Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ මරණවලට ප්‍රධානතම හේතුව ලෙස ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් රෝගය හඳුනාගෙන ඇති පසුබිමක, එම රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානම අඩුවීම සමඟ සම්බන්ධ රැකියා රටාවක් පිළිබඳ නව අධ්‍යයනයකින් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Australian Bureau of Statistics (ABS) ආයතනය නිකුත් කළ 2025 වසරට අදාළ දත්ත අනුව, ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් රෝගය හේතුවෙන් පුද්ගලයන් 19,019 දෙනෙකු මියගොස් ඇති අතර, එය ඔස්ට්‍රේලියාවේ සමස්ත මරණවලින් 10.1%ක් බවට සඳහන් වී තිබුණා.

මේ අතර ඇමෙරිකාවේ Washington University in St. Louis විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් පුද්ගලයන් 13,879 දෙනෙකුගේ දත්ත ඇසුරින් සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ, විශ්‍රාම යන වයසේදී පූර්ණකාලීන රැකියාවක නිරත වීම හෝ සම්පූර්ණයෙන් විශ්‍රාම ගැනීම වෙනුවට අර්ධකාලීන රැකියාවක නිරත වීම ඩිමෙන්ෂියා අවදානම අඩුවීම සමඟ සම්බන්ධ වන බවයි.

Advertisement

වයස අවුරුදු 75 පමණ වනතුරු අර්ධකාලීන රැකියාවල නිරත වූවන් අතර, සංසන්දනය කළ අනෙකුත් රැකියා සහ විශ්‍රාම රටාවන්ට සාපේක්ෂව ඩිමෙන්ෂියා ඇතිවීමේ සම්භාවිතාව 38%කින් පමණ අඩු බව එහිදී හඳුනාගෙන තිබෙනවා.

අර්ධකාලීන රැකියාවක නිරත වීමෙන් මානසික ක්‍රියාකාරීත්වය, සමාජ සබඳතා සහ දෛනික ජීවිතයේ ක්‍රමවත්භාවය පවත්වා ගැනීමට අවස්ථාව ලැබිය හැකි බව පර්යේෂකයන් පවසනවා. එමෙන්ම පූර්ණකාලීන රැකියාවකට සාපේක්ෂව විවේකය, විනෝදාංශ සහ සෞඛ්‍යයට හිතකර ක්‍රියාකාරකම් සඳහා වැඩි කාලයක් වෙන්කර ගැනීමට ද අර්ධකාලීන රැකියාවක් උපකාරී විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Banner 01

කෙසේ වෙතත්, අර්ධකාලීන රැකියාවක නිරත වීමෙන් ඩිමෙන්ෂියා රෝගය වැළැක්විය හැකි බව මෙම අධ්‍යයනයෙන් තහවුරු කර නොමැති අතර, එහි ප්‍රතිඵල තවමත් ස්වාධීන විද්‍යාත්මක සමාලෝචනයකට ලක්ව නොමැති බවයි වාර්තා වන්නේ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලැබෙන නිර්නාමික පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. Fair Work Ombudsman ආයතනයේ 2025–26 වාර්ෂික වාර්තාවට...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක්...

වික්ටෝරියා ප්‍රාන්තයේ වසරේ ගස ලෙස Geelong Botanic Gardens හි පිහිටි වසර 167ක් පැරණි Ginkgo ගස නම් කර තිබෙනවා. 1859 වසරේ...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂ හතරේ නායකයන් සහභාගී වන විශේෂ රූපවාහිනී විවාදයක් පැවැත්වීමට...

Halloween උත්සවය සැමරීමට සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම ඇඳුම් සඳහා තෝරාගන්නා අමතර උපාංග පිළිබඳව සැලකිලිමත් වන ලෙස නීතී බලධාරීන් අනතුරු අඟවා...

  නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාසයකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ජනතාව...

AI තාක්ෂණය වේගයෙන් දියුණු වීමත් සමඟ සයිබර් අපරාධවල අවදානම පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ යමින් පවතින බව ඔස්ට්‍රේලියාවේ සයිබර් ආරක්ෂක...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයන්ට තම ඡන්දදායක ලියාපදිංචි තොරතුරු පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ලබන සතියේ නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට Reserve Bank of Australia (RBA) පියවර ගනු ඇතැයි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ වැඩිම මරණවලට හේතුවූ රෝගයට රැකියාවෙන් බලපෑමක්?

කුඩා දැරියකගේ මරණයෙන් පසු ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් නීති ගැන අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකදී මාස 22ක් වයසැති දැරියක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයට සහ එහි සේවිකාවකට අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා.

Read More »

ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාම නිසා ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක්

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වාර්තා අනුව, 2025–26 මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා

Read More »

ඔස්ට්‍රේලියාවේ EV Charging Stations දහස් ගණනකට වෙන්න යන දේ

ඔස්ට්‍රේලියාවේ විදුලි මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විදුලි කණුවල සවිකරන පොදු ආරෝපණ මධ්‍යස්ථාන 14,000ක් පමණ ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා. 2027 වසරේ

Read More »

Geelong රථගාලේ වාහනවල වීදුරු බිඳ සොරකම් කළ කල්ලියක් කොටු වෙයි

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල

Read More »

ඔස්ට්‍රේලියානු අගමැතිට තමන්ගේම රජයෙන් අභියෝගයක්

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් Labor රජය තුළ අභ්‍යන්තර මතභේද පවතින බවට පළවන වාර්තා හමුවේ, රජයේ එකමුතුකම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම රජයේ වියදම් පාලනය සහ අයවැය කප්පාදු

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් භූමිකම්පාවක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Leongatha ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරුවේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා. Geoscience Australia ආයතනය තහවුරු කර ඇත්තේ, පෙරවරු 10.33ට සිදුවූ මෙම භූමිකම්පාව මැග්නිටියුඩ් ඒකක 2.3ක

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom