Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර ඇතිව තිබෙන මෙම උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් Queensland ප්‍රාන්තයේ අභ්‍යන්තර ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ත් ඉක්මවා යා හැකි බවයි කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ.

අද Brisbane නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, Gold Coast සහ Sunshine Coast ප්‍රදේශවල ද දැඩි උණුසුමක් වාර්තා වී තිබෙනවා.

Advertisement

විශේෂයෙන් Peninsula, Gulf Country, Northern Goldfields, Upper Flinders සහ උතුරු වෙරළබඩ ප්‍රදේශ රැසකට දැඩි උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, මෙම තත්ත්වය සති අන්තය දක්වා තවදුරටත් පැවතිය හැකි බව සඳහන්.

කෙසේ වෙතත් Brisbane ඇතුළු දකුණු Queensland ප්‍රදේශවල උෂ්ණත්වය හෙට දිනයේ සෙල්සියස් අංශක 28ක් දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, උතුරු ප්‍රදේශවල දැඩි උණුසුම තවදුරටත් පවතිනු ඇති බවට අනාවැකි පළ කර තිබෙනවා.

Banner 01

මෙවැනි උණුසුම් කාලගුණ තත්ත්වයන් වැඩිහිටියන්ට, කුඩා දරුවන්ට, ගර්භණී කාන්තාවන්ට සහ විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට විශේෂයෙන් අවදානම් සහගත විය හැකි බවටයි කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවන්නේ.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකීම සහ හැකි සෑම විටම සිසිල් ස්ථානවල රැඳී සිටීම ඇතුළු ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoria ප්‍රාන්තයේ මාර්ගවල පවතින වලවල් හඳුනාගෙන ඒවා කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි...

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ සිඩ්නි නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා අධිබලැති ගිනිඅවි රැගත් විශේෂ පොලිස් ඒකකයක් ඊයේ (01) සිට නිල වශයෙන්...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne Cup දිගු සති අන්තය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම මාරක...

ඔස්ට්‍රේලියාවේ පළමු නිවස මිලදී ගැනීම සඳහා Superannuation විශ්‍රාම ඉතුරුම් මුදල් කලින් ලබාගැනීමට අවසර දීමේ යෝජනාව සම්බන්ධයෙන් ලිබරල් පක්ෂය තුළ මතභේදයක්...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Leongatha ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරුවේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා. Geoscience Australia ආයතනය තහවුරු කර ඇත්තේ, පෙරවරු 10.33ට සිදුවූ...

ඔස්ට්‍රේලියාවේ විදේශීය රියදුරු බලපත්‍ර Australian Driver’s Licence බවට පරිවර්තනය කිරීමේ නීති අද සිට ප්‍රාන්ත දෙකක ලිහිල් කර තිබෙනවා. ඒ අනුව...

Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු...

Melbourne හි Footscray ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට නොමිලේ ආහාර ලබාදුන් Lighthouse Cafe ආයතනය තාවකාලිකව වසා දැමීමට Salvation...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Summer එකටත් කළින් ඔස්ට්‍රේලියාව උණුසුම් වෙයි

අන්නාසි නිසා රැකියාව අහිමි වූ බ්‍රිස්බන් Chef

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

Read More »

Summer එකටත් කළින් ඔස්ට්‍රේලියාව උණුසුම් වෙයි

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර ඇතිව තිබෙන මෙම

Read More »

වික්ටෝරියා මැතිවරණ අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක පුවරුවකට වෙඩි ප්‍රහාරයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරියා

Read More »

කුලී නිවාස සොයන අයට ඔස්ට්‍රේලියාවෙන් නරක ආරංචියක්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය සේවකයන්ට පවා තම ආදායමට ගැළපෙන

Read More »

Mrs.Sri Lanka World 2026හි සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් Melbourneහි රොශ්නි සමරතුංග

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා. ඇය නිරූපිකාවක් මෙන්ම නිළියක් සහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom