

ඔස්ට්‍රේලියානුවන්ගේ මාසික වියදම් යළි ඉහළට
ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපා ඇති

ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපා ඇති බව නවතම රාජ්‍ය සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) අද නිකුත් කළ වාර්තාවට අනුව, 2026 සැප්තැම්බර් මාසයේදී ගෘහස්ථ වියදම් සියයට 0.6කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අගෝස්තු මාසයේදී වාර්තා වූ සියයට 0.1ක පහත වැටීමෙන් අනතුරුවයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානුවන්ගේ මුළු ගෘහස්ථ වියදම් සියයට 6.8කින් ඉහළ ගොස් ඇති අතර, එම කාලසීමාවේ වාර්ෂික උද්ධමනය සියයට 4.3ක් ලෙස වාර්තා වී තිබෙනවා.
සැප්තැම්බර් මාසයේදී පමණක් ඉන්ධන සඳහා ජනතාව වැය කළ මුදල සියයට 5.4කින් ඉහළ ගොස් තිබෙනවා.
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක තෙල් මිල ඉහළ යාම සහ ඔස්ට්‍රේලියාවේ තාවකාලික ඉන්ධන බදු සහනය අවසන් වීම මේ සඳහා බලපා ඇති බවයි ABS ආයතනය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, ඉන්ධන සඳහා වැය කළ මුදල ඉහළ ගියද, ජනතාව මිලදී ගත් ඉන්ධන ප්‍රමාණය සියයට 2.2කින් පහත වැටී ඇති බව ද නවතම දත්ත අනාවරණය කරනවා.
මේ අතර, වෛද්‍යවරුන් හමුවීම, දන්ත වෛද්‍ය ප්‍රතිකාර, අක්ෂි පරීක්ෂණ සහ ඖෂධ මිලදී ගැනීම් සඳහා වැය කරන මුදල ද සැප්තැම්බර් මාසයේදී ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රමාද වී පැමිණි උණ රෝග ව්‍යාප්තිය හේතුවෙන් ඖෂධ සහ සෞඛ්‍ය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජනතාව වැඩි මුදලක් වැය කර ඇති බව ද ABS වාර්තාව සඳහන් කරනවා.
ඒ අතරම AFL සහ NRL අවසන් මහා තරග ඇතුළු ප්‍රධාන ක්‍රීඩා ඉසව්, සජීවී සංගීත ප්‍රසංග සහ විනෝදාස්වාද වැඩසටහන් සඳහා ද ජනතාවගේ වියදම් ඉහළ ගොස් තිබෙනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රසංග සහ විනෝදාස්වාද වැඩසටහන් සඳහා කල්තියා ප්‍රවේශපත් මිලදී ගැනීම ද මෙම වර්ධනයට බලපා තිබෙනවා.
ජනප්‍රිය Sunscreen නිෂ්පාදන කිහිපයක් ලේබලවල සඳහන් පරිදි හිරු කිරණවලින් ආරක්ෂාව ලබා නොදෙන බව අනාවරණය වීමත් සමඟ, ඔස්ට්‍රේලියාවේ Sunscreen නිෂ්පාදන නියාමනය...
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා ක්‍රියාත්මක දැඩි student visa නීති සංශෝධනය කිරීමට labor රජය පියවර ගනිමින් සිටින බවට සදහන් වී...
ඔස්ට්‍රේලියාවේ Wollongong ප්‍රදේශයේ ජලනළ කාර්මිකයෙකු වන John Unali, මාර්ග අසල ඉවත දමන භාණ්ඩවලින් වසරකට ඔස්ට්‍රේලියානු ඩොලර් 6,000ක පමණ අමතර ආදායමක්...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක්...
ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි බව සංචිත බැංකුවේ (RBA) අධිපතිනි Michele Bullock පවසනවා....
ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්‍රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා....
නවසීලන්තයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට වසර 13කට පසු ව වඩාත් වාසිදායක විනිමය අනුපාතයක් හිමිව තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානු ඩොලරයේ...
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මුදල් ඉතිරි කරගැනීමට පාරිභෝගිකයන් නව ක්‍රම සොයමින් සිටින පසුබිමක සුපිරි...

ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපා ඇති

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 3 දක්වා පුද්ගලයන්

ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය (High Court of Australia) අද තීන්දු

ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අද නිවේදනය කළ මෙම

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා. අඟහරුවාදා රාත්‍රියේ පැවති 1707 වැනි

මෙල්බන්හි ගිනිකොනදිග Keysborough ප්‍රදේශයේ අද අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Keysboroughහි Cheltenham Road සහ Bracknell Street ආසන්නයේදී