Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Queensland ප්‍රාන්තයේ විපක්ෂය වන Labor පක්ෂයට යළි බලයට පැමිණීම සඳහා දැඩි අභියෝගයකට මුහුණදීමට සිදු වී ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පවසනවා.

Queensland ප්‍රාන්තයේ David Crisafulliගේ නායකත්වයෙන් යුත් Liberal National Party (LNP) රජය සමඟ තරග කරන Labor පක්ෂයට, Pauline Hansonගේ One Nation පක්ෂයේ නැගී ඒම ද තවත් අභියෝගයක් වී තිබෙනවා.

RedBridge Group ආයතනයේ අධ්‍යක්ෂ සහ මැතිවරණ මත විමසුම් විශ්ලේෂක Kos Samaras පවසන්නේ Queenslandහි දෙවැනියට වැඩිම ජනතා සහාය හිමි පක්ෂය බවට පත්වීම සඳහා Labor සහ One Nation පක්ෂ අතර තරගයක් පවතින බවයි.

Advertisement

මේ අතර, Labor පක්ෂ නායක සහ හිටපු ප්‍රාන්ත අගමැති Steven Milesගේ නායකත්වය සම්බන්ධයෙන් ද පක්ෂය තුළ විවිධ මත පළ වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත්, පක්ෂයේ ඇතැම් සාමාජිකයන් ඔහුට සහාය පළ කරන අතර, තවත් පිරිසක් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ අසතුට පළ කර ඇති බවත් සඳහන්.

Banner 01

Queensland හි ගිනිකොනදිග කලාපයෙන් පිටත Labor පක්ෂයට හිමිව ඇත්තේ Cairns, Bundaberg සහ Gladstone යන ආසන තුන පමණක් වන අතර, ප්‍රාදේශීය ප්‍රදේශවල ජනතා සහාය යළි දිනාගැනීම ද එම පක්ෂයට අභියෝගයක් වී තිබෙනවා.

ඒ අනුව, 2028 ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත Queensland ප්‍රාන්ත මැතිවරණයට පෙර ජනතාවගේ විශ්වාසය යළි දිනාගැනීම සඳහා Labor පක්ෂයට සැලකිය යුතු වැඩකොටසක් ඉටු කිරීමට සිදුවනු ඇති බවයි දේශපාලන විශ්ලේෂණයෙන් පෙන්වා දෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට...

Perth ගුවන්තොටුපොළේදී ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා....

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට...

ඇමරිකාවේ Midterm මැතිවරණයෙන් ජනාධිපති Donald Trumpගේ Republican පක්ෂයට දැඩි පසුබෑමක් සිදුවුවද, ඔස්ට්‍රේලියාව ඇමරිකාව සමඟ පවත්වාගෙන යන සබඳතා වෙනස් නොකරන බව...

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති දැවැන්ත AI දත්ත මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කර තිබෙනවා. Adelaide නගරයට...

Northern Territory ප්‍රාන්තයේ රජයේ සෞඛ්‍ය සේවාවන්ට අයත් සියලුම සායනික ස්ථානවල සේවකයන්ට Meta Smart Glasses ඇතුළු වීඩියෝ පටිගත කළ හැකි Smart...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරය පුරා සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ බවට සැක කෙරෙන ගිනි තැබීම් ඉහළ යාමත් සමඟ ඉන්ධන අලෙවිය සම්බන්ධයෙන් පොලිසිය...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවල විශේෂඥ වෛද්‍ය සේවා ලබාගැනීමේදී ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බව වාර්තා වනවා. විශේෂයෙන්...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳාම සම්බන්ධයෙන් පවතින ගැටුම් සහ ඒ හේතුවෙන් සිදුවන බවට චෝදනා එල්ල වී ඇති වෙළෙඳසැල් හා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Queensland දේශපාලනය උණුසුම් – Labor පක්ෂයට අලුත් අභියෝගයක්

Ferrari ඇතුළු Supercars සිය ගණනක් එක් වූ විරෝධතාවක්

බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් විශේෂ රථ පෙළපාලියක්

Read More »

Victoria රෝහල්වල ප්‍රචණ්ඩත්වය 60%කින් ඉහළට

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වය පසුගිය වසර හතර තුළ 60%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

සත්ත්ව මේදයෙන් ඉන්ධන හදන්න ඔස්ට්‍රේලියාව සූදානම්

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විකල්ප විසඳුමක් ලෙස සත්ව මේදය යොදාගනිමින් පුනර්ජනනීය ඉන්ධන නිෂ්පාදනය කිරීමේ සැලසුම් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සඳහා සත්ව මේදයෙන් ලබාගන්නා

Read More »

ඔස්ට්‍රේලියානු වීසා බලාගෙන ඉන්න අයට තවත් ප්‍රමාදයක්

විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන් රැසකට

Read More »

ගුවන් යානයක ආසන මාරුවක් නිසා මගියෙකු අත්අඩංගුවට

Perth ගුවන්තොටුපොළේදී ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා. ඊයේ (06) Perth සිට Melbourne බලා

Read More »

වසර 53කට පසු ඔස්ට්‍රේලියාවේ අලුත් ඉතිහාසයක් ලියූ දැවැන්ත නිර්මාණය

NSW ප්‍රාන්තයේ Parramatta නගරයේ ඉදිකළ නව Powerhouse Parramatta කෞතුකාගාරය අද (07) ජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 915ක් වැය කරමින් ඉදිකළ මෙම කෞතුකාගාරය,

Read More »
[the_ad id="38840"]
Error occurred when trying to fetch the file using wp_safe_remote_get(). cURL error 28: Operation timed out after 3002 milliseconds with 0 bytes received
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom