Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

රුසියාව ඇතුළු විදේශීය රටවල් විසින් සිදුකරන සයිබර් ප්‍රහාර සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවට සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

විශේෂයෙන් රුසියාව විසින් සයිබර් ප්‍රහාර, අසත්‍ය තොරතුරු ප්‍රචාරණය, ආර්ථික බලපෑම් සහ දේශපාලන මැදිහත්වීම් ඇතුළත් දෙමුහුන් යුද ක්‍රමවේදයක් (Hybrid Warfare) භාවිත කරන බවට චෝදනා එල්ල වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

Royal Melbourne Institute of Technology (RMIT) විශ්වවිද්‍යාලයේ සයිබර් ආරක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය Matthew Warren පවසන්නේ, මෙවැනි තොරතුරු යුද්ධයකට මුහුණදීම සඳහා ඔස්ට්‍රේලියාව තවමත් ප්‍රමාණවත් සූදානමක නොසිටින බවයි.

Advertisement

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වුවද, අසත්‍ය තොරතුරු ප්‍රචාරණය හරහා ජනතාවගේ දේශපාලන තීරණවලට බලපෑම් කිරීමේ අවදානමක් මින් එල්ල විය හැකි බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාව භූගෝලීයව දුරස්ව පිහිටා තිබුණ ද, දුරස්ථව සිට එල්ල වන සයිබර් ප්‍රහාර සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණයෙන් ඔස්ට්‍රේලියාවට ආරක්ෂා විය නොහැකි බවද මහචාර්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Banner 01

මේ අතර රුසියාවට අමතරව චීනය, ඉරානය සහ උතුරු කොරියාව වැනි රටවලින් එල්ල වන සයිබර් තර්ජන පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවයි විශේෂඥයින් පවසන්නේ.

විශේෂයෙන් 2019 සිට 2024 දක්වා කාලය තුළ සිදුවූ සයිබර් ප්‍රහාර 200කට අධික සංඛ්‍යාවක් චීනයට සම්බන්ධ MirrorFace නම් හැකර් කණ්ඩායමක් විසින් සිදුකළ බවට ජපාන බලධාරීන් චෝදනා කර තිබෙනවා.

AI තාක්ෂණයේ දියුණුවත් සමඟ ව්‍යාජ තොරතුරු හඳුනාගැනීම තවදුරටත් අපහසු වී ඇති අතර, එමඟින් ජනතාවගේ තීරණවලට සහ මැතිවරණ ක්‍රියාවලි වලටද බලපෑම් ඇතිවිය හැකි බවයි විශේෂඥයින් අනතුරු අඟවන්නේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, සයිබර් ආරක්ෂණ පුහුණුව පුළුල් කිරීම සහ අසත්‍ය තොරතුරු හඳුනාගැනීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කර සිටිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ලොව පුරා යුද ගැටුම්වලදී ප්‍රහාරක ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාමත් සමඟ, සිය ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඊශ්‍රායලයේ Iron Dome...

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය වෛද්‍ය සේවා සඳහා අමතර මුදලක් ගෙවීමකින් තොරව ප්‍රතිකාර ලබාගැනීමට හැකි ජනතාවගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. Royal Australian College...

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය අවට සුළි කුණාටුවක් ගමන් කිරීමත් සමඟ ප්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණික තත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ...

නවසීලන්තයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට වසර 13කට පසු ව වඩාත් වාසිදායක විනිමය අනුපාතයක් හිමිව තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානු ඩොලරයේ...

මෙම දිනවල වික්ටෝරියා ප්‍රාන්තයට බලපා තිබෙන තද වැසි සහ කුණාටු සහිත කාලගුණ තත්වයත් සමග ඇතිවිය හැකි සෞඛ්‍ය අවධානමක් පිළිබඳව VicEmergency...

භින්නෝන්මාදය සහ ඔටිසම් තත්ත්වය වැනි සංකීර්ණ මානසික හා ස්නායු සංවර්ධන තත්ත්වයන් වලට බලපාන හේතු සෙවීම සඳහා ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් කුඩා මත්ස්‍ය...

ඔස්ට්‍රේලියාවේ WA Police හදිසි සිදුවීම් වෙත ඉක්මනින් ළඟා වීමේ අරමුණින් ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා භාවිතය පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. Perth...

ඔස්ට්‍රේලියාවේ Perth ගුවන් තොටුපළ ඩොලර් බිලියන 3ක වියදමින් නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරි වසර පහේ සිට හය...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවත් ඉලක්ක විය හැකි සයිබර් යුද්ධයක් ගැන අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවත් ඉලක්ක විය හැකි සයිබර් යුද්ධයක් ගැන අනතුරු ඇඟවීමක්

රුසියාව ඇතුළු විදේශීය රටවල් විසින් සිදුකරන සයිබර් ප්‍රහාර සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවට සයිබර් ආරක්ෂණ විශේෂඥයින්

Read More »

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතිවිය හැකි සුළි කුණාටු අවධානමක් පිලිබඳ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය අවට සුළි කුණාටුවක් ගමන් කිරීමත් සමඟ ප්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණික තත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශ වලට තද

Read More »

Melbourneහි One Nation අපේක්ෂකයා වික්ටෝරියානු මැතිවරණ සටනින් ඉවත් වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට One Nation පක්ෂයෙන් Melbourne ආසනය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි Matthew Collins සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහුගේ පැරණි සමාජ මාධ්‍ය

Read More »

ලබන සතියේදී ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තව දුරටත් ඉහළ යයිද?

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ලබන සතියේ නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට Reserve Bank of Australia (RBA) පියවර ගනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවනවා. නවතම

Read More »

Queenslandහි සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටෙයි

Queensland ප්‍රාන්තයේ Gold Coastහි පැවැති ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් අතරතුර තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Coolangatta Beach වෙරළ තීරයේ පැවැති Red

Read More »

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට Period Pain සඳහා වැටුප් සහිත නිවාඩු ? – පිරිමින්ටත් අදාළ Paid Leave යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව ඇතුළු ප්‍රජනක සෞඛ්‍ය ගැටලු සඳහා වසරකට අමතර වැටුප් සහිත නිවාඩු දින 10ක් ලබාදීමේ යෝජනාවක් පිළිබඳව ෆෙඩරල් මට්ටමින් අවධානය යොමුව තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom