

RBA පොලී වැඩි කළා – දැන් අනෙක් බැංකු මොනවා කරයිද?
ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

ඔස්ට්‍රේලියාවේ පැරණිතම දෙපාර්තමේන්තු වෙළඳසැල් ජාලයක් වන David Jones, සිය වෙළඳසැල් 26ක් දක්වා වසා දැමීමට සූදානම් වන බවට වාර්තා පළ වී තිබෙනවා.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක වුවහොත්, ඔස්ට්‍රේලියාව සහ New Zealand පුරා පවතින වෙළඳසැල් 38ක ජාලය වෙළඳසැල් 12ක් දක්වා අඩු විය හැකියි.
වසා දැමීමට සලකා බලන ස්ථාන අතර Westfield සාප්පු සංකීර්ණවල පිහිටි වෙළඳසැල් පහක්ද ඇතුළත් වන බව සඳහන්.

මෙම තත්ත්වයට බලපා ඇති ප්‍රධාන කරුණක් වන්නේ, සමාගමට ඔක්තෝබර් 30 වැනිදාට පෙර සිය 2026 මූල්‍ය වාර්තා Australian Securities and Investments Commission වෙත ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි.
සමාගම පසුගිය මූල්‍ය වර්ෂයේදී ඩොලර් මිලියන 95.5ක බදු පෙර පාඩුවක් වාර්තා කර ඇති අතර, ප්‍රධාන වෙළඳ නාම කිහිපයක්ද David Jones වෙතින් ඉවත් වී තිබෙනවා.
කෙසේ වෙතත්, වෙළඳසැල් වසා දැමීම පිළිබඳ නිශ්චිත තීරණයක් සමාගම මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ වෙළඳසැල් ජාලය සහ සැපයුම්කරුවන් සමඟ පවතින ගිවිසුම් සමාලෝචනය කරමින් සිටින බවයි.
වසර 188ක ඉතිහාසයක් ඇති David Jones සමාගමේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවක් මතුව ඇති අතර, මෙම තීරණය ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳ ක්ෂේත්‍රයටද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකියි.
ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන...
රුසියාව ඇතුළු විදේශීය රටවල් විසින් සිදුකරන සයිබර් ප්‍රහාර සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට බරපතළ තර්ජනයක් එල්ල විය...
මෙම දිනවල වික්ටෝරියා ප්‍රාන්තයට බලපා තිබෙන තද වැසි සහ කුණාටු සහිත කාලගුණ තත්වයත් සමග ඇතිවිය හැකි සෞඛ්‍ය අවධානමක් පිළිබඳව VicEmergency...
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි බව සංචිත බැංකුවේ (RBA) අධිපතිනි Michele Bullock පවසනවා....
ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Mater රෝහල් ජාලය සිය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා, බාහිර ආයතන වෙත පැවරීමට ගත් තීරණයක් හේතුවෙන් සේවක තනතුරු...
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතය යළිත් ඉහළ දැමීමට Reserve Bank of Australia හෙවත් RBA පියවර ගනු ඇතැයි ආර්ථික විශේෂඥයන් අපේක්ෂා කරනවා. අද...
New South Wales ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශයක සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Bourke නගරයට කිලෝමීටර් 190ක්...
ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සහ ඇතැම් වීසා තීරණ සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියට අදාළ නව නීති සංශෝධන කිහිපයක් අද (01) සිට ක්‍රියාත්මක වීමට...

ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. Department of Home Affairs

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. Victoria

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය Victoria ප්‍රාන්තයේ වැඩකරන ජනතාවට දැඩි බලපෑමක් එල්ල වූ බව ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. විත්තිකාරියට

ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. Jobs and Skills Australia ආයතනයේ