Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ පළමු නිවස මිලදී ගැනීම සඳහා Superannuation විශ්‍රාම ඉතුරුම් මුදල් කලින් ලබාගැනීමට අවසර දීමේ යෝජනාව සම්බන්ධයෙන් ලිබරල් පක්ෂය තුළ මතභේදයක් මතුව තිබෙනවා.

ලිබරල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Garth Hamilton ප්‍රකාශ කර ඇත්තේ, ජනතාවගේ විශ්‍රාම දිවියේ මූල්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බැවින් Superannuation ක්‍රමයේ දැනට පවතින නීති වෙනස් නොකළ යුතු බවයි.

පසුගිය ෆෙඩරල් මැතිවරණ දෙකේදී ලිබරල් සහ නැෂනල් පක්ෂ සන්ධානය, first home buyersලාට සිය Superannuation ගිණුමෙන් ඩොලර් 50,000ක් දක්වා ලබාගැනීමට අවසර දෙන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබුණා.

Advertisement

කෙසේ වෙතත්, වර්තමානයේ ලිබරල් පක්ෂයේ Shadow Housing Minister Andrew Bragg සහ Shadow Treasurer Tim Wilson ඇතුළු නායකයන් කිහිපදෙනෙකු නිවාස මිලදී ගැනීම සඳහා Superannuation මුදල් භාවිත කළ හැකි විකල්ප ක්‍රම සලකා බැලිය යුතු බවට අදහස් පළකර තිබෙනවා.

එහෙත් Garth Hamilton පවසන්නේ, විශ්‍රාම ඉතුරුම් ආයෝජනය කිරීම, බදු අය කිරීම හෝ මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් දැනට පවතින ක්‍රමවේද කිසිවක් වෙනස් නොකළ යුතු බවයි.

Banner 01

මෙම ස්ථාවරයට ලිබරල් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර සහාය තමන්ට ඇති බවට විශ්වාස කරන Hamilton, ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus Taylor සමඟ ද සාකච්ඡා කර ඇති බව සඳහන් කරනවා.

මේ අතර One Nation පක්ෂය වෙනස් යෝජනාවක් ඉදිරිපත් කරමින්, නිවාස ණය හෝ කුලී ගෙවන ජනතාවට සහනයක් ලෙස වසර තුනක කාලයක් සඳහා වැටුපෙන් Superannuation වෙත යොමුකරන දායකත්වයෙන් හතරෙන් එකක්, එනම් වැටුපෙන් සියයට 3ක්, සෘජුව අතට ලැබෙන ආදායමට එකතු කිරීමට යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත්, Superannuation සම්බන්ධයෙන් ලිබරල් පක්ෂය මෙතෙක් නව නිල ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කර නොමැති අතර, විශ්‍රාම ඉතුරුම් ආරක්ෂා කිරීම සහ ජනතාවට නිවාස හිමිකාරිත්වය ලබාගැනීමට සහාය වීම අතර සමබරතාව පිළිබඳ සාකච්ඡාව තවදුරටත් පවතිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය වෛද්‍ය සේවා සඳහා අමතර මුදලක් ගෙවීමකින් තොරව ප්‍රතිකාර ලබාගැනීමට හැකි ජනතාවගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. Royal Australian College...

ඔස්ට්‍රේලියාවේ WA Police හදිසි සිදුවීම් වෙත ඉක්මනින් ළඟා වීමේ අරමුණින් ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා භාවිතය පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. Perth...

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ Byron Bay ප්‍රදේශයට දකුණින් සිදුවූ වාහන අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. අනතුර...

ඔස්ට්‍රේලියාවේ පාවිච්චි කළ මෝටර් රථ මිලදී ගන්නා රියදුරන්ට, තමන් නොදැනුවත්ව ම තම පෞද්ගලිකත්වයට බලපෑම් ඇතිවිය හැකි අවදානමක් පිළිබඳ ව අනතුරු...

වික්ටෝරියා ප්‍රාන්තය තුළ අලෙවි කළ Pasta නිෂ්පාදන වර්ග 6ක් ආපසු කැඳවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. එම නිෂ්පාදන තුළ ලෝහ කොටස්...

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ රන් සෙවීමේ නිරතව සිටි පුද්ගලයෙකුට ඇස්තමේන්තුගත වටිනාකම $150,000ක් වන රන් කැබැල්ලක් හමුවී තිබෙනවා. Broken Hill...

ඕස්ට්‍රේලියාවේ Student Visa (Subclass 500) සහ Student Guardian Visa (Subclass 590) සම්බන්ධයෙන් 2026 ඔක්තෝබර් 2 වැනිදා සිට නව නීති ක්‍රියාත්මක...

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ...

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සංක්‍රමණික කාන්තාවන් දහස් ගණනකට තම අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය පළපුරුද්දට සරිලන රැකියාවක් ලබා ගැනීම තවමත් බරපතළ අභියෝගයක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ගෙයක් ගන්න Super එකේ සල්ලි ගන්න බැරි වෙයිද? – ලිබරල් පක්ෂය තුළ අලුත් මතභේදයක්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතිවිය හැකි සුළි කුණාටු අවධානමක් පිලිබඳ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය අවට සුළි කුණාටුවක් ගමන් කිරීමත් සමඟ ප්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණික තත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශ වලට තද

Read More »

Melbourneහි One Nation අපේක්ෂකයා වික්ටෝරියානු මැතිවරණ සටනින් ඉවත් වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට One Nation පක්ෂයෙන් Melbourne ආසනය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි Matthew Collins සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහුගේ පැරණි සමාජ මාධ්‍ය

Read More »

ලබන සතියේදී ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තව දුරටත් ඉහළ යයිද?

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ලබන සතියේ නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට Reserve Bank of Australia (RBA) පියවර ගනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවනවා. නවතම

Read More »

Queenslandහි සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටෙයි

Queensland ප්‍රාන්තයේ Gold Coastහි පැවැති ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් අතරතුර තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Coolangatta Beach වෙරළ තීරයේ පැවැති Red

Read More »

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට Period Pain සඳහා වැටුප් සහිත නිවාඩු ? – පිරිමින්ටත් අදාළ Paid Leave යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව ඇතුළු ප්‍රජනක සෞඛ්‍ය ගැටලු සඳහා වසරකට අමතර වැටුප් සහිත නිවාඩු දින 10ක් ලබාදීමේ යෝජනාවක් පිළිබඳව ෆෙඩරල් මට්ටමින් අවධානය යොමුව තිබෙනවා.

Read More »

වික්ටෝරියාවේ පැය 48ක් තුළ දරුණු අනතුරු රැසක් – ජීවිත 6ක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සිකුරාදා සිට සිදුවූ මාරාන්තික රිය අනතුරු මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ජීවිතක්ෂයට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom