Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු Visa ලබාගැනීම සඳහා ව්‍යාජ ලේඛන හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන පුද්ගලයන්ට එරෙහිව වසර 10ක් දක්වා සිරදඬුවම් ඇතුළු දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව ඔස්ට්‍රේලියානු ආගමන බලධාරීන් අවධාරණය කරනවා.

ඒ අනුව, Visa අයදුම්පත් සමඟ ඉදිරිපත් කරන සියලුම ලේඛන සත්‍ය, නිවැරදි සහ තහවුරු කළ හැකි ඒවා විය යුතු බව Department of Home Affairs දැනුම් දෙනවා.

ව්‍යාජ බැංකු ගිණුම් වාර්තා, රැකියා සහතික, අධ්‍යාපන සහතික මෙන්ම වෙනස් කරන ලද ඡායාරූප සහ වෙනත් ලේඛන ඉදිරිපත් කිරීමද නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස සැලකෙනවා.

Advertisement

එවැනි අසත්‍ය තොරතුරු හෝ ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙන් Visa අයදුම්පත් ප්‍රතික්ෂේප වීමට, දැනටමත් ලබාගෙන ඇති Visa අවලංගු වීමට මෙන්ම අනාගත Visa අයදුම්පත් සඳහා සීමා පැනවීමටත් ඉඩ තිබෙනවා.

විශේෂයෙන්ම Migration Act 1958 හි 234 වැනි වගන්තිය යටතේ ව්‍යාජ හෝ ව්‍යාජ ලෙස සකස් කළ ලේඛන ඉදිරිපත් කිරීම අපරාධ වරදක් වන අතර, ඒ සඳහා වසර 10ක් දක්වා සිරදඬුවමක් හෝ Australian Dollar 1,000ක Penalty Units ප්‍රමාණයකට අදාළ දඩයක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකියි.

Banner 01

එමෙන්ම, Commonwealth ආයතනයකට අසත්‍ය හෝ නොමඟ යවන තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් Criminal Code යටතේ වසරක උපරිම සිරදඬුවමක්ද නියම කළ හැකි බව සඳහන්.

Migration Agent කෙනෙකුගේ සහාය ලබාගෙන Visa අයදුම් කළද, එහි සඳහන් තොරතුරු සහ ඉදිරිපත් කරන ලේඛන නිවැරදි බව තහවුරු කරගැනීම අයදුම්කරුගේම වගකීමක් බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන සියලු දෙනා තම Visa අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී සත්‍ය තොරතුරු සහ නිල ලේඛන පමණක් භාවිත කරන ලෙසට දැනුම් දී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකදී මාස 22ක් වයසැති දැරියක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයට සහ එහි සේවිකාවකට අධිකරණය...

ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සිකුරාදා සිට සිදුවූ මාරාන්තික රිය අනතුරු මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු බරපතළ තුවාල...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne Cup දිගු සති අන්තය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම මාරක...

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් Labor රජය තුළ අභ්‍යන්තර මතභේද පවතින බවට පළවන වාර්තා හමුවේ, රජයේ එකමුතුකම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම රජයේ...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Leongatha ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරුවේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා. Geoscience Australia ආයතනය තහවුරු කර ඇත්තේ, පෙරවරු 10.33ට සිදුවූ...

Australiaට පැමිණෙන British backpackers සඳහා දැනට පවතින Working Holiday Maker visa නීති තවත් දැඩි කිරීම ගැන අගමැති Anthony Albanese බ්‍රිතාන්‍ය...

ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්‍රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා....

ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු Visa එකක් ගන්න බොරු තොරතුරු දුන්නොත් මොකද වෙන්නේ?

අන්නාසි නිසා රැකියාව අහිමි වූ බ්‍රිස්බන් Chef

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

Read More »

Summer එකටත් කළින් ඔස්ට්‍රේලියාව උණුසුම් වෙයි

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර ඇතිව තිබෙන මෙම

Read More »

වික්ටෝරියා මැතිවරණ අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක පුවරුවකට වෙඩි ප්‍රහාරයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරියා

Read More »

කුලී නිවාස සොයන අයට ඔස්ට්‍රේලියාවෙන් නරක ආරංචියක්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය සේවකයන්ට පවා තම ආදායමට ගැළපෙන

Read More »

Mrs.Sri Lanka World 2026හි සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් Melbourneහි රොශ්නි සමරතුංග

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා. ඇය නිරූපිකාවක් මෙන්ම නිළියක් සහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom