Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Brisbane සිට ජපානයේ Tokyo බලා පියාසර කරමින් තිබූ Jetstar ගුවන් යානයක්, මගියෙකුට ඇති වූ හදිසි වෛද්‍ය තත්ත්වයක් හේතුවෙන් යළි Brisbane ගුවන් තොටුපළ වෙත නැවත පැමිණ තිබෙනවා.

JQ9 දරන මෙම ගුවන් යානය ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද (30) උදෑසන 10.50ට පමණ ගමන් ආරම්භ කර ඇති අතර, පැය එකහමාරකට පමණ පසු මගියෙකු සිහිසුන්ව ඇද වැටීමත් සමඟ කාර්ය මණ්ඩලය වෛද්‍ය සහාය ඉල්ලා තිබෙන බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව, ගුවන් යානය Brisbane වෙත යළි ගොඩබස්වා ඇති අතර, එහිදී ගිලන් රථ සේවකයන් ඇතුළු හදිසි සේවා නිලධාරීන් ගුවන් යානයට පැමිණ අදාළ මගියා රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

Advertisement

කෙසේ වෙතත්, යානය ගොඩබැස්වීමෙන් පසුව මගීන්ට පැයකට අධික කාලයක් යානය තුළ රැඳී සිටීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිදුවීම හේතුවෙන් තම ගමන් සැලසුම්වලට දැඩි බාධා එල්ල වූ බව මගීන්ගෙන් චෝදනා එල්ල වන අතර, ගමන පැය හයකින් පමණ ප්‍රමාද විය හැකි බවයි වාර්තා වන්නේ.

මේ අතර, Jetstar ගුවන් සමාගම මෙම සිදුවීම තහවුරු කර ඇති අතර මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තම ප්‍රමුඛතාව බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Banner 01

අදාළ මගියාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ හදිසි තත්ත්වයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා දේශපාලනඥයන් Social Media සහ ජනප්‍රිය අන්තර්ජාල නිර්මාණකරුවන් වැඩි වශයෙන් භාවිත කිරීමට...

ඔස්ට්‍රේලියාව තුළ සිදුවන විවාහ ගිවිසගැනීම් සම්බන්ධ නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාව නිකුත් කර ඇත්තේ Australian Bureau of Statistics...

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත Bushmaster සන්නද්ධ හමුදා රථය, සතුරු ඩ්‍රෝන යානා විනාශ කිරීමට සහ කිලෝමීටර් 100ක් දුරින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල...

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉදිකිරීමේ වියදම් ඉහළ යාමත් සමඟ, අඩු මිලට ඉදිකිරීම් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා චීන නිෂ්පාදකයින් වෙත යොමු වීමට ඇතැම්...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය එළෙඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙම මැතිවරණය මඟින් ඉදිරි වසර හතර සඳහා ප්‍රාන්තය පාලනය කරන...

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසර සඳහා වන VCE අවසන් ලිඛිත විභාග අද ආරම්භ වුණා. ප්‍රාන්තය පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 584කදී සිසුන්...

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන්...

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්‍රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට...

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා 2027 වසරේදී අමතර සිසුන් 23,000කට අවස්ථාව ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ජපානය බලා ගිය Jetstar ගුවන් යානයක් යළි ඔස්ට්‍රේලියාවට

Second-Hand Cars ගැන රියදුරන්ට අලුත් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ පාවිච්චි කළ මෝටර් රථ මිලදී ගන්නා රියදුරන්ට, තමන් නොදැනුවත්ව ම තම පෞද්ගලිකත්වයට බලපෑම් ඇතිවිය හැකි අවදානමක් පිළිබඳ ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම,

Read More »

ජපානය බලා ගිය Jetstar ගුවන් යානයක් යළි ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාවේ Brisbane සිට ජපානයේ Tokyo බලා පියාසර කරමින් තිබූ Jetstar ගුවන් යානයක්, මගියෙකුට ඇති වූ හදිසි වෛද්‍ය තත්ත්වයක් හේතුවෙන් යළි Brisbane ගුවන් තොටුපළ වෙත නැවත

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුලක් මුදල් ඉතිරි කරගන්නා අපූරු ක්‍රමයක් සොයා ගනී

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මුදල් ඉතිරි කරගැනීමට පාරිභෝගිකයන් නව ක්‍රම සොයමින් සිටින පසුබිමක සුපිරි වෙළෙඳසැල්වල භාණ්ඩ මිල සංසන්දනය කිරීමට

Read More »

යුරෝපා වෙළඳ ගිවිසුමට ඇති විරෝධය ගැන අගමැතිගෙන් දැඩි විවේචනයක්

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese, යුරෝපා සංගමය සමඟ ඇති කරගත් Free Trade Agreement හෙවත් නිදහස් වෙළද ගිවිසුමට විරෝධය පළ කරන දේශපාලන පාර්ශ්වවලට දැඩි විවේචනයක් එල්ල කර

Read More »

ඔස්ට්‍රේලියානු හමුදා සෙබළුන් ගැන අනපේක්ෂිත හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ (Australian Defence Force – ADF) සාමාජිකයන්ගෙන් සියයට 25කට ආසන්න පිරිසක් වෛද්‍යමය හේතු මත යුද මෙහෙයුම් සඳහා යෙදවීමට නුසුදුසු තත්ත්වයක සිටින බව අනාවරණය

Read More »

ඔස්ට්‍රේලියාවේ දැන් කෑම ගෙදරට ගේන්නේ Robotsලා

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රොබෝ යන්ත්‍ර මඟින් ආහාර නිවෙස් වෙත බෙදාහැරීමේ සේවාවක් Queensland ප්‍රාන්තයේ Gold Coast නගරයේදී අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. DoorDash සහ Serve Robotics

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom