Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ යෝජිත ඩොලර් බිලියනයක් වටිනා ගල්අඟුරු පතල් ව්‍යාපෘතියකට ඉදිරි සැලසුම් කටයුතු කරගෙන යාම සඳහා Queensland ඉඩම් අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

Whitehaven Coal සමාගම විසින් යෝජනා කර ඇති මෙම Winchester South පතලෙන් වසරකට ගල්අඟුරු ටොන් මිලියන 17ක් පමණ නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි සදහන්.

කෙසේ වෙතත්, පතලේ ඉදිකිරීම් සහ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර Queensland ප්‍රාන්ත රජයේ සහ ෆෙඩරල් රජයේ අවසන් අනුමැතිය ලබාගත යුතු ව පවතින බවයි වාර්තා වන්නේ.

Advertisement

පරිසර සංරක්ෂණය වෙනුවෙන් කටයුතු කරන Australian Conservation Foundation සහ Mackay Conservation Group යන සංවිධාන දෙක මෙම ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණු අතර ඒ, පතල හේතුවෙන් පරිසරයට සිදුවිය හැකි බලපෑම්, දේශගුණික විපර්යාස සහ අනාගතයේ ගල්අඟුරු සඳහා පවතින ඉල්ලුම පිළිබඳ ගැටලු මුල් කරගෙනයි.

අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු අනුව, පතලේ ගල්අඟුරු දහනය කිරීමෙන් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.0003කින් ඉහළ යා හැකි බවත්, එමෙන්ම පතලේ සමස්ත මෙහෙයුම් කාලය තුළ කාබන් ඩයොක්සයිඩ් විමෝචන ටොන් මිලියන 557කට අධික ප්‍රමාණයක් නිකුත් විය හැකි බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

Banner 01

කෙසේ වෙතත්, පරිසරයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳ විරෝධතා තිබුණද, එම හේතු මත පමණක් ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කළ යුතු බවට ඉදිරිපත් කළ ප්‍රධාන තර්ක පිළිගැනීමට නොහැකි බව විනිසුරු Nicholas Loos සිය තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

ව්‍යාපෘතියෙන් Isaac කලාපයට රැකියා අවස්ථා සහ ආර්ථික ප්‍රතිලාභ හිමිවන බවත්, පතලේ සමස්ත මෙහෙයුම් කාලය තුළ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 696ක පමණ රාජ්‍ය ආදායමක් ලැබිය හැකි බවත් සඳහන්.

පතලේ ඉදිකිරීම් සහ මෙහෙයුම් කටයුතු හරහා රැකියා 500ක් පමණ නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවයි Whitehaven Coal සමාගම පවසන්නේ. මෙම පතලේ සමස්ත මෙහෙයුම් කාලය වසර 35ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් වසර 28ක් ගල්අඟුරු කැණීම සහ අපනයනය සඳහා වෙන් කිරීමට නියමිතයි.

අධිකරණ තීන්දුවෙන් පසු ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණය Queensland ප්‍රාන්ත රජය විසින් ගනු ඇති අතර, ඉන් අනතුරුව අවශ්‍ය ෆෙඩරල් අනුමැතියද ලබාගත යුතු වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese, යුරෝපා සංගමය සමඟ ඇති කරගත් Free Trade Agreement හෙවත් නිදහස් වෙළද ගිවිසුමට විරෝධය පළ කරන දේශපාලන...

2026 වසරේ ඔස්ට්‍රේලියාවේ ලිංගික නිදහස වැඩිම නගරය ලෙස මෙල්බන් නගරය නම් කර තිබෙනවා. Erobella පර්යේෂණ කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර...

New South Wales ප්‍රාන්තයේ café සහ coffee shop සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නව coffee cup නීති දෙකක්, ව්‍යාපාරිකයන්ගේ...

ඔස්ට්‍රේලියාවේ සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලැබෙන නිර්නාමික පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. Fair Work Ombudsman ආයතනයේ 2025–26 වාර්ෂික වාර්තාවට...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 250 බැගින් වටිනා විද්‍යුත් තෑගි කාඩ්පත් දිනාගැනීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ සඳහා Study...

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන්...

Halloween උත්සවය සැමරීමට සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම ඇඳුම් සඳහා තෝරාගන්නා අමතර උපාංග පිළිබඳව සැලකිලිමත් වන ලෙස නීතී බලධාරීන් අනතුරු අඟවා...

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය වෛද්‍ය සේවා සඳහා අමතර මුදලක් ගෙවීමකින් තොරව ප්‍රතිකාර ලබාගැනීමට හැකි ජනතාවගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. Royal Australian College...

  ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා ක්‍රියාත්මක දැඩි student visa නීති සංශෝධනය කිරීමට labor රජය පියවර ගනිමින් සිටින බවට සදහන් වී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

රැකියා 500කට දොර විවර කරන මතභේදාත්මක ගල්අඟුරු පතලට අධිකරණයෙන් කොළ එළියක්

Canberra පිහි ඇනුම පිටුපස නව යොවුන් වියේ තිදෙනෙක්

පසුගියදා ඔස්ට්‍රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට පොලිස් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More »

Melbourneහි වසර 32ක් පැරණි ජනප්‍රිය අවන්හලක් වසා දමයි

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්‍රදේශයේ පිහිටි Ocha

Read More »

$ මිලියන 10ක සුඛෝපභෝගී නිවසක පැවති Halloween සාදයක් අවසන් වූ හැටි

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා. සිඩ්නි නගරයේ Clovelly Beach

Read More »

Facebook වංචාවකට හසුවූ වික්ටෝරියාවේ කාන්තාවකට $ 20,000කට වැඩි මුදලක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා. Ashley

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත 17 වැනි වරටත් ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය හිමියන්ට දැඩි පීඩනයක් ඇති කරන

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom