

ජනතා විරෝධය හමුවේ Albanese රජයේ තීරණය වෙනස් කරයි
ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි බව නවතම Canstar පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
Canstar Data Insights අධ්‍යක්ෂ Sally Tindall පෙන්වා දෙන්නේ ව්‍යායාම, රූපලාවණ්‍ය කටයුතු සහ ආහාරපාන සඳහා වැයවන මුදල් සරල වෙනස්කම් කිහිපයකින් සැලකිය යුතු ලෙස අඩුකරගත හැකි බවයි.
ඔස්ට්‍රේලියානුවන් Gym Membership සඳහා මාසිකව සාමාන්‍යයෙන් ඩොලර් 77ක් හෙවත් වසරකට ඩොලර් 924ක් වැය කරන අතර, ඒ වෙනුවට නොමිලේ පැවැත්වෙන Parkrun වැඩසටහන් සහ Online Fitness Classes භාවිත කිරීමෙන් මෙම මුදල ඉතිරි කරගත හැකි බව ඇය පෙන්වා දෙනවා.

එමෙන්ම මාසිකව ඩොලර් 100ක් පමණ වැය කරමින් Massage සේවා ලබාගන්නා පුද්ගලයන්ට ඩොලර් 9ක් පමණ වන Foam Roller එකක් භාවිත කිරීමෙන් වසරකට ඩොලර් 1,166ක් දක්වා ඉතිරි කරගත හැකි බවද Canstar ගණනය කර තිබෙනවා.
රූපලාවණ්‍ය කටයුතු සඳහා මාසිකව ඩොලර් 70ක් පමණ වැය කරන කාන්තාවන්ට නැවත නැවත භාවිත කළ හැකි Press-on Nails තෝරාගැනීමෙන් වසරකට ඩොලර් 664ක් පමණ ඉතිරි කරගැනීමට හැකි වනවා.
ආහාර වියදම් සම්බන්ධයෙන්ද Canstar ආයතනය වැදගත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.
විශේෂයෙන් නිවසේදී පාන් සෑදීම සඳහා Bread Maker යන්ත්‍රයක් භාවිත කිරීමෙන් සතියකට Sourdough පාන් ගෙඩි දෙකක් පරිභෝජනය කරන පවුලකට වසරකට ඩොලර් 633ක් පමණ ඉතිරි කරගත හැකි බව සඳහන්.
එමෙන්ම දිනපතා වෙළෙඳසැල්වලින් Sparkling Water මිලදී ගන්නා පුද්ගලයන්ට SodaStream යන්ත්‍රයක් භාවිත කිරීමෙන් වසරකට ඩොලර් 922ක් පමණ ඉතිරි කරගැනීමට හැකි බවද පෙන්වා දෙනවා.
පිරිමින්ට තමන්ගේ හිසකෙස් කැපීම සඳහා නිවසේ Hair Clippers භාවිත කිරීම ද අමතර මුදල් ඉතිරි කරගත හැකි තවත් ක්‍රමයක් ලෙස හඳුන්වාදී තිබෙනවා.
මෙවැනි සරල වෙනස්කම් සියල්ල එකතු කළ විට පළමු වසර තුළම ඩොලර් 5,000කට ආසන්න මුදලක් ඉතිරි කරගැනීමේ හැකියාව පවතින බවයි Canstar ආයතනය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, මෙම ඉතිරිකිරීම් එක් එක් පවුලේ වියදම් සහ පරිභෝජන රටාව අනුව වෙනස් විය හැකි අතර, දෛනික ජීවිතයේ සතුට අත්නොහැර වියදම් පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ David Jones වෙළෙඳසැල් ජාලයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ, එහි පාරිභෝගිකයන්ට තමන් සතු Gift Cards සහ කලින් මුදල් ගෙවා...
ඇමරිකානු දේශපාලනයේ විශාල පෙරළියක් සිදුකරමින් 2026 Midterm Election හිදී Democratic පක්ෂය කොංග්‍රසයේ ප්‍රධාන ආයතන දෙක වන House of Representatives සහ...
ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ...
බ්‍රිතාන්‍යයේ සේවය කරන විදේශිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා දැනට පවතින වසර 5ක අවම කාලය වසර 10ක් දක්වා දීර්ඝ...
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ ප්‍රහාරය, ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියාවේ Student Visa අයදුම්කරුවන්ගේ මූල්‍ය හැකියාව තහවුරු කිරීමේ ක්‍රමවේදය තවදුරටත් දැඩි කිරීමට රජය සලකා බලමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් Department of...
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ඉහළ යන පසුබිමක, AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස Greens පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවල විශේෂඥ වෛද්‍ය සේවා ලබාගැනීමේදී ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බව වාර්තා වනවා. විශේෂයෙන්...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්දදායක ලියාපදිංචිය අද රාත්‍රී 8ට අවසන් වනවා. ඒ අනුව...

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික පුද්ගලයන්ගේ තොරතුරු බලපෑමට ලක් කළ

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි

Sydney නගරයේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඒ අනුව අද, නොවැම්බර් 8 වනදා උදෑසන 6ට පමණ Campbelltown නගරයට ආසන්න Appin ප්‍රදේශයේ

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. නොවැම්බර් 8

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර සහනදායී පොලී අනුපාතයක් ලබාගැනීමට උත්සාහ