Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට Bureau of Meteorology (BOM) අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව, Victoria ප්‍රාන්තය හරහා ඊසාන දෙසට ගමන් කරන ශීත වායු පෙරමුණක් (Cold Front) හේතුවෙන් NSW සහ Queensland ප්‍රාන්තවල වෙරළබඩ ප්‍රදේශවල කාලගුණය සැලකිය යුතු ලෙස වෙනස් විය හැකි බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් අද සවස් කාලයේ සිට Sydney නගරයට තද සුළං සමඟ වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි අතර, NSW ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට විශාල හිම කැට පතිත වීමේ අවදානමක් ද පවතිනවා.

Advertisement

Sydney නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30කට ආසන්න මට්ටමක සිට සෙල්සියස් අංශක 10කින් පමණ හදිසියේ පහළ යා හැකි බවයි කාලගුණ විද්‍යාඥ David Crock පවසන්නේ.

NSW ප්‍රාන්තයේ Hunter ප්‍රදේශයට දිවා කාලයේදී දැඩි ලැව්ගිනි අවදානමක් පවතින පසුබිමක, සවස් කාලයේදී අධික වැසි හේතුවෙන් හානි සිදුවීමේ අවදානමක් ද පවතින බවයි BOM ආයතනය පවසන්නේ.

Banner 01

මේ අතර, Brisbane නගරයේ උතුරු ප්‍රදේශවලට සහ Queensland හි Wide Bay Burnett කලාපයේ ඇතැම් ප්‍රදේශවලට ද දරුණු ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට අනාවැකි පළ වී තිබෙනවා.

එමෙන්ම, උතුරු ඔස්ට්‍රේලියාවේ Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියාවේ Kimberley ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි උණුසුම් කාලගුණයක් බලපාමින් පවතිනවා.

බටහිර ඔස්ට්‍රේලියාවේ Marble Bar ප්‍රදේශයේ ඊයේ (06) සෙල්සියස් අංශක 46.5ක උෂ්ණත්වයක් වාර්තා වී ඇති අතර, එය එම ප්‍රදේශයේ නොවැම්බර් මාසයක වාර්තා වූ ඉහළම උෂ්ණත්වය බවයි සඳහන් වන්නේ.

හෙට (08) දිනයේදී Sydney නගරයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 19ක් සහ Melbourne නගරයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 17ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි BOM ආයතනය වැඩිදුරටත් පවසන්නේ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ David Jones වෙළෙඳසැල් ජාලයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ, එහි පාරිභෝගිකයන්ට තමන් සතු Gift Cards සහ කලින් මුදල් ගෙවා...

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...

ඔස්ට්‍රේලියාවේ 2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ Tax Returns ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව...

ඔස්ට්‍රේලියාවේ Student Visa අයදුම්කරුවන්ගේ මූල්‍ය හැකියාව තහවුරු කිරීමේ ක්‍රමවේදය තවදුරටත් දැඩි කිරීමට රජය සලකා බලමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් Department of...

2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම...

2027 වසර සඳහා South Australia ප්‍රාන්තයේ Australian of the Year සම්මානය ඉරාන සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍යවරියක වන Dr Fariba...

ස්පාඤ්ඤයේ මධ්‍යම ප්‍රදේශයේ සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙන NAPLAN විභාගයේ 5 වසරේ ලිවීමේ පරීක්ෂණය 2028 වසරේ සිට නැවතත් පෑන සහ කඩදාසි භාවිතයෙන් පැවැත්වීමට...

ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ සති අන්තයට කාලගුණයෙන් දැඩි බලපෑමක් – ප්‍රාන්ත රැසකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ සති අන්තයට කාලගුණයෙන් දැඩි බලපෑමක් – ප්‍රාන්ත රැසකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට Bureau of Meteorology (BOM) අනතුරු

Read More »

ඔස්ට්‍රේලියාවේ දැවැන්ත AI ව්‍යාපෘතියකට එරෙහිව ජනතාව පාරට බසී

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති දැවැන්ත AI දත්ත මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කර තිබෙනවා. Adelaide නගරයට කිලෝමීටර් 40ක් පමණ නැගෙනහිරින් පිහිටි

Read More »

වික්ටෝරියාවේ දුම්කොළ වෙළෙඳසැල්වලට දැඩි නීති ගෙන ඒමේ සූදානමක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳාම සම්බන්ධයෙන් පවතින ගැටුම් සහ ඒ හේතුවෙන් සිදුවන බවට චෝදනා එල්ල වී ඇති වෙළෙඳසැල් හා නිවාස ගිනි තැබීමේ ප්‍රහාර මැඩපැවැත්වීම

Read More »

Melbourne Queen Victoria Market අසල බිහිසුණු සිදුවීමක්

ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ඊයේ (06) රාත්‍රියේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Victoria පොලිසිය සඳහන් කරන්නේ රාත්‍රී 8

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය මැද AI දත්ත මධ්‍යස්ථානවලට තිත තබන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ඉහළ යන පසුබිමක, AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස Greens පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම දත්ත මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීම

Read More »

අවුරුදු 8ක දැරියක් කළ වැඩකින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝකයේ අලුත් පිටුවක්

ඔස්ට්‍රේලියානු ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, අට හැවිරිදි දැරියක් ගොල්ෆ් ක්‍රීඩා සමාජයක කාන්තා ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා. Sydney නගරයේ Northbridge Golf

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom