Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

බ්‍රිතාන්‍යයේ සේවය කරන විදේශිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා දැනට පවතින වසර 5ක අවම කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීමේ නව සංක්‍රමණික ප්‍රතිසංස්කරණ මාලාවක් එරට රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් Shabana Mahmood විසින් නොවැම්බර් 2 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ Earned Settlement ප්‍රතිපත්තිය යටතේයි මෙම වෙනස්කම් යෝජනා කර ඇත්තේ.

නව යෝජනාවලට අනුව, බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය හෙවත් Indefinite Leave to Remain (ILR) ලබාගැනීම සඳහා එරට ජීවත් වූ කාලය පමණක් නොව, ආදායම, රැකියාව, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව, සංක්‍රමණික නීති පිළිපැදීම සහ රටට ලබාදුන් ආර්ථික දායකත්වය ද සැලකිල්ලට ගැනීමට නියමිතයි.

Advertisement

ඒ අනුව වාර්ෂිකව පවුම් 50,000කට අඩු ආදායමක් ලබන බොහෝ විදේශීය සේවකයන්ට ස්ථිර පදිංචිය සඳහා වසර 10ක් බලාසිටීමට සිදුවිය හැකි අතර, පවුම් 50,000කට වැඩි ආදායමක් ලබන පුද්ගලයන්ට සහ වෛද්‍යවරුන්, හෙදියන් හා ගුරුවරුන් වැනි සුදුසුකම් ලබන රාජ්‍ය සේවකයන්ට වසර 5කින් ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවිය හැකියි.

වාර්ෂිකව පවුම් 125,000කට වැඩි ආදායමක් ලබන ඉහළ ආදායම්ලාභීන්ට සහ ඇතැම් විශේෂ කුසලතා වීසා හිමියන්ට වසර තුනකින් ස්ථිර පදිංචිය සඳහා සුදුසුකම් ලැබීමට ද යෝජනා කර තිබෙනවා.

Banner 01

මේ අතර, නීතිවිරෝධී මාර්ගවලින් බ්‍රිතාන්‍යයට පැමිණි ඇතැම් සරණාගතයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා වසර 20ත් 30ත් අතර කාලයක් බලාසිටීමට සිදුවිය හැකි බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත්, 2025 මැයි මාසයට පෙර බ්‍රිතාන්‍යයට පැමිණි ඇතැම් Care Workers සඳහා වසර 5ක ස්ථිර පදිංචි මාර්ගය පවත්වාගෙන යාමට විශේෂ සහන ලබාදීමට ද යෝජනා කර තිබෙනවා.

නව ප්‍රතිපත්තිය යටතේ ස්ථිර පදිංචිය සඳහා අයදුම්කරුවන්ට ඉහළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවක්, අවම වශයෙන් වසර තුනක National Insurance දායකත්වයක් සහ රජයට ගෙවිය යුතු හිඟ මුදල් නොමැති බව ඇතුළු කොන්දේසි සපුරාලීමට සිදුවිය හැකියි.

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇස්තමේන්තු අනුව, මෙම වෙනස්කම් හේතුවෙන් සංක්‍රමණිකයන් ලක්ෂ 5කට වැඩි පිරිසකට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා වසර 5කට වඩා වැඩි කාලයක් බලාසිටීමට සිදුවිය හැකියි.

මෙම ප්‍රතිසංස්කරණ 2027 වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, දැනටමත් ස්ථිර පදිංචිය ලබාගෙන සිටින පුද්ගලයන්ගේ එම තත්ත්වය අහෝසි නොකරන බව ද රජය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, නව නීති තවමත් ක්‍රියාත්මක වී නොමැති අතර, අවසන් නීති සහ අදාළ සංක්‍රාන්ති විධිවිධාන ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව එක් එක් වීසා කාණ්ඩයට ඇති බලපෑම නිශ්චිතව තීරණය වනු ඇති.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ...

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ යෝජිත ඩොලර් බිලියනයක් වටිනා ගල්අඟුරු පතල් ව්‍යාපෘතියකට ඉදිරි සැලසුම් කටයුතු කරගෙන යාම සඳහා Queensland ඉඩම් අධිකරණය අවසර...

ඔස්ට්‍රේලියාවේ නව යොවුන් වියේ පසුවන දරුවන් පවා අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වෙමින් සිටින බවට Australian Federal පොලිසිය අනතුරු අඟවා...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ජනතාව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිලදී ගැනීම අඩු කර ඇති අතර, ප්‍රධාන වෙළෙඳ සමාගම් රැසක...

වික්ටෝරියා ප්‍රාන්තයේ Wallan ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට Social Media ඔස්සේ තොරතුරු පළවී තිබෙනවා. Krishleen Kaur නමැති මෙම...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් අඛණ්ඩව හත්වැනි මාසයටත් පහත වැටී තිබෙනවා. නවතම දේපළ වෙළෙඳපොළ දත්ත අනුව, ඔක්තෝබර් මාසයේදී ජාතික මධ්‍යස්ථ නිවාස...

ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන...

වික්ටෝරියා ප්‍රාන්තය තුළ අලෙවි කළ Pasta නිෂ්පාදන වර්ග 6ක් ආපසු කැඳවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. එම නිෂ්පාදන තුළ ලෝහ කොටස්...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් එක් අයෙකුට ඩොලර් 500කට වැඩි අමතර ඉන්ධන වියදමක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

බ්‍රිතාන්‍යයේ PR සිහිනයට නව නීති – ලක්ෂ ගණනකට බලපෑම්

බ්‍රිතාන්‍යයේ PR සිහිනයට නව නීති – ලක්ෂ ගණනකට බලපෑම්

බ්‍රිතාන්‍යයේ සේවය කරන විදේශිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා දැනට පවතින වසර 5ක අවම කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීමේ නව සංක්‍රමණික ප්‍රතිසංස්කරණ මාලාවක්

Read More »

ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන ගැන ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් ලෝක නායකයන්ට අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ ප්‍රහාරය, ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පොදු රාජ්‍ය

Read More »

RBA පොලී වැඩි කළා – දැන් අනෙක් බැංකු මොනවා කරයිද?

ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

Read More »

ඔස්ට්‍රේලියාවේ Training Visa ගන්න දැන් රටින් පිටත සිටිය යුතුයි

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. Department of Home Affairs

Read More »

වික්ටෝරියාවේ ගංගාවකින් 11 හැවිරිදි දරුවෙකුගේ සිරුරක් හමුවෙයි

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. Victoria

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තීරණය ගැන Ben Carrollගෙන් ප්‍රබල ප්‍රකාශයක්

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය Victoria ප්‍රාන්තයේ වැඩකරන ජනතාවට දැඩි බලපෑමක් එල්ල වූ බව ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom