Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පිහිටි Gippsland කලාපය, 2027 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 41 අතර 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

සුන්දර වෙරළ තීරයන්, කඳුකර මාර්ග, ජාතික වනෝද්‍යාන සහ මනරම් ග්‍රාමීය නගර හේතුවෙන් සංචාරකයන් අතර ජනප්‍රියත්වයට පත් ව තිබෙන Victoria ප්‍රාන්තයේ නැගෙනහිර පිහිටි මෙම කලාපය, ප්‍රාන්තයේ විශාලතම කලාපය වනවා.

එමෙන්ම, නැවුම් මුහුදු ආහාර, දේශීය චීස් වර්ග, වයින් සහ කාබනික පලතුරු ඇතුළු ආහාර නිෂ්පාදන හේතුවෙන් ද මෙම කලාපය විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා.

Advertisement

Melbourne නගරයේ සිට ආසන්න වශයෙන් පැය හතරහමාරක රිය ගමනකින් ළඟා විය හැකි Gippsland කලාපය, මාර්ග සංචාර, වනජීවීන් නැරඹීම සහ වෙරළබඩ නිවාඩු ගතකිරීම සඳහා සුදුසු ගමනාන්තයක් ලෙසයි සැලකෙන්නේ.

කෙසේ වෙතත්, 2019–2020 Black Summer ලැව්ගිනි හේතුවෙන් මෙම කලාපයේ හෙක්ටයාර 400,000කට වැඩි භූමි ප්‍රමාණයක් ගිනිගැනීමට ලක්වූ අතර, ඉන් ප්‍රදේශයේ ජනතාවට, වනජීවීන්ට සහ සංචාරක ව්‍යාපාරවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

Banner 01

COVID-19 වසංගතය හේතුවෙන් ද ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වීමට බාධා එල්ල වී තිබුණු පසුබිමක Gippsland කලාපයට හිමිවූ ජාත්‍යන්තර පිළිගැනීම හේතුවෙන් සංචාරක පැමිණීම් ඉහළ යාමටත්, ප්‍රාදේශීය ව්‍යාපාර සහ ජනතාවට නව අවස්ථා හිමිවීමටත් හැකිවනු ඇතැයි සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් පෙන්වා දෙනවා.

මේ අතර, එම ජාත්‍යන්තර ලැයිස්තුවේ ඔස්ට්‍රේලියාවේ Tasmania ප්‍රාන්තය 28 වැනි ස්ථානයත්, NSW ප්‍රාන්තයේ Newcastle නගරය 30 වැනි ස්ථානයත් හිමිකරගෙන තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන්...

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පැරණි ගිනි නිවන රථ වෙනුවට නව රථ 335ක් ලබාදීමට Liberal-National Coalition පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර්...

ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ River Torrens ගංගාවට විසිතුරු මාළු මුදාහැරීම සම්බන්ධයෙන් ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන්ම Koi Carp...

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා 2027 වසරේදී අමතර සිසුන් 23,000කට අවස්ථාව ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ...

ඔස්ට්‍රේලියානුවන් Uber Eats වැනි ආහාර බෙදාහැරීමේ සේවා ඇතුළු අත්‍යවශ්‍ය නොවන මිලදී ගැනීම් සඳහා වැය කරන මුදල් අඩු කිරීමෙන් නිවාස ණය...

ඔස්ට්‍රේලියාවේ Perth ගුවන් තොටුපළ ඩොලර් බිලියන 3ක වියදමින් නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරි වසර පහේ සිට හය...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත අතරට වික්ටෝරියාවේ සැඟවුණු පාරාදීසයක්

ඔස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන ගණනක් ඔට්ටුවකට වැයවන ලකුණු

අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන්

Read More »

ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත අතරට වික්ටෝරියාවේ සැඟවුණු පාරාදීසයක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පිහිටි Gippsland කලාපය, 2027 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 41 අතර 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. සුන්දර වෙරළ තීරයන්, කඳුකර මාර්ග,

Read More »

Melbourne සිට කොළඹ ආ Sri Lankan ගුවන්යානයක හදිසි තත්වයක්

Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු පැහැදිලි කර තිබෙනවා. UL605 දරන

Read More »

වික්ටෝරියාවේ ගිනි නිවන සේවා පුළුල් කිරීමට යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පැරණි ගිනි නිවන රථ වෙනුවට නව රථ 335ක් ලබාදීමට Liberal-National Coalition පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වනදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත

Read More »

Melbourneහි ක්‍රීඩා පිටි වලට හානි කරන පුද්ගලයින් සොයා පොලිස් විමර්ශන

Melbourne නගරයේ Williamstown ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක තණතිල්ලට යම් පිරිසක් විසින් හානි සිදුකර තිබෙනවා. මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ක්‍රීඩා පිටියේ E – bike ධාවනය

Read More »

කුඩා දැරියකගේ මරණයෙන් පසු ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් නීති ගැන අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකදී මාස 22ක් වයසැති දැරියක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයට සහ එහි සේවිකාවකට අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom