Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ (Australian Defence Force – ADF) සාමාජිකයන්ගෙන් සියයට 25කට ආසන්න පිරිසක් වෛද්‍යමය හේතු මත යුද මෙහෙයුම් සඳහා යෙදවීමට නුසුදුසු තත්ත්වයක සිටින බව අනාවරණය වී තිබෙනවා.

ඊයේ පැවති ඔස්ට්‍රේලියානු සෙනෙට් සභාවේ අයවැය ඇස්තමේන්තු විමර්ශන කමිටු රැස්වීමකදී ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් මේ බව තහවුරු කළා.

ස්වාධීන සෙනෙට් සභික David Pocock විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආරක්ෂක හමුදාවේ පුද්ගල කළමනාකරණ ප්‍රධානී Lieutenant General Natasha Fox සඳහන් කළේ, හමුදා සාමාජිකයන්ගෙන් සියයට 75කට වැඩි පිරිසක් පමණක් මෙහෙයුම් සඳහා යෙදවිය හැකි වෛද්‍ය වර්ගීකරණයක සිටින බවයි.

Advertisement

කෙසේ වෙතත්, මෙහෙයුම් සඳහා යෙදවිය නොහැකි සියලුම සාමාජිකයන් ස්ථිරවම අසනීප තත්ත්වයක පසුවන බව ඉන් අදහස් නොවන අතර, තාවකාලික ආබාධ සහ පුනරුත්ථාපන ප්‍රතිකාර ලබන පිරිස් ද ඊට ඇතුළත් වනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ හමුදා කඳවුරුවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද නව ගැටලු මතුව තිබෙනවා.

Banner 01

Newcastle නගරයට උතුරින් පිහිටි Williamtown ගුවන් හමුදා කඳවුර ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා අවස්ථා කිහිපයකදී නිරීක්ෂණය වී ඇති බවයි ආරක්ෂක බලධාරීන් අනාවරණය කර ඇත්තේ.

මෙම කඳවුර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන F-35 ප්‍රහාරක ගුවන් යානා මධ්‍යස්ථානයක් වන අතර, එහි ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පුරා පිහිටි හමුදා කඳවුරු 170කට ආසන්න සංඛ්‍යාවක ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා Albanese රජය නව නීති කෙටුම්පතක් ඔක්තෝබර් 27 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

එම නීති ක්‍රියාත්මක වුවහොත් හමුදා කඳවුරුවලට තර්ජනයක් වන ඩ්‍රෝන යානා හඳුනාගැනීමට, නිරීක්ෂණය කිරීමට සහ අවශ්‍ය අවස්ථාවලදී ඒවා අක්‍රිය කිරීමට හෝ විනාශ කිරීමට ආරක්ෂක අංශවලට නීතිමය බලතල හිමිවනු ඇති.

කෙසේ වෙතත්, මෙම නීති කෙටුම්පත තවමත් පාර්ලිමේන්තු සලකා බැලීමේ ක්‍රියාවලියේ පවතිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Kyneton ප්‍රදේශයේ නිවසකින් සහ පෞරාණික භාණ්ඩ අලෙවිසැලකින් දේශීය වනජීවී සතුන් 700කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකුට...

One Nation පක්ෂය තුළ බෙදීම් ඇති කිරීමට ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese උත්සාහ කරන බවට පක්ෂ නායිකා Pauline Hanson චෝදනා කර...

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා දේශපාලනඥයන් Social Media සහ ජනප්‍රිය අන්තර්ජාල නිර්මාණකරුවන් වැඩි වශයෙන් භාවිත කිරීමට...

AI තාක්ෂණය වේගයෙන් දියුණු වීමත් සමඟ සයිබර් අපරාධවල අවදානම පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ යමින් පවතින බව ඔස්ට්‍රේලියාවේ සයිබර් ආරක්ෂක...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ පිටත ප්‍රදේශවල ජනගහනය වේගයෙන් ඉහළ යාමත් සමඟ මාර්ග තදබදය ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර...

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සංක්‍රමණික කාන්තාවන් දහස් ගණනකට තම අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය පළපුරුද්දට සරිලන රැකියාවක් ලබා ගැනීම තවමත් බරපතළ අභියෝගයක්...

  ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා ක්‍රියාත්මක දැඩි student visa නීති සංශෝධනය කිරීමට labor රජය පියවර ගනිමින් සිටින බවට සදහන් වී...

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා 2027 වසරේදී අමතර සිසුන් 23,000කට අවස්ථාව ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු හමුදා සෙබළුන් ගැන අනපේක්ෂිත හෙළිදරව්වක්

යුරෝපා වෙළඳ ගිවිසුමට ඇති විරෝධය ගැන අගමැතිගෙන් දැඩි විවේචනයක්

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese, යුරෝපා සංගමය සමඟ ඇති කරගත් Free Trade Agreement හෙවත් නිදහස් වෙළද ගිවිසුමට විරෝධය පළ කරන දේශපාලන පාර්ශ්වවලට දැඩි විවේචනයක් එල්ල කර

Read More »

ඔස්ට්‍රේලියානු හමුදා සෙබළුන් ගැන අනපේක්ෂිත හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ (Australian Defence Force – ADF) සාමාජිකයන්ගෙන් සියයට 25කට ආසන්න පිරිසක් වෛද්‍යමය හේතු මත යුද මෙහෙයුම් සඳහා යෙදවීමට නුසුදුසු තත්ත්වයක සිටින බව අනාවරණය

Read More »

ඔස්ට්‍රේලියාවේ දැන් කෑම ගෙදරට ගේන්නේ Robotsලා

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රොබෝ යන්ත්‍ර මඟින් ආහාර නිවෙස් වෙත බෙදාහැරීමේ සේවාවක් Queensland ප්‍රාන්තයේ Gold Coast නගරයේදී අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. DoorDash සහ Serve Robotics

Read More »

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට අලුත් ක්‍රමවේදයක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Read More »

Sydney මගීන්ට සුබ ආරංචියක් – අලුත් Metro දුම්රිය සේවාව අද සිට

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා. වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ දිගම Water Slide එක මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි Whittlesea ප්‍රදේශයේ Funfields Themepark Parkහි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom