Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ විදේශීය රියදුරු බලපත්‍ර Australian Driver’s Licence බවට පරිවර්තනය කිරීමේ නීති අද සිට ප්‍රාන්ත දෙකක ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව Western Australia සහ Queensland ප්‍රාන්තවලදී රටවල් 14කින් නිකුත් කළ රියදුරු බලපත්‍ර හිමි සුදුසුකම් ලත් පුද්ගලයන්ට Theory Test සහ Practical Driving Test නොමැතිව ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.

පසුගිය වසරේ හඳුන්වා දුන් දැඩි නීති හේතුවෙන් මෙම රටවල රියදුරන්ට විභාග සඳහා පෙනී සිටීමට සිදුවූ අතර, නව ඇගයීමකින් පසුව එම තීරණය වෙනස් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Advertisement

නව සහනය හිමිවන රටවල් 14 වන්නේ:

Bulgaria
Cyprus
Czech Republic
Estonia
Hungary
Latvia
Lithuania
Poland
Romania
Serbia
Slovakia
Slovenia
South Korea
Taiwan

Banner 01

මෙම රටවල රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද, අනන්‍යතාව තහවුරු කිරීමේ ආරක්ෂක පියවර සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ දත්ත සලකා බැලීමෙන් පසුව නව තීරණය ගෙන ඇති බව Austroads ආයතනය සඳහන් කරනවා.

අනෙකුත් ප්‍රාන්තවලට මෙම නීතිය ක්‍රියාත්මක වන දින:

Western Australia සහ Queensland – 2026 ඔක්තෝබර් 31
New South Wales, South Australia සහ Northern Territory – 2027 ජනවාරි 1
Tasmania – 2027 පෙබරවාරි 1

Victoria සහ Australian Capital Territory ප්‍රදේශවල මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වන දිනය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

මෙම වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාවේ Recognised Overseas Licences Scheme යටතේ පිළිගැනෙන විදේශීය රියදුරු බලපත්‍ර නිකුත් කරන රටවල් සහ ප්‍රදේශ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති අතර New Zealand සඳහා වෙනම විධිවිධාන ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත්, මෙම සහනය අදාළ වන්නේ සාමාන්‍ය මෝටර් රථ සහ යතුරුපැදි බලපත්‍ර සඳහා පමණක් වන අතර, බර වාහන රියදුරු බලපත්‍ර සඳහා වෙනම නීති ක්‍රියාත්මක වනවා.

එමෙන්ම විභාගවලින් නිදහස් වුවද, අයදුම්කරුවන් අදාළ ප්‍රාන්තයේ අනන්‍යතාව, පදිංචිය, සෞඛ්‍යය සහ අනෙකුත් බලපත්‍ර අවශ්‍යතා සපුරාලිය යුතුයි.

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍ර හිමියන්ට මෙම නව සහනය අදාළ නොවන අතර, ශ්‍රී ලංකාව මෙම අලුතින් පිළිගත් රටවල් 14 අතරට ඇතුළත් කර නැහැ.

ඔස්ට්‍රේලියාවට තාවකාලිකව පැමිණෙන සංචාරකයන්ට වලංගු විදේශීය රියදුරු බලපත්‍රයක් භාවිත කිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක නීති මෙම වෙනස්කම් හේතුවෙන් වෙනස් නොවන බව ද බලධාරීන් අවධාරණය කරනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

පාකිස්තානය පරාජය කරමින් තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. දිල්ශාන් මදුසංකගේ විශිෂ්ට...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස ණය වාරික හමුවේ, වසර 26කට ආසන්න කාලයක් තම පවුලේ නිවසේ ජීවත් වූ Sydney කාන්තාවකට එම නිවස...

Tasmania ප්‍රාන්තයට අයත් King Island දූපතේදී සංචාරකයන් 10 දෙනෙකු රැගත් කුඩා වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු ගුවන් මගින්...

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි...

භින්නෝන්මාදය සහ ඔටිසම් තත්ත්වය වැනි සංකීර්ණ මානසික හා ස්නායු සංවර්ධන තත්ත්වයන් වලට බලපාන හේතු සෙවීම සඳහා ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් කුඩා මත්ස්‍ය...

වික්ටෝරියාවේ Geelong ආසන්නයේ kayak බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ 60 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. East Geelong ප්‍රදේශයේ...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට මාසයක් පමණ ඉතිරිව තිබියදී නිකුත් වූ නවතම ජනමත සමීක්ෂණයකින් ලිබරල් සහ නැෂනල්...

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයියේ විශාල ත්‍යාග දිනාගත් පුද්ගලයන් භාවිත කළ ටිකට්පත් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී...

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

රටවල් 14ක අයට අද සිට විභාග නැතුවම Australian Licence

Melbourneහි වසර 32ක් පැරණි ජනප්‍රිය අවන්හලක් වසා දමයි

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්‍රදේශයේ පිහිටි Ocha

Read More »

$ මිලියන 10ක සුඛෝපභෝගී නිවසක පැවති Halloween සාදයක් අවසන් වූ හැටි

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා. සිඩ්නි නගරයේ Clovelly Beach

Read More »

Facebook වංචාවකට හසුවූ වික්ටෝරියාවේ කාන්තාවකට $ 20,000කට වැඩි මුදලක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා. Ashley

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත 17 වැනි වරටත් ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය හිමියන්ට දැඩි පීඩනයක් ඇති කරන

Read More »

නොවැම්බර් 2ට පෙර Tax Return ඉදිරිපත් නොකළොත් වෙන දේ

ඔස්ට්‍රේලියාවේ 2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ Tax Returns ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව ඇති බව Australian Taxation Office

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom