ඔස්ට්රේලියාවේ Victoria සහ NSW ප්රාන්තවල මාංශ භක්ෂක බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන Buruli ulcer රෝගීන්ගේ සංඛ්යාව ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා.
මෙම රෝගය ඇතිවන්නේ Mycobacterium ulcerans නම් බැක්ටීරියාවක් හේතුවෙන් වන අතර, මදුරුවන්ගේ දෂ්ට කිරීම් මඟින් මිනිසුන්ට ආසාදනය විය හැකි බවයි විශේෂඥයන් පවසන්නේ.
මුලදී වේදනාවක් නොමැති කුඩා ගැටිත්තක් ලෙස සම මත ඇතිවන මෙම තත්ත්වය, පසුව සමේ පටක විනාශ කරමින් විවෘත තුවාලයක් දක්වා වර්ධනය වන බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
පසුගිය වසරේ Victoria ප්රාන්තයෙන් පමණක් මෙම රෝගය වැළඳුණු බවට තහවුරු වූ රෝගීන් 426ක් වාර්තා වී තිබෙනවා.
Mornington අර්ධද්වීපය, Bellarine අර්ධද්වීපය, Geelong සහ Melbourne හි ඇතැම් ප්රදේශ මෙම රෝගය බහුලව වාර්තා වන ස්ථාන අතරට අයත් වනවා.
මෑතකදී NSW ප්රාන්තයේ Batemans Bay වෙරළබඩ ප්රදේශයෙන් ද රෝගීන් වාර්තා වී ඇති බවයි සඳහන්.
ආසාදනය වූ පසු රෝග ලක්ෂණ මතුවීමට මාස පහක් හෝ හයක් පමණ ගත විය හැකි අතර, ප්රතිකාර සඳහා සාමාන්යයෙන් සති හයක සිට සති අටක් දක්වා ප්රතිජීවක ඖෂධ ලබා දීම සිදු කෙරෙනවා.
මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මදුරු විකර්ෂක භාවිත කිරීම, ශරීරය ආවරණය වන ඇඳුම් ඇඳීම සහ තුවාල පිරිසිදුව තබා ගැනීම වැදගත් බවයි වෛද්යවරුන් උපදෙස් ලබා දෙන්නේ.
එමෙන්ම සැක සහිත සමේ ගැටිත්තක් හෝ සුව නොවන තුවාලයක් දක්නට ලැබුණහොත් කඩිනමින් වෛද්ය උපදෙස් ලබාගන්නා ලෙසද ජනතාවට දැනුම් දී තිබෙනවා.