Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese, යුරෝපා සංගමය සමඟ ඇති කරගත් Free Trade Agreement හෙවත් නිදහස් වෙළද ගිවිසුමට විරෝධය පළ කරන දේශපාලන පාර්ශ්වවලට දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.

මෙම ගිවිසුමට සහය නොදැක්වීම ඔස්ට්‍රේලියාවේ ආර්ථික අනාගතයට හානි කරන Nativist Politics හෙවත් විදේශීය වෙළෙඳාමට සීමා පනවන දේශපාලන ප්‍රවණතාවක් බවයි අගමැතිවරයා පවසන්නේ.

වසර අටක සාකච්ඡාවලින් පසු 2026 මාර්තු මාසයේදී අවසන් කළ මෙම ගිවිසුම තවමත් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැති බවටයි සදහන්.

Advertisement

මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් යුරෝපයෙන් ආනයනය කරන ආහාර, වයින්, මෝටර් රථ සහ ඇඳුම් මිල අඩුවීමටත් ඔස්ට්‍රේලියානු අපනයන සඳහා නව වෙළෙඳපොළ අවස්ථා ඇතිවීමටත් ඉඩ සැලසෙනු ඇති බවටයි වාර්තා වන්නේ .

එමගින් ඔස්ට්‍රේලියානු භාණ්ඩ හා සේවා අපනයනවලින් 98% ක් තීරුබදු රහිතව සිදුකිරීමට හැකි වන අතර රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 10ක වර්ධනයක් ලැබෙනු ඇති බවයි අගමැති Albanese පෙන්වා දෙන්නේ.

Banner 01

කෙසේ වෙතත්, ගිවිසුම මගින් ගොවීන්ට සහ වානේ කර්මාන්තයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව Nationals පක්ෂය සහ ගොවි සංවිධාන විරෝධය පළ කර තිබෙන බවට සදහන්.

විපක්ෂ නායක Angus Taylor ද මෙම ගිවිසුම නැවත සාකච්ඡා කළ යුතු බව පවසන අතර, Greens පක්ෂයද තවමත් අවසන් සහයෝගය ලබාදීමට එකඟ වී නොමැති බැවින් ගිවිසුමේ අනාගතය පිළිබඳ දේශපාලන විවාදය තවදුරටත් උණුසුම් වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ජනප්‍රිය Sunscreen නිෂ්පාදන කිහිපයක් ලේබලවල සඳහන් පරිදි හිරු කිරණවලින් ආරක්ෂාව ලබා නොදෙන බව අනාවරණය වීමත් සමඟ, ඔස්ට්‍රේලියාවේ Sunscreen නිෂ්පාදන නියාමනය...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය 2026–27 වසර සඳහා වන නිපුණතා සංක්‍රමණ නාමයෝජනා වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, Subclass 190 නිපුණතා නාමයෝජනා...

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 91.8%ක් උපාධිය සම්පූර්ණ කර වසර තුනකට පසු පූර්ණකාලීන රැකියාවල නිරතව සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. 2026...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර...

SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට...

වික්ටෝරියා ප්‍රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්‍රී Helen Hainesගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින...

ලොව ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Apple, සිය ඉතිහාසයේ පළමු වරට touchscreen MacBook Pro Laptop එකක් නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Emergency Services Minister සහ Frankston ප්‍රදේශය නියෝජනය කරන Labor මන්ත්‍රී Paul Edbrooke හට එල්ල වූ තර්ජනයක් සම්බන්ධයෙන්...

ඔස්ට්‍රේලියාවේ Western Australia ප්‍රාන්තය, නිවාසවල සාමාන්‍ය විදුලි පේනු හරහා සම්බන්ධ කළ හැකි කුඩා සූර්ය පැනල සහ බැටරි භාවිතයට අවසර ලබාදීමේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

යුරෝපා වෙළඳ ගිවිසුමට ඇති විරෝධය ගැන අගමැතිගෙන් දැඩි විවේචනයක්

යුරෝපා වෙළඳ ගිවිසුමට ඇති විරෝධය ගැන අගමැතිගෙන් දැඩි විවේචනයක්

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese, යුරෝපා සංගමය සමඟ ඇති කරගත් Free Trade Agreement හෙවත් නිදහස් වෙළද ගිවිසුමට විරෝධය පළ කරන දේශපාලන පාර්ශ්වවලට දැඩි විවේචනයක් එල්ල කර

Read More »

ඔස්ට්‍රේලියානු හමුදා සෙබළුන් ගැන අනපේක්ෂිත හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ (Australian Defence Force – ADF) සාමාජිකයන්ගෙන් සියයට 25කට ආසන්න පිරිසක් වෛද්‍යමය හේතු මත යුද මෙහෙයුම් සඳහා යෙදවීමට නුසුදුසු තත්ත්වයක සිටින බව අනාවරණය

Read More »

ඔස්ට්‍රේලියාවේ දැන් කෑම ගෙදරට ගේන්නේ Robotsලා

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රොබෝ යන්ත්‍ර මඟින් ආහාර නිවෙස් වෙත බෙදාහැරීමේ සේවාවක් Queensland ප්‍රාන්තයේ Gold Coast නගරයේදී අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. DoorDash සහ Serve Robotics

Read More »

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට අලුත් ක්‍රමවේදයක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Read More »

Sydney මගීන්ට සුබ ආරංචියක් – අලුත් Metro දුම්රිය සේවාව අද සිට

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා. වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ දිගම Water Slide එක මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි Whittlesea ප්‍රදේශයේ Funfields Themepark Parkහි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom