Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Mater රෝහල් ජාලය සිය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා, බාහිර ආයතන වෙත පැවරීමට ගත් තීරණයක් හේතුවෙන් සේවක තනතුරු 400කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ල වන බව වාර්තා වෙනවා.

Brisbane සහ Springfield ප්‍රදේශවල පිහිටි Mater රෝහල්වල සේවය කරන පූර්ණකාලීන සහ අර්ධකාලීන සේවකයන් මෙම තීරණයෙන් බලපෑමට ලක්වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ඉදිරි මාස දෙක තුළ තනතුරු 100කට වැඩි සංඛ්‍යාවක් අහිමි වීමට නියමිත අතර, ඉතිරි තනතුරු බොහොමයක් පිළිබද තීරණය 2027 වසරේදී ගනු ඇති බවයි වාර්තා වන්නේ.

Advertisement

පසුගිය දශකය තුළ වෛද්‍ය සේවා පවත්වාගෙන යාමේ වියදම් ඉහළ ගියද, Medicare සහනාධාර ඊට සරිලන ලෙස ඉහළ නොයාම මෙම තීරණයට හේතු වී ඇති බවයි Mater ආයතනය පවසන්නේ.

නව ක්‍රමවේදය යටතේ Brisbane සහ Springfield රෝහල්වල රසායනාගාර පරීක්ෂණ සේවා Sullivan Nicolaides Pathology සහ Pathology Queensland ඇතුළු විශේෂිත බාහිර ආයතන මගින් සැපයීමට නියමිතව තිබෙනවා.

Banner 01

කෙසේ වෙතත්, දැනටමත් බාහිර රසායනාගාර සේවා සපයන්නන් භාවිත කරන Townsville, Mackay, Rockhampton, Bundaberg සහ Gold Coast ප්‍රදේශවල පිහිටි Mater රෝහල්වලට මෙම වෙනස බලපාන්නේ නැහැ.

මෙම තීරණය හේතුවෙන් රෝගීන්ට ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාරවල ගුණාත්මකභාවයට බලපෑමක් සිදු නොවන බවත්, නව ක්‍රමය මගින් රෝගී සත්කාර සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් යොමු කිරීමට හැකිවන බවත් එම ආයතනය සඳහන් කරනවා.

එමෙන්ම, මෙම තීරණය සේවකයන්ගේ දක්ෂතාව, වෘත්තීයභාවය හෝ කැපවීම පිළිබඳ ගැටලුවක් හේතුවෙන් ගනු ලැබූවක් නොවන බව අවධාරණය කරමින්, ඔවුන් ලබාදුන් සේවය වෙනුවෙන් Mater ආයතනය සිය කෘතඥතාව පළකර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සේවාවක් වන Qantas සමාගමේ ගුවන් තොටුපොළ ground crew සේවකයින් සිය ගණනක් අද පැය 24ක දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්...

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ...

ඔස්ට්‍රේලියාවේ Greens පක්ෂය සියලුම බදු ගෙවන්නන්ට සතියකට ඩොලර් 21ක බදු සහනයක් ලබාදීමටත්, සුබසාධන දීමනා ඉහළ නැංවීමටත් එම පක්ෂයේ පළමු ප්‍රතිපත්ති...

ඔස්ට්‍රේලියානු වීසා සඳහා ඉන්දියාවේ සිට අයදුම් කරන ඇතැම් පුද්ගලයන්ට ඔක්තෝබර් 26 සිට නව ජෛවමිතික අවශ්‍යතා හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව,...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ජනතාව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිලදී ගැනීම අඩු කර ඇති අතර, ප්‍රධාන වෙළෙඳ සමාගම් රැසක...

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සිකුරාදා සිට සිදුවූ මාරාන්තික රිය අනතුරු මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු බරපතළ තුවාල...

පසුගියදා ඔස්ට්‍රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට...

පාකිස්තානය පරාජය කරමින් තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. දිල්ශාන් මදුසංකගේ විශිෂ්ට...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මුදල් ඉතිරි කරගැනීමට පාරිභෝගිකයන් නව ක්‍රම සොයමින් සිටින පසුබිමක සුපිරි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ රෝහල් ජාලයක තීරණයකින් රැකියා 400කට වැඩි සංඛ්‍යාවක් අවදානමක

ඔස්ට්‍රේලියාවේ රෝහල් ජාලයක තීරණයකින් රැකියා 400කට වැඩි සංඛ්‍යාවක් අවදානමක

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Mater රෝහල් ජාලය සිය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා, බාහිර ආයතන වෙත පැවරීමට ගත් තීරණයක් හේතුවෙන් සේවක තනතුරු 400කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ල

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන ගණනක් ඔට්ටුවකට වැයවන ලකුණු

අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන්

Read More »

ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත අතරට වික්ටෝරියාවේ සැඟවුණු පාරාදීසයක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පිහිටි Gippsland කලාපය, 2027 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 41 අතර 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. සුන්දර වෙරළ තීරයන්, කඳුකර මාර්ග,

Read More »

Melbourne සිට කොළඹ ආ Sri Lankan ගුවන්යානයක හදිසි තත්වයක්

Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු පැහැදිලි කර තිබෙනවා. UL605 දරන

Read More »

වික්ටෝරියාවේ ගිනි නිවන සේවා පුළුල් කිරීමට යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පැරණි ගිනි නිවන රථ වෙනුවට නව රථ 335ක් ලබාදීමට Liberal-National Coalition පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වනදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත

Read More »

Melbourneහි ක්‍රීඩා පිටි වලට හානි කරන පුද්ගලයින් සොයා පොලිස් විමර්ශන

Melbourne නගරයේ Williamstown ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක තණතිල්ලට යම් පිරිසක් විසින් හානි සිදුකර තිබෙනවා. මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ක්‍රීඩා පිටියේ E – bike ධාවනය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom