Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය Medicare සේවාවන් පුළුල් කිරීම සඳහා ආරම්භ කළ ඩොලර් බිලියන 8.5ක වැඩපිළිවෙළ යටතේ, නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන GP මධ්‍යස්ථාන සංඛ්‍යාව 4,000 ඉක්මවා ඇති බව නවතම දත්ත අනාවරණය කරනවා.

2025 ෆෙඩරල් මැතිවරණයේදී ඇල්බනීසි ලේබර් රජය ලබාදුන් පොරොන්දුව අනුව, 2030 වසර වනවිට සම්පූර්ණයෙන්ම Bulk Billing ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන GP මධ්‍යස්ථාන 4,800ක් දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කයයි.

සෞඛ්‍ය අමාත්‍ය Mark Butler නිකුත් කළ නවතම දත්තවලට අනුව, මීට වසරකට පෙර 2,300ක් පමණ වූ සම්පූර්ණ Bulk Billing GP මධ්‍යස්ථාන සංඛ්‍යාව මේ වනවිට 4,000 ඉක්මවා තිබෙනවා.

Advertisement

Victoria ප්‍රාන්තයේ සම්පූර්ණ Bulk Billing සේවා ලබාදෙන GP මධ්‍යස්ථාන ප්‍රතිශතය වසරක් තුළ සියයට 32 සිට සියයට 55 දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනෙනවා.

New South Wales ප්‍රාන්තයේ එම ප්‍රතිශතය සියයට 58ක් දක්වාත්, Queensland ප්‍රාන්තයේ සියයට 45ක් දක්වාත්, Western Australia ප්‍රාන්තයේ සියයට 32ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

Banner 01

මේ අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 97කට වැඩි පිරිසක්, සියලුම රෝගීන්ට Bulk Billing පහසුකම් ලබාදෙන GP මධ්‍යස්ථානයකට මෝටර් රථයකින් විනාඩි 20ක් ඇතුළත ළඟාවිය හැකි ප්‍රදේශවල ජීවත් වන බව ද නව දත්ත පෙන්වා දෙනවා.

ග්‍රාමීය ප්‍රදේශවල සම්පූර්ණ Bulk Billing GP මධ්‍යස්ථාන ප්‍රතිශතය සියයට 59ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, දුරස්ථ ප්‍රදේශවල එම අගය සියයට 77ක් ලෙස වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පවසන්නේ මෙම වැඩපිළිවෙළ මඟින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජනතාවට තමන්ගේ මුදල් වැය කිරීමට සිදුවන ප්‍රමාණය අඩු කිරීමට හැකිව ඇති බවයි.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ සියලුම GP මධ්‍යස්ථාන නොමිලේ ප්‍රතිකාර ලබාදෙන බව මින් අදහස් නොවන අතර, Medicare සුදුසුකම් සහිත රෝගීන්ට අදාළ Bulk Billing සේවා සඳහා පමණක් මෙම පහසුකම හිමිවනවා.

2030 වසර වනවිට GP වෛද්‍ය හමුවීම් දහයකින් නවයක් Bulk Billing ක්‍රමයට සිදුකිරීම ෆෙඩරල් රජයේ තවත් ප්‍රධාන ඉලක්කයක්.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

AI තාක්ෂණය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් දරුවන්ගේ සිතීමේ සහ ගැටලු විසඳීමේ හැකියාවන් දුර්වල වීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු...

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති...

Queensland ප්‍රාන්තයේ Gold Coastහි පැවැති ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් අතරතුර තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Coolangatta...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese, යුරෝපා සංගමය සමඟ ඇති කරගත් Free Trade Agreement හෙවත් නිදහස් වෙළද ගිවිසුමට විරෝධය පළ කරන දේශපාලන...

ඔස්ට්‍රේලියාවේ Western Australia ප්‍රාන්තය, නිවාසවල සාමාන්‍ය විදුලි පේනු හරහා සම්බන්ධ කළ හැකි කුඩා සූර්ය පැනල සහ බැටරි භාවිතයට අවසර ලබාදීමේ...

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කැසිනෝ සමාගමක් වන Star Entertainment Group වෙත ෆෙඩරල් අධිකරණය විසින් ඔස්ට්‍රේලියානු...

New South Wales ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශයක සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Bourke නගරයට කිලෝමීටර් 190ක්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රොබෝ යන්ත්‍ර මඟින් ආහාර නිවෙස් වෙත බෙදාහැරීමේ සේවාවක් Queensland ප්‍රාන්තයේ Gold Coast නගරයේදී අත්හදා බැලීම ආරම්භ කර...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland කලාපයෙන් මාසයක් ඇතුළත වාර්තා වූ 18 වැනි භූමිකම්පාව ඊයේ රාත්‍රියේ සිදුව තිබෙනවා. මැග්නිටියුඩ් ඒකක 3.5ක ප්‍රබලත්වයෙන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානුවන්ට Medicare සහනයක් – GP Clinics 4,000කට වැඩියි

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතිවිය හැකි සුළි කුණාටු අවධානමක් පිලිබඳ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය අවට සුළි කුණාටුවක් ගමන් කිරීමත් සමඟ ප්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණික තත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශ වලට තද

Read More »

Melbourneහි One Nation අපේක්ෂකයා වික්ටෝරියානු මැතිවරණ සටනින් ඉවත් වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට One Nation පක්ෂයෙන් Melbourne ආසනය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි Matthew Collins සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහුගේ පැරණි සමාජ මාධ්‍ය

Read More »

ලබන සතියේදී ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තව දුරටත් ඉහළ යයිද?

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ලබන සතියේ නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට Reserve Bank of Australia (RBA) පියවර ගනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවනවා. නවතම

Read More »

Queenslandහි සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටෙයි

Queensland ප්‍රාන්තයේ Gold Coastහි පැවැති ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් අතරතුර තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Coolangatta Beach වෙරළ තීරයේ පැවැති Red

Read More »

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට Period Pain සඳහා වැටුප් සහිත නිවාඩු ? – පිරිමින්ටත් අදාළ Paid Leave යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව ඇතුළු ප්‍රජනක සෞඛ්‍ය ගැටලු සඳහා වසරකට අමතර වැටුප් සහිත නිවාඩු දින 10ක් ලබාදීමේ යෝජනාවක් පිළිබඳව ෆෙඩරල් මට්ටමින් අවධානය යොමුව තිබෙනවා.

Read More »

වික්ටෝරියාවේ පැය 48ක් තුළ දරුණු අනතුරු රැසක් – ජීවිත 6ක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සිකුරාදා සිට සිදුවූ මාරාන්තික රිය අනතුරු මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ජීවිතක්ෂයට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom