ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
වාර්තා අනුව, 2025–26 මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව ඩ්‍රෝන යානා සම්බන්ධ සිදුවීම් 204ක් වාර්තා වී තිබෙනවා.
එය ඊට පෙර මූල්‍ය වර්ෂයේ වාර්තා වූ සිදුවීම් 141ට වඩා සැලකිය යුතු වැඩිවීමක්.
විශේෂයෙන්ම New South Wales ප්‍රාන්තයේ Williamtown ගුවන් හමුදා කඳවුර ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා කිහිපයක් පියාසර කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුව තිබෙනවා.
මෙම කඳවුරේ ඔස්ට්‍රේලියාවේ නවීනතම F-35A ප්‍රහාරක ගුවන් යානා රැසක් ස්ථානගත කර තිබීම නිසා එහි ආරක්ෂාව පිළිබඳව ඔස්ට්‍රේලියානු හමුදා දැඩි අවධානයකින් පසු වන බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, මෙම ඩ්‍රෝන යානා මෙහෙයවූ පුද්ගලයන් කවුරුන්ද යන්න හෝ ඒවා පියාසර කළ අරමුණ කුමක්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැති බව වාර්තා වෙනවා.
මෙම තත්වය ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කළ හැකි තත්වයක් බවයි විශේෂඥයින් පවසන්නේ.
ඔස්ට්‍රේලියාව තුළ ඩ්‍රෝන යානා මිලදී ගැනීම සහ පියාසර කිරීම සඳහා ලිහිල් ප්‍රතිපත්ති පවතින අතර බලධාරීන් පවසන්නේ ඕනෑම අයෙකුට සාමාන්‍ය ඩ්‍රෝන යානයක් මිලදී ගෙන ඒවාට පුපුරණ ද්‍රව්‍ය සවි කර විනාශකාරී ක්‍රියාවන් සිදු කළ හැකි බවයි.
මේ අතර, ඔස්ට්‍රේලියානු රජය ඩ්‍රෝන යානා හඳුනාගැනීමේ සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේ ආරක්ෂක තාක්ෂණය වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටින බවයි පැවසෙන්නේ.