

Melbourneහි වසර 32ක් පැරණි ජනප්රිය අවන්හලක් වසා දමයි
Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්රියව පැවති ජපන් අවන්හලක් සිය ව්යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්රදේශයේ පිහිටි Ocha

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්රියව පැවති ජපන් අවන්හලක් සිය ව්යාපාර කටයුතු නතර කර තිබෙනවා.
මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්රදේශයේ පිහිටි Ocha Japanese Restaurant නම් අවන්හලයි.
1994 වසරේදී Kew ප්රදේශයේ ආරම්භ කළ මෙම අවන්හල, 2010 වසරේදී Hawthorn හි Church Street වෙත ගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

අවන්හලේ හිමිකරුවන් වන Michelle Rogerson සහ Yasuhiko Yoshida පවසන්නේ පවතින ආර්ථික පීඩනය, ව්යාපාරික වියදම් ඉහළ යාම සහ අනාගතයේදී ව්යාපාරයේ දියුණුව පිළිබඳ අවිනිශ්චිතතාව හේතුවෙන් තවදුරටත් ව්යාපාරය පවත්වාගෙන යාම අපහසු වී ඇති බවයි.
COVID-19 වසංගත සමයේ වික්ටෝරියා ප්රාන්තයේ පැවති දිගුකාලීන වසා දැමීම් ඇතුළු අභියෝග රැසකටද මෙම ව්යාපාරයට මුහුණ දීමට සිදුව තිබූ බව ඔවුන් වැඩි දුරටත් පවසා තිබුනා.
හිමිකරුවන් විසින් ව්යාපාරය ස්වේච්ඡාවෙන් අවසන් කිරීම සඳහා Liquidator කෙනෙකු පත්කර ඇති අතර, ඉදිරියේදී නැවතත් වෙනත් ආකාරයකින් Ocha අවන්හල ආරම්භ කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බව පැවසෙනවා.
සිය පාරිභෝගිකයින්ට සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කරමින් අවන්හලේ හිමිකරුවන් සඳහන් කර ඇත්තේ අද වන විට ලෝකය බොහෝ වෙනස් වී තිබෙන බවයි.
ඔස්ට්රේලියාවේ විදේශීය රියදුරු බලපත්ර Australian Driver’s Licence බවට පරිවර්තනය කිරීමේ නීති අද සිට ප්රාන්ත දෙකක ලිහිල් කර තිබෙනවා. ඒ අනුව...
වික්ටෝරියා ප්රාන්තයේ වසරේ ගස ලෙස Geelong Botanic Gardens හි පිහිටි වසර 167ක් පැරණි Ginkgo ගස නම් කර තිබෙනවා. 1859 වසරේ...
ඔස්ට්රේලියාවේ Perth ගුවන් තොටුපළ ඩොලර් බිලියන 3ක වියදමින් නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරි වසර පහේ සිට හය...
වික්ටෝරියා ප්රාන්තය තුළ අලෙවි කළ Pasta නිෂ්පාදන වර්ග 6ක් ආපසු කැඳවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. එම නිෂ්පාදන තුළ ලෝහ කොටස්...
ඔස්ට්රේලියාවේ උද්ධමන අනුපාතය අපේක්ෂා කළ ප්රමාණයට වඩා ඉහළ යාමත් සමඟ ලබන සතියේ යළි පොලී අනුපාත ඉහළ දැමීමේ අවදානම දැඩි වී...
වික්ටෝරියා ප්රාන්තයේ Wallan ප්රදේශයේ 15 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට Social Media ඔස්සේ තොරතුරු පළවී තිබෙනවා. Krishleen Kaur නමැති මෙම...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයට මාසයක් පමණ ඉතිරිව තිබියදී නිකුත් වූ නවතම ජනමත සමීක්ෂණයකින් ලිබරල් සහ නැෂනල්...
ඔස්ට්රේලියාවේ Permanent Residency (PR) හිමි පුද්ගලයින් විදේශ සංචාරවල නිරත වීමේදී තම වීසා බලපත්රයේ නැවත ඔස්ට්රේලියාවට ඇතුළුවීමේ අවසරය පිළිබඳ විශේෂ අවධානයක්...
නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්රේලියාවේ University of Sydney විශ්වවිද්යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ...

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්රියව පැවති ජපන් අවන්හලක් සිය ව්යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්රදේශයේ පිහිටි Ocha

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා. සිඩ්නි නගරයේ Clovelly Beach

වික්ටෝරියා ප්රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා. Ashley

New South Wales ප්රාන්තයේ café සහ coffee shop සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නව coffee cup නීති දෙකක්, ව්යාපාරිකයන්ගේ දැඩි විරෝධය හමුවේ ඉවත් කිරීමට

ඔස්ට්රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය හිමියන්ට දැඩි පීඩනයක් ඇති කරන

ඔස්ට්රේලියාවේ 2025–2026 මූල්ය වර්ෂයට අදාළ Tax Returns ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව ඇති බව Australian Taxation Office