Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Australian Taxation Office (ATO) විසින් ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන් 8,000කට ආසන්න පිරිසකට සිය බදු වාර්තාවල සඳහන් වියදම් නැවත පරීක්ෂා කරන ලෙස දැනුම් දෙමින් විශේෂ ලිපි රැසක් යොමු කර තිබෙනවා.

රැකියාවට අදාළ වියදම් සඳහා බදු සහන ඉල්ලා ඇති පුද්ගලයන්ගේ බදු වාර්තා පරීක්ෂා කිරීමේදී, සමාන ආදායම් ලබන සහ සමාන රැකියා තත්ත්වයන් ඇති අනෙකුත් පුද්ගලයන්ට වඩා ඇතැමුන් ඉතා ඉහළ වියදම් ප්‍රමාණයක් සඳහන් කර ඇති බව ATO ආයතනය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, එම වියදම් නිවැරදිදැයි නැවත පරීක්ෂා කරන ලෙස දැනුම් දෙමින් අදාළ පුද්ගලයන්ට මෙම ලිපි යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා නියමිත ව තිබූ අවසන් දිනයට එනම් ඔක්තෝම්බර් 31 වෙනිදා ට පෙර සිටම ATO විසින් මෙම ලිපි යැවීම ආරම්භ කර තිබෙනවා.

Advertisement

බදු වාර්තාවේ සඳහන් කර ඇති රැකියා ආශ්‍රිත වියදම් නිවැරදි නම් සහ ඒවා සනාථ කිරීමට අවශ්‍ය ලේඛන පවතින්නේ නම්, එම අදාළ පුද්ගලයන්ට වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය නොවන බවයි ATO ආයතනය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, බදු වාර්තාවේ වැරදි තොරතුරු ඇතුළත් කර ඇති බව හෝ සැබෑ වියදමට වඩා වැඩි මුදලක් සඳහන් කර ඇති බව හඳුනාගතහොත්, එම වැරදි නිවැරදි කර බදු වාර්තාව සංශෝධනය කළ යුතු වන අතර, අදාළ ලිපියේ සඳහන් කාලසීමාව තුළ එම සංශෝධන සිදු නොකළහොත් දඩ මුදල් අය කිරීමට පියවර ගන්නා බවත් එම ආයතනය අවධාරණය කරනවා.

Banner 01

විශේෂයෙන් නිවසේ සිට රාජකාරි කිරීමේදී දැරූ වියදම්, රැකියා කටයුතු සඳහා වාහන භාවිත කිරීම, රැකියාවට අවශ්‍ය ඇඳුම් මිලදී ගැනීම සහ රැකියාවට සම්බන්ධ අධ්‍යාපන කටයුතු සඳහා වැය කළ මුදල් වෙනුවෙන් ඉල්ලා ඇති බදු සහන පිළිබඳ ව ATO ආයතනය වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

මේ අතර, 2026–27 ආදායම් වර්ෂයේ සිට සුදුසුකම් ලබන බදු ගෙවන්නන්ට රැකියාවට අදාළ වියදම් වෙනුවෙන් ඩොලර් 1,000ක සම්මත බදු අඩුකිරීමක් ලබාගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම නව බදු සහනය 2025–26 ආදායම් වර්ෂයට අදාළ බදු වාර්තා සඳහා හිමි නොවන බවයි වාර්තා වන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය...

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර...

Victoria ප්‍රාන්තයේ මාර්ගවල පවතින වලවල් හඳුනාගෙන ඒවා කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා....

2027 වසර සඳහා NSW Australian of the Year සම්මානය සමුද්‍ර විද්‍යාඥවරියක වන ආචාර්ය Vanessa Pirotta වෙත පිරිනමා තිබෙනවා. තල්මසුන්ගේ සෞඛ්‍ය...

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය (PR) හිමි පුද්ගලයන්ට තම දෙමාපියන් ගෙන්වාගැනීම සඳහා Parent Visa කාණ්ඩ 6ක් පවතින අතර, ඒවායේ ගාස්තු...

ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය අතර ඇති කරගැනීමට සැලසුම් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම (Australia–EU Free Trade Agreement) මඟින් රටේ ආර්ථික...

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව ඇතුළු ප්‍රජනක සෞඛ්‍ය ගැටලු සඳහා වසරකට අමතර වැටුප් සහිත නිවාඩු දින 10ක් ලබාදීමේ යෝජනාවක් පිළිබඳව...

ශරීරයේ බර අඩු කිරීම සඳහා භාවිත කරන Wegovy ඖෂධය පෙත්තක් ලෙස ලබාදීමට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය (TGA) නිල අනුමැතිය ලබාදී...

2028 වසරේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (MCG) පැවැත්වීමට සැලසුම් කර ඇති බවට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන්ට ATO වෙතින් අලුත් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන්ට ATO වෙතින් අලුත් අනතුරු ඇඟවීමක්

Australian Taxation Office (ATO) විසින් ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන් 8,000කට ආසන්න පිරිසකට සිය බදු වාර්තාවල සඳහන් වියදම් නැවත පරීක්ෂා කරන ලෙස දැනුම් දෙමින් විශේෂ ලිපි රැසක්

Read More »

වික්ටෝරියා කුලී නිවාස ආරවුල් විසඳීමේ සේවාවටත් වැඩි ඉල්ලුමක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක

Read More »

වික්ටෝරියා ගොවිබිම්වලට ගොල්ෆ් බෝල තරම් විශාල හිම කැට – අස්වැන්නට දැවැන්ත හානියක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන් අස්වැන්න නෙළීමට සූදානම්ව තිබූ තිරිඟු,

Read More »

මෙල්බන් රෝහලක හෙදියකට ලිංගික අතවරයක්

Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම මේ සතියේදී සිදුව

Read More »

දරුවන් හදන තීරණය ගැන ඔස්ට්‍රේලියානුවන්ගේ අලුත්ම ප්‍රවණතාව

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්. විශේෂත්වය වන්නේ වසර 100කට පෙර

Read More »

Qantas ගුවන් ටිකට්පත් මිල තවත් ඉහළ යන ලකුණු

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය හැකි බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom