ඔස්ට්රේලියාවේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ලබන සතියේ නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට Reserve Bank of Australia (RBA) පියවර ගනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවනවා.
නවතම සංඛ්යාලේඛන අනුව, 2026 සැප්තැම්බර් මාසය වන විට ඔස්ට්රේලියාවේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 4.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, ඉහළ යන ජීවන වියදම හමුවේ රජයේ වියදම් අඩු කර අයවැය ඉතිරියක් ඇති කිරීමට කටයුතු කරන බවට සහතිකයක් ලබාදීමට මුදල් අමාත්ය Katy Gallagher සහ Treasurer Jim Chalmers මෙතෙක් ඉදිරිපත් වී නැති බවයි පැවසෙන්නේ.
දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත වසරේ මධ්යවාර අයවැය යාවත්කාලීන කිරීමේදී රජය නව වියදම්වලට වඩා වැඩි මුදලක් ඉතිරි කරගන්නා බවට සහතික විය නොහැකි බවයි මුදල් අමාත්යවරිය සඳහන් කරන්නේ.
මේ අතර, එළඹෙන නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙන RBA රැස්වීමේදී දැනට සියයට 4.60ක් වන පොලී අනුපාතය තවත් සියයට 0.25කින් ඉහළ දැමීමේ අරමුණක් පවතින බව වාර්තා වෙනවා.
2026 වසරේ මේ වන විට ඔස්ට්රේලියාව තුළ පොලී අනුපාත සිව් වතාවක් ඉහළ දමා තිබෙනවා.
පසුගිය පෙබරවාරි, මාර්තු, මැයි සහ සැප්තැම්බර් මාස වලදී මෙලෙස පොලී අනුපාත ඉහළ දැමීමට ඔස්ට්රේලියානු සංචිත බැංකුව කටයුතු කළා.
මෙවැනි තත්වයක් තුළ නැවත වතාවක් පොලී අනුපාත ඉහළ දැමුවොත් ඔස්ට්රේලියාවේ නිවාස ණය සහ අනෙකුත් ණය ලබාගෙන සිටින ජනතාවට තවදුරටත් මූල්ය පීඩනයක් එල්ල විය හැකියි.