Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2027 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත මැතිවරණයේ දී, Labor පක්ෂයට දිගුකාලීනව බලය හිමි Cessnock ආසනය වෙනුවෙන් තරග කිරීමට Greens පක්ෂයෙන් 23 හැවිරිදි Ethan Floyd සූදානම් වන බව වාර්තා පළ වෙනවා.

එම ආසනයේ වත්මන් Labor පක්ෂ මන්ත්‍රී Clayton Barr සහ One Nation පක්ෂයේ NSW ප්‍රාන්ත නායක Mike Newman ඔහුගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදීන් ලෙස හඳුන්වා දී තිබෙනවා.

වසර 30කට ආසන්න කාලයක් Labor පක්ෂයේ ප්‍රබල ආසනයක් ලෙස සැලකෙන Cessnock හි, පසුගිය ප්‍රාන්ත මැතිවරණ තුනේදී ම එම පක්ෂය ලබාගත් අඩුම ප්‍රථම මනාප ඡන්ද ප්‍රතිශතය පවා 48%ක් බවයි සඳහන් වන්නේ.

Advertisement

කෙසේ වෙතත්, නිවාස කුලී ඉහළ යාම, වෛද්‍ය සේවා ලබාගැනීමේ අපහසුතා සහ තරුණයන්ගේ නිවාස ගැටලු හේතුවෙන් දේශපාලන වෙනසකට අවස්ථාවක් නිර්මාණය වී ඇති බවයි Floyd පවසන්නේ. එමෙන්ම One Nation පක්ෂයේ Mike Newman, Cessnock ජනතාවගේ ඡන්ද තමන්ට හිමිවිය යුතු බවට අයිතිවාසිකමක් ඇතැයි සිතා කටයුතු කරන බවට ද ඔහු චෝදනා කර තිබෙනවා.

තම මැතිවරණ ප්‍රතිපත්ති අතර ප්‍රාන්තය පුරා වසර 10ක් අඛණ්ඩව, වාර්ෂික ලෙස පොදු නිවාස 10,000ක් ඉදිකිරීම, විශාල සමාගම් සඳහා බදු ඉහළ නැංවීම, Mount Pleasant ගල්අඟුරු පතල වසා දැමීම සහ පොදු ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළත් බවයි Floyd සදහන් කරන්නේ.

Banner 01

එමෙන්ම, Mike Newmanගේ මැතිවරණ ප්‍රතිපත්ති අතර වැටුප් බදු (Payroll Tax) අඩු කිරීම, කුඩා ව්‍යාපාර සඳහා පවතින නියාමන සීමා ලිහිල් කිරීම සහ රාජ්‍ය සේවකයන්ගේ කාර්යසාධනය පිළිබඳ වගවීම වැඩි කිරීම ඇතුළත් බව වාර්තා වෙනවා.

ජපානයේ වසර 25ක් ජීවත් වූ Newmanට, සාපේක්ෂව තමන් Cessnock ප්‍රදේශයේම හැදී වැඩුණු අයෙකු බව අවධාරණය කරන Floyd, ප්‍රදේශයේ ජනතාවට සැබෑ දේශපාලන නියෝජනයක් අවශ්‍ය බවයි පෙන්වා දෙන්නේ.

Cessnock ආසනය සඳහා Greens පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය නොවැම්බර් 27 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන්...

ලොව ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Apple, සිය ඉතිහාසයේ පළමු වරට touchscreen MacBook Pro Laptop එකක් නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා....

AI තාක්ෂණය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් දරුවන්ගේ සිතීමේ සහ ගැටලු විසඳීමේ හැකියාවන් දුර්වල වීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සේවාවක් වන Qantas සමාගමේ ගුවන් තොටුපොළ ground crew සේවකයින් සිය ගණනක් අද පැය 24ක දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්...

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා 2027 වසරේදී අමතර සිසුන් 23,000කට අවස්ථාව ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ...

ඔස්ට්‍රේලියාවේ නව යොවුන් වියේ පසුවන දරුවන් පවා අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වෙමින් සිටින බවට Australian Federal පොලිසිය අනතුරු අඟවා...

ඔස්ට්‍රේලියාවේ Victoria සහ NSW ප්‍රාන්තවල මාංශ භක්ෂක බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන Buruli ulcer රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා....

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

2027 NSW මැතිවරණයට Gen-Z අපේක්ෂකයෙකුගෙන් අභියෝගයක්

කුඩා දැරියකගේ මරණයෙන් පසු ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් නීති ගැන අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකදී මාස 22ක් වයසැති දැරියක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයට සහ එහි සේවිකාවකට අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා.

Read More »

ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාම නිසා ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක්

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වාර්තා අනුව, 2025–26 මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා

Read More »

ඔස්ට්‍රේලියාවේ EV Charging Stations දහස් ගණනකට වෙන්න යන දේ

ඔස්ට්‍රේලියාවේ විදුලි මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විදුලි කණුවල සවිකරන පොදු ආරෝපණ මධ්‍යස්ථාන 14,000ක් පමණ ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා. 2027 වසරේ

Read More »

Geelong රථගාලේ වාහනවල වීදුරු බිඳ සොරකම් කළ කල්ලියක් කොටු වෙයි

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල

Read More »

ඔස්ට්‍රේලියානු අගමැතිට තමන්ගේම රජයෙන් අභියෝගයක්

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් Labor රජය තුළ අභ්‍යන්තර මතභේද පවතින බවට පළවන වාර්තා හමුවේ, රජයේ එකමුතුකම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම රජයේ වියදම් පාලනය සහ අයවැය කප්පාදු

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් භූමිකම්පාවක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Leongatha ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරුවේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා. Geoscience Australia ආයතනය තහවුරු කර ඇත්තේ, පෙරවරු 10.33ට සිදුවූ මෙම භූමිකම්පාව මැග්නිටියුඩ් ඒකක 2.3ක

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom