වික්ටෝරියා ප්රාන්තයේ පසුගිය සිකුරාදා සිට සිදුවූ මාරාන්තික රිය අනතුරු මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ හයදෙනා අතර යතුරුපැදිකරුවන් තිදෙනෙකු සිටින අතර, සෙනසුරාදා දිනයේදී පමණක් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.
සිකුරාදා දහවල් මෙල්බන්හි Footscray ප්රදේශයේ Ballarat Road සහ Dawson Avenue මංසන්ධියේදී මෝටර් රථයක ගැටීමෙන් 25 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් තිබෙනවා.
එදිනම රාත්රී Healesville ප්රදේශයේ Black Spur මාර්ගයේ සිදුවූ තවත් අනතුරකින් 21 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.
සෙනසුරාදා Warrnambool ආසන්නයේ Dennington ප්රදේශයේ පදික මාරුවකදී වාහනයක ගැටීමෙන් 75 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.
එදින සවස Mornington Peninsula ආසන්නයේ Blairgowrie ප්රදේශයේදී යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී ගසක ගැටීමෙන් 26 හැවිරිදි තරුණයෙකු මියගිය අතර, එහි ගමන් කළ 29 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතයට තර්ජනයක් වන තුවාල සහිතව රෝහල්ගත කර තිබෙනවා.
මේ අතර බටහිර වික්ටෝරියාවේ Maryborough ප්රදේශයේ මෝටර් රථ දෙකක් ගැටීමෙන් 47 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් 75 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවාල ලැබුවා.
Melbourne බටහිර Werribee ප්රදේශයේදී Ute වර්ගයේ වාහනයක් ගසක ගැටීමෙන් තවත් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, ඔහුගේ අනන්යතාව මෙතෙක් තහවුරු කර නැහැ.
මීට අමතරව Geelong ආසන්නයේ Moolap ප්රදේශයේදී e- bike එකක් සහ මෝටර් රථයක් ගැටීමෙන් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතයට තර්ජනයක් වන තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මෙම අනතුරු සමඟ 2026 වසරේ මේ දක්වා වික්ටෝරියා ප්රාන්තයේ මාර්ග අනතුරුවලින් මියගිය පුද්ගලයන් සංඛ්යාව 227 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව මරණ 20ක අඩුවීමක්.