Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ 2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ Tax Returns ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව ඇති බව Australian Taxation Office (ATO) ආයතනය ජනතාවට සිහිපත් කරනවා.

ඒ අනුව, තමන් විසින්ම Tax Return ඉදිරිපත් කරන පුද්ගලයන් නොවැම්බර් 2 වැනි සඳුදා රාත්‍රී 11.59ට පෙර සිය බදු වාර්තා ඉදිරිපත් කළ යුතු බවයි ATO ආයතනය නිවේදනය කර ඇත්තේ.

සාමාන්‍යයෙන් Tax Return ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ඔක්තෝබර් 31 වැනිදා වුවද, මෙවර එය සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන් අවසන් දිනය නොවැම්බර් 2 දක්වා දීර්ඝ කර තිබෙනවා.

Advertisement

නියමිත කාලයට බදු වාර්තා ඉදිරිපත් නොකරන පුද්ගලයන්ට දින 28ක ප්‍රමාද කාලයක් සඳහා ඩොලර් 364 බැගින්, උපරිම ඩොලර් 1,820ක් දක්වා දඩ මුදලක් පැනවිය හැකි බවට ද ATO ආයතනය අනතුරු අඟවනවා.

කෙසේ වෙතත්, ප්‍රමාද වන සෑම පුද්ගලයෙකුටම ස්වයංක්‍රීයව දඩ මුදලක් පනවන්නේ නැති අතර, පුද්ගලයාගේ පෙර බදු වාර්තා ඉදිරිපත් කිරීමේ ඉතිහාසය සහ අනෙකුත් තත්ත්වයන් සැලකිල්ලට ගන්නා බව සඳහන්.

Banner 01

ඔක්තෝබර් 19 වැනිදා නිකුත් කළ ATO දත්තවලට අනුව, මේ වනවිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 9ක් පමණ සිය ආදායම් බදු වාර්තා ඉදිරිපත් කර තිබුණද, තමන් විසින්ම වාර්තා සකස් කරන තවත් මිලියන 2කට ආසන්න පිරිසක් ඒ වනවිටත් Tax Return ඉදිරිපත් කර තිබුණේ නැහැ.

මේ අතර, අද (ඔක්තෝබර් 31) වනවිට ලියාපදිංචි Tax Agent කෙනෙකුගේ සේවාදායක ලැයිස්තුවට ඇතුළත් වී සිටින සුදුසුකම් ලත් පුද්ගලයන්ට 2027 මැයි මාසය දක්වා බදු වාර්තා ඉදිරිපත් කිරීමට අමතර කාලයක් හිමිවිය හැකියි.

එම අවසන් දිනය පුද්ගලයාගේ බදු තත්ත්වය අනුව වෙනස් විය හැකි බව ද සඳහන්.

H&R Block ආයතනයේ බදු සන්නිවේදන අධ්‍යක්ෂ Mark Chapman පෙන්වා දෙන්නේ, බදු වාර්තා ඉදිරිපත් කිරීම අවසන් මොහොත දක්වා කල් දැමීම ඔස්ට්‍රේලියානුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් බවයි.

විශේෂයෙන් අමතර බදු මුදලක් ගෙවීමට සිදුවේ යැයි ඇති බිය, බදු සහන පිළිබඳ අවබෝධයක් නොමැති වීම සහ අවශ්‍ය ලේඛන සකස් කිරීමේ අපහසුතා හේතුවෙන් ඇතැම් පුද්ගලයන් මෙම කටයුත්ත ප්‍රමාද කරන බව ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත්, බදු මුදලක් ගෙවීමට ඇති බිය නිසා Tax Return ඉදිරිපත් කිරීම කල් දැමීමෙන් ගෙවිය යුතු මුදල අඩු නොවන අතර, ඒ වෙනුවට අමතර දඩ සහ පොලී ගෙවීමට සිදුවිය හැකි බව ද ඔහු අවධාරණය කරනවා.

නියමිත කාලය තුළ බදු වාර්තා ඉදිරිපත් කිරීමට අපහසු පුද්ගලයන්ට හැකි ඉක්මනින් ATO ආයතනය සම්බන්ධ කරගෙන අවශ්‍ය සහාය ලබාගන්නා ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Emergency Services Minister සහ Frankston ප්‍රදේශය නියෝජනය කරන Labor මන්ත්‍රී Paul Edbrooke හට එල්ල වූ තර්ජනයක් සම්බන්ධයෙන්...

උතුරු කොරියාවේ නීතිවිරෝධී න්‍යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහන්වලට මුදල් සැපයීම අඩපණ කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් නව සම්බාධක...

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා දේශපාලනඥයන් Social Media සහ ජනප්‍රිය අන්තර්ජාල නිර්මාණකරුවන් වැඩි වශයෙන් භාවිත කිරීමට...

2028 වසරේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (MCG) පැවැත්වීමට සැලසුම් කර ඇති බවට...

ඔස්ට්‍රේලියාවේ Western Australia ප්‍රාන්තය, නිවාසවල සාමාන්‍ය විදුලි පේනු හරහා සම්බන්ධ කළ හැකි කුඩා සූර්ය පැනල සහ බැටරි භාවිතයට අවසර ලබාදීමේ...

ඔස්ට්‍රේලියාවේ අනාගත රැකියා වෙළෙඳපොළ තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හේතුවෙන් රැකියා අවස්ථා සහ වෘත්තීය තේරීම් වෙනස් විය හැකි බවට අවධානය යොමුව...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ...

ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ (Australian Defence Force – ADF) සාමාජිකයන්ගෙන් සියයට 25කට ආසන්න පිරිසක් වෛද්‍යමය හේතු මත යුද මෙහෙයුම් සඳහා යෙදවීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නොවැම්බර් 2ට පෙර Tax Return ඉදිරිපත් නොකළොත් වෙන දේ

Canberra පිහි ඇනුම පිටුපස නව යොවුන් වියේ තිදෙනෙක්

පසුගියදා ඔස්ට්‍රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට පොලිස් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More »

Melbourneහි වසර 32ක් පැරණි ජනප්‍රිය අවන්හලක් වසා දමයි

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්‍රදේශයේ පිහිටි Ocha

Read More »

$ මිලියන 10ක සුඛෝපභෝගී නිවසක පැවති Halloween සාදයක් අවසන් වූ හැටි

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා. සිඩ්නි නගරයේ Clovelly Beach

Read More »

Facebook වංචාවකට හසුවූ වික්ටෝරියාවේ කාන්තාවකට $ 20,000කට වැඩි මුදලක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා. Ashley

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත 17 වැනි වරටත් ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය හිමියන්ට දැඩි පීඩනයක් ඇති කරන

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom