Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

New South Wales ප්‍රාන්තයේ café සහ coffee shop සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නව coffee cup නීති දෙකක්, ව්‍යාපාරිකයන්ගේ දැඩි විරෝධය හමුවේ ඉවත් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

NSW රජය පසුගියදා නිවේදනය කළේ, කැෆේ තුළ සිට කෝපි පානය කරන පාරිභෝගිකයන්ට පිඟන් මැටි කෝප්ප හෝ වීදුරු කෝප්ප ලබාදීම අනිවාර්ය කිරීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොකරන බවයි.

එමෙන්ම නැවත භාවිත කළ හැකි කෝපි කෝප්ප ලබාදීමේ වැඩසටහන්වලට (Reusable Cup Schemes) සම්බන්ධ වීම ද ව්‍යාපාරිකයන්ගේ කැමැත්ත මත පමණක් සිදුවන අතර, ඒ සඳහා කිසිදු අනිවාර්ය නීතියක් ක්‍රියාත්මක නොකරන බව රජය ප්‍රකාශ කර තිබෙනවා.

Advertisement

NSW පරිසර අමාත්‍ය Penny Sharpe සඳහන් කරන්නේ, කුඩා ව්‍යාපාරිකයන් මුහුණ දෙන ආර්ථික අපහසුතා සහ අමතර වියදම් පිළිබඳ ඉදිරිපත් වූ පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

මුල් සැලැස්ම අනුව 2028 වසරේ සිට කැෆේ තුළ කෝපි පානය කරන පාරිභෝගිකයන්ට Reusable Cup ලබාදීම අනිවාර්ය කිරීමට නියමිතව තිබුණා.

Banner 01

කෙසේ වෙතත්, නව කෝප්ප මිලදී ගැනීම, ඒවා පිරිසිදු කිරීම සහ අමතර සේවක වියදම් දැරීමට සිදුවීම හේතුවෙන් තම ව්‍යාපාරවලට ආර්ථික පීඩනයක් ඇතිවන බවයි කැෆේ හිමියන් පෙන්වා දී ඇත්තේ.

එහෙත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා හඳුන්වා දුන් අනෙකුත් නීති තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව 2028 වසරේ සිට එක්වරක් පමණක් භාවිත කරන Takeaway Coffee Cups ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ආකාරයෙන් නිෂ්පාදනය කළ යුතු අතර, පාරිභෝගිකයන් රැගෙන එන පිරිසිදු Reusable Cups භාරගැනීම ද අදාළ ව්‍යාපාර සඳහා අනිවාර්ය වනවා.

මීට අමතරව Plastic Bread Tags, Balloon Sticks, Microbeads සහ කුඩා ප්ලාස්ටික් සෝයා සෝස් බහාලුම් ඇතුළු ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් සම්බන්ධයෙන් ද නව සීමා සහ නීති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

NSW රජය අවධාරණය කරන්නේ, පරිසර දූෂණය අවම කිරීමේ අරමුණ වෙනස් නොවන නමුත්, කුඩා ව්‍යාපාරවලට අමතර ආර්ථික බරක් පැටවීමෙන් තොරව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, අත්හැර දැමීමට තීරණය කළ නීතිමය විධිවිධාන තවමත් නිල වශයෙන් අවලංගු කර නොමැති අතර, ඒවා බලාත්මක නොකරන බව NSW පරිසර ආරක්ෂණ අධිකාරිය තහවුරු කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ පිටත ප්‍රදේශවල ජනගහනය වේගයෙන් ඉහළ යාමත් සමඟ මාර්ග තදබදය ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Greens පක්ෂය සියලුම බදු ගෙවන්නන්ට සතියකට ඩොලර් 21ක බදු සහනයක් ලබාදීමටත්, සුබසාධන දීමනා ඉහළ නැංවීමටත් එම පක්ෂයේ පළමු ප්‍රතිපත්ති...

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards...

ඔස්ට්‍රේලියාවේ Western Australia ප්‍රාන්තය, නිවාසවල සාමාන්‍ය විදුලි පේනු හරහා සම්බන්ධ කළ හැකි කුඩා සූර්ය පැනල සහ බැටරි භාවිතයට අවසර ලබාදීමේ...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

Melbourne Market Authority හි නව සභාපතිවරයා ලෙස Paul Guerra පත් කිරීමත් සමඟ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සියලුම දෙනා ඉල්ලා අස්වීමට...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා ක්‍රියාත්මක Employer Nomination Scheme හෙවත් Subclass 186 වීසා වැඩසටහන යටතේ සේවායෝජකයා ඉදිරිපත් කරන නාමයෝජනාව ප්‍රතික්ෂේප...

ලොව පුරා යුද ගැටුම්වලදී ප්‍රහාරක ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාමත් සමඟ, සිය ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඊශ්‍රායලයේ Iron Dome...

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

NSWහි Coffee Cup Rules වෙනස් කිරීමට රජයෙන් තීරණයක්

Melbourneහි වසර 32ක් පැරණි ජනප්‍රිය අවන්හලක් වසා දමයි

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්‍රදේශයේ පිහිටි Ocha

Read More »

$ මිලියන 10ක සුඛෝපභෝගී නිවසක පැවති Halloween සාදයක් අවසන් වූ හැටි

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා. සිඩ්නි නගරයේ Clovelly Beach

Read More »

Facebook වංචාවකට හසුවූ වික්ටෝරියාවේ කාන්තාවකට $ 20,000කට වැඩි මුදලක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා. Ashley

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත 17 වැනි වරටත් ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය හිමියන්ට දැඩි පීඩනයක් ඇති කරන

Read More »

නොවැම්බර් 2ට පෙර Tax Return ඉදිරිපත් නොකළොත් වෙන දේ

ඔස්ට්‍රේලියාවේ 2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ Tax Returns ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව ඇති බව Australian Taxation Office

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom