Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා.

Ashley Grey නමැති මෙම කාන්තාව මාර්තු මාසයේදී Facebook ඔස්සේ දුටු අමතර ආදායමක් උපයාගත හැකි බව සඳහන් දැන්වීමක් මත ක්ලික් කිරීමෙන් පසුව මෙම වංචාවට හසුව ඇති බව වාර්තා වනවා.

Affiliate Marketing නමින් හඳුන්වා දුන් මෙම ව්‍යාජ ආදායම් වැඩසටහන හරහා වැඩි මුදලක් උපයාගැනීමට නම් මුලින් මුදල් ආයෝජනය කළ යුතු බව පවසමින් වංචාකරුවන් ඇයගෙන් දිගින් දිගටම මුදල් ලබාගෙන තිබෙනවා.

Advertisement

ඒ සඳහා Cryptocurrency ගිණුමක් භාවිත කර ඇති අතර, වංචාකරුවන් ඇයගේ ගිණුම් පිවිසුම් තොරතුරු ද ලබාගෙන ඇති බව සඳහන්.

Centrelink සහ WorkCover හරහා ලැබුණු මුදල් ද මෙලෙස අහිමි කරගෙන ඇති ඇය, මේ වනවිට මිතුරන්ට සහ පවුලේ සාමාජිකයන්ට ඩොලර් 12,000කට ආසන්න මුදලක් ණය වී සිටින බවයි ප්‍රකාශ කර ඇත්තේ.

Banner 01

මුදල් යැවීම නතර කළ ද වංචාකරුවන් තවදුරටත් දිනපතා ඇයට පණිවිඩ එවා ඇති අතර, මීළඟ Centrelink ගෙවීමෙන් තවත් ඩොලර් 500ක් ලබාදෙන ලෙස ද ඉල්ලා තිබෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ National Anti-Scam Centre ආයතනය පෙන්වා දෙන්නේ මෙවැනි වංචා Task-Based Job Scams ලෙස හඳුන්වන අතර, සැබෑ රැකියා අවස්ථා ලෙස පෙනී සිටිමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.

අන්තර්ජාලය ඔස්සේ රැකියා හෝ ආදායම් අවස්ථා ලබාදෙන බව පවසා මුලින් මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලන පුද්ගලයන් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසයි ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Perth ගුවන් තොටුපළ ඩොලර් බිලියන 3ක වියදමින් නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරි වසර පහේ සිට හය...

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේ වාර්තා වූ මරණවලින් 10%කට වැඩි ප්‍රමාණයකට හේතුව ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය බව Australian Bureau of Statistics පවසනවා. එම...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළංවීමත් සමඟ සංක්‍රමණිකයන් සහ විවිධ ජනවාර්ගික ප්‍රජාවන් ඉලක්ක කරගත් දේශපාලන ප්‍රචාරණ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සේවාවක් වන Qantas සමාගමේ ගුවන් තොටුපොළ ground crew සේවකයින් සිය ගණනක් අද පැය 24ක දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්...

ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන...

වික්ටෝරියා ප්‍රාන්තයේ වසරේ ගස ලෙස Geelong Botanic Gardens හි පිහිටි වසර 167ක් පැරණි Ginkgo ගස නම් කර තිබෙනවා. 1859 වසරේ...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය 2026–27 වසර සඳහා වන නිපුණතා සංක්‍රමණ නාමයෝජනා වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, Subclass 190 නිපුණතා නාමයෝජනා...

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Facebook වංචාවකට හසුවූ වික්ටෝරියාවේ කාන්තාවකට $ 20,000කට වැඩි මුදලක් අහිමි වෙයි

Melbourneහි වසර 32ක් පැරණි ජනප්‍රිය අවන්හලක් වසා දමයි

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්‍රදේශයේ පිහිටි Ocha

Read More »

$ මිලියන 10ක සුඛෝපභෝගී නිවසක පැවති Halloween සාදයක් අවසන් වූ හැටි

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා. සිඩ්නි නගරයේ Clovelly Beach

Read More »

Facebook වංචාවකට හසුවූ වික්ටෝරියාවේ කාන්තාවකට $ 20,000කට වැඩි මුදලක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා. Ashley

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත 17 වැනි වරටත් ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය හිමියන්ට දැඩි පීඩනයක් ඇති කරන

Read More »

නොවැම්බර් 2ට පෙර Tax Return ඉදිරිපත් නොකළොත් වෙන දේ

ඔස්ට්‍රේලියාවේ 2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ Tax Returns ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව ඇති බව Australian Taxation Office

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom