Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) නිවේදනය කර තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ වීසා අයදුම්කරුවන්ගේ Fingerprints සහ facial photographs වැනි Biometric information ලබාගනිමින් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමට කටයුතු කරනවා.

මෑතකදී ඉන්දියාව, මොංගෝලියාව සහ ලාඕසය යන රටවල වීසා අයදුම්කරුවන් සඳහාද Biometrics අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමත් සමඟ මෙම වැඩසටහන තවදුරටත් පුළුල් වී තිබෙනවා.

Advertisement

වීසා අයදුම්පත් සම්බන්ධ වංචා වැළැක්වීම, පුද්ගල අනන්‍යතාව නිවැරදිව තහවුරු කිරීම සහ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ ආරක්ෂාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණු අතර වනවා.

මේ අතර සුදුසුකම් ලබන වීසා අයදුම්කරුවන්ට Australian Immi App එක හරහා සිය Biometrics අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ද අවස්ථාව ලබාදී තිබෙනවා.

Banner 01

මෙම App එක භාවිත කරමින් ගමන් බලපත්‍රයේ තොරතුරු සහ facial photograph එක ආරක්ෂිතව ඉදිරිපත් කළ හැකි අතර, සුදුසුකම් ලබන පුද්ගලයන්ට Biometrics Collection Centre වෙත පැමිණීමේ අවශ්‍යතාව ද ඉවත් වනවා.

Australian Immi App එක භාවිතය සඳහා අමතර ගාස්තුවක් අය නොකිරීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත්, සියලුම වීසා අයදුම්කරුවන්ට මෙම පහසුකම හිමි නොවන අතර, Biometrics ලබාදිය යුතු පුද්ගලයන්ට සහ අදාළ ක්‍රමවේදයට සම්බන්ධ උපදෙස් Department of Home Affairs විසින් සෘජුව දැනුම් දෙනවා.

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කරන සුදුසුකම් ලත් පුද්ගලයන්ට ද Australian Immi App භාවිත කිරීමේ පහසුකම පවතිනවා.

කෙසේ වෙතත්, මෙම App එක භාවිත කිරීමට Biometrics ඉදිරිපත් කරන ලෙස ලැබුණු ලිපියේ Visa Lodgement Number (VLN) අංකය AUI යන අකුරුවලින් ආරම්භ විය යුතුයි.

එසේ නොවන අයදුම්කරුවන්ට අදාළ Biometrics Collection Centre වෙත පැමිණීමට සිදුවනවා.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා ඔස්ට්‍රේලියානු රජයේ නිල වෙබ් අඩවියට පිවිසිය හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ නව යොවුන් වියේ පසුවන දරුවන් පවා අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වෙමින් සිටින බවට Australian Federal පොලිසිය අනතුරු අඟවා...

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසර සඳහා වන VCE අවසන් ලිඛිත විභාග අද ආරම්භ වුණා. ප්‍රාන්තය පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 584කදී සිසුන්...

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා...

ග්‍රීසියේ සිට ඔස්ට්‍රේලියාවේ Melbourne වෙත කොකේන් නම් තහනම් මත්ද්‍රව්‍ය ගෙන්වූ පුද්ගලයින් තිදෙනෙක් ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැව භාවිතයෙන්...

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම්...

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24...

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa නීතිවල සිදුකරන නව වෙනස්කම් හේතුවෙන්, ග්‍රාමීය ප්‍රදේශ වල රැකියා කිරීමට පැමිණෙන තරුණ විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩුවිය හැකි...

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන්...

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉදිකිරීමේ වියදම් ඉහළ යාමත් සමඟ, අඩු මිලට ඉදිකිරීම් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා චීන නිෂ්පාදකයින් වෙත යොමු වීමට ඇතැම්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට අලුත් ක්‍රමවේදයක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට අලුත් ක්‍රමවේදයක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Read More »

Sydney මගීන්ට සුබ ආරංචියක් – අලුත් Metro දුම්රිය සේවාව අද සිට

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා. වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ දිගම Water Slide එක මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි Whittlesea ප්‍රදේශයේ Funfields Themepark Parkහි

Read More »

අද Sydney Airport යනවාද? ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන්නේ වැටුප්

Read More »

Australia Post අනාගතය අවිනිශ්චිතයි – වසර 217ක සේවාවට විශේෂ විමර්ශනයක්

ඔස්ට්‍රේලියාවේ වසර 217ක ඉතිහාසයක් ඇති ජාතික තැපැල් සේවාව වන Australia Post ආයතනයේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. සීඝ්‍රයෙන්

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පනවයි

උතුරු කොරියාවේ නීතිවිරෝධී න්‍යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහන්වලට මුදල් සැපයීම අඩපණ කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් නව සම්බාධක ක්‍රියාත්මක කර තිබෙනවා. 2026 ඔක්තෝබර්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom