Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Student Visa ප්‍රතික්ෂේප කිරීම් ඉහළ යාම හමුවේ, විදෙස් සිසුන් සඳහා පවතින වීසා ක්‍රමවේදය නැවත සලකා බැලීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

විශේෂයෙන් දකුණු ආසියානු රටවලින් පැමිණෙන සිසුන්ගේ වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීම ඉහළ යාම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව, සිසුන්ගේ මූල්‍ය හැකියාව තහවුරු කිරීමේ අවශ්‍යතා සහ වීසා අයදුම්පත් ඇගයීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නව යෝජනා සලකා බැලීමට නියමිතයි.

Advertisement

2025-2026 මූල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවට ඉදිරිපත් කළ Student Visa අයදුම්පත්වලින් 24.2%ක් ප්‍රතික්ෂේප වී ඇති අතර, නේපාලයෙන් ඉදිරිපත් කළ අයදුම්පත්වලින් 51%කට වැඩි ප්‍රමාණයක් සහ ඉන්දියාවෙන් ඉදිරිපත් කළ අයදුම්පත්වලින් 40%කට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ සැබෑ අධ්‍යාපන අරමුණින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වන සිසුන් පවා වීසා ප්‍රතික්ෂේප වීමේ බියෙන් වෙනත් රටවල් තෝරාගැනීමට පෙළඹෙන බව රජය පිළිගෙන තිබෙනවා.

Banner 01

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අලුතින් ඇතුළත් වන ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව මේ වසරේ 18%කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමඟින් වසර තුනක් තුළ විශ්වවිද්‍යාල ආදායම ඩොලර් බිලියන 2කින් පමණ අඩුවිය හැකි බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, වීසා නීති ලිහිල් කිරීමක් ලෙස නොව, මූල්‍ය අවශ්‍යතා වඩාත් පැහැදිලි කිරීම සහ සැබෑ සිසුන්ට වීසා ලබාගැනීමේදී වැඩි නිශ්චිතභාවයක් ලබාදීම මෙම සංශෝධනවල අරමුණ බව රජය පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන නියෝජිතයන්ගේ අදහස් ලබාගැනීම නොවැම්බර් මාසයේදී සිදුකිරීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ලොව ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Apple, සිය ඉතිහාසයේ පළමු වරට touchscreen MacBook Pro Laptop එකක් නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Leongatha ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරුවේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා. Geoscience Australia ආයතනය තහවුරු කර ඇත්තේ, පෙරවරු 10.33ට සිදුවූ...

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් දිනයක් සහ වේලාවක් Online ක්‍රමයට වෙන්කරවා...

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වාර්තා අනුව, 2025–26 මූල්‍ය...

ඔස්ට්‍රේලියාවේ විදේශීය රියදුරු බලපත්‍ර Australian Driver’s Licence බවට පරිවර්තනය කිරීමේ නීති අද සිට ප්‍රාන්ත දෙකක ලිහිල් කර තිබෙනවා. ඒ අනුව...

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන...

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ රන් සෙවීමේ නිරතව සිටි පුද්ගලයෙකුට ඇස්තමේන්තුගත වටිනාකම $150,000ක් වන රන් කැබැල්ලක් හමුවී තිබෙනවා. Broken Hill...

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම්...

ඔස්ට්‍රේලියාවේ South Australia ප්‍රාන්තයේ Adelaide නගරය ඇතුළු ප්‍රදේශ රැසකට මැග්නිටියුඩ් 4.9ක භූමිකම්පාවක් දැනී තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Student Visa ප්‍රතික්ෂේප වීමෙන් ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලත් අර්බුදයක

ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාම නිසා ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක්

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වාර්තා අනුව, 2025–26 මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා

Read More »

ඔස්ට්‍රේලියාවේ EV Charging Stations දහස් ගණනකට වෙන්න යන දේ

ඔස්ට්‍රේලියාවේ විදුලි මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විදුලි කණුවල සවිකරන පොදු ආරෝපණ මධ්‍යස්ථාන 14,000ක් පමණ ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා. 2027 වසරේ

Read More »

Geelong රථගාලේ වාහනවල වීදුරු බිඳ සොරකම් කළ කල්ලියක් කොටු වෙයි

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල

Read More »

ඔස්ට්‍රේලියානු අගමැතිට තමන්ගේම රජයෙන් අභියෝගයක්

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් Labor රජය තුළ අභ්‍යන්තර මතභේද පවතින බවට පළවන වාර්තා හමුවේ, රජයේ එකමුතුකම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම රජයේ වියදම් පාලනය සහ අයවැය කප්පාදු

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් භූමිකම්පාවක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Leongatha ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරුවේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා. Geoscience Australia ආයතනය තහවුරු කර ඇත්තේ, පෙරවරු 10.33ට සිදුවූ මෙම භූමිකම්පාව මැග්නිටියුඩ් ඒකක 2.3ක

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් අඛණ්ඩව හත්වැනි මාසයටත් පහළට

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් අඛණ්ඩව හත්වැනි මාසයටත් පහත වැටී තිබෙනවා. නවතම දේපළ වෙළෙඳපොළ දත්ත අනුව, ඔක්තෝබර් මාසයේදී ජාතික මධ්‍යස්ථ නිවාස වටිනාකම 0.3%කින් පහත වැටී ඇති

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom