට අයදුම් කරන ඇතැම් පුද්ගලයන්ට ඔක්තෝබර් 26 සිට නව ජෛවමිතික අවශ්යතා හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව,...
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්ත මැතිවරණය එළෙඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙම මැතිවරණය මඟින් ඉදිරි වසර හතර සඳහා ප්රාන්තය පාලනය කරන...
ඔස්ට්රේලියාවේ රාජ්ය රැකවරණය යටතේ සිටින දරුවන් අතර සියදිවි නසාගැනීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව නව වාර්තාවකින් අවධාරණය කර තිබෙනවා. එම...
වික්ටෝරියා ප්රාන්ත මැතිවරණය ළංවීමත් සමඟ සංක්රමණිකයන් සහ විවිධ ජනවාර්ගික ප්රජාවන් ඉලක්ක කරගත් දේශපාලන ප්රචාරණ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබෙනවා....
ඔස්ට්රේලියාවේ පවතින සංක්රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන...
නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්රේලියාවේ University of Sydney විශ්වවිද්යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ...
ඔස්ට්රේලියාවේ ප්රථම වරට රොබෝ යන්ත්ර මඟින් ආහාර නිවෙස් වෙත බෙදාහැරීමේ සේවාවක් Queensland ප්රාන්තයේ Gold Coast නගරයේදී අත්හදා බැලීම ආරම්භ කර...
වික්ටෝරියා ප්රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි...

ඔස්ට්රේලියාවේ ප්රථම වරට රොබෝ යන්ත්ර මඟින් ආහාර නිවෙස් වෙත බෙදාහැරීමේ සේවාවක් Queensland ප්රාන්තයේ Gold Coast නගරයේදී අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. DoorDash සහ Serve Robotics

ඔස්ට්රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්යතාව තහවුරු කිරීම සඳහා ක්රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්යාවකට ව්යාප්ත කර ඇති බව ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Sydney නගරයේ ප්රධාන පොදු ප්රවාහන ව්යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා. වසර

ඔස්ට්රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි Whittlesea ප්රදේශයේ Funfields Themepark Parkහි

ඔස්ට්රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන් මෙම වෘත්තීය ක්රියාමාර්ගයට එක්වන්නේ වැටුප්

ඔස්ට්රේලියාවේ වසර 217ක ඉතිහාසයක් ඇති ජාතික තැපැල් සේවාව වන Australia Post ආයතනයේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. සීඝ්රයෙන්