Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳාම සම්බන්ධයෙන් පවතින ගැටුම් සහ ඒ හේතුවෙන් සිදුවන බවට චෝදනා එල්ල වී ඇති වෙළෙඳසැල් හා නිවාස ගිනි තැබීමේ ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා විපක්ෂ Liberal පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

විපක්ෂ නායිකා Jess Wilson සඳහන් කරන්නේ ඉදිරි ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කළහොත්, නීතිවිරෝධී දුම්කොළ අලෙවි කරන වෙළෙඳසැල් තාවකාලිකව වසා තැබිය හැකි උපරිම කාලය දින 90 සිට දින 150 දක්වා දීර්ඝ කරන බවයි.

එමෙන්ම එවැනි වෙළෙඳසැල් වසා දැමීමට නියෝග නිකුත් කළ වහාම, කිසිදු වන්දියක් නොගෙවා අදාළ කුලී ගිවිසුම් අවලංගු කිරීමට ගොඩනැගිලි හිමියන්ට නීතිමය අවසර ලබාදීමට ද යෝජනා කර තිබෙනවා.

Advertisement

නීතිවිරෝධී දුම්කොළ අලෙවි කරන හෝ බලපත්‍ර නොමැතිව ක්‍රියාත්මක වන වෙළෙඳසැල්වල ATM යන්ත්‍ර තහනම් කිරීම සහ නීති උල්ලංඝනය කිරීම් හඳුනාගත් අවස්ථාවල දුම්කොළ හා Vape දුම්වැටි නිෂ්පාදන සියල්ල රාජසන්තක කිරීමට බලධාරීන්ට අවසර ලබාදීම ද මෙම සැලැස්මට ඇතුළත් බවයි සදහන්.

වික්ටෝරියාවේ ව්‍යාපාරික ස්ථාන සහ නිවාස 300කට පමණ එල්ල වී ඇති ගිනි තැබීමේ ප්‍රහාර සමඟ මෙම නීතිවිරෝධී ජාවාරම සම්බන්ධ බවටයි Liberal පක්ෂය චෝදනා කරන්නේ.

Banner 01

සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා යෝජිත RICO නීති යටතේ නීතිවිරෝධී දුම්කොළ අලෙවිය වෙනම අපරාධයක් ලෙස නම් කිරීමට ද ඔවුන් යෝජනා කර තිබෙනවා.

වත්මන් Labour රජය මෙම ජාවාරම පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරන විපක්ෂ නායිකාව, තම පක්ෂය බලයට පත්වුවහොත් එවැනි වෙළෙඳසැල් වසා දැමීමට බලධාරීන්ට වැඩි බලතල ලබාදෙන බවටයි ප්‍රකාශ කර තිබෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවියකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා....

වසර 8කට පසුව ලොව හොඳම Restaurant 50 අතරට ඔස්ට්‍රේලියානු Restaurant එකක් ඇතුළත් වී තිබෙනවා. 2026 වසරේ World’s 50 Best Restaurants...

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තය සඳහා 2026–27 වසරට අදාළ State Nominated Migration Program වැඩසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව,...

2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය...

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27...

ඔස්ට්‍රේලියානු ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, අට හැවිරිදි දැරියක් ගොල්ෆ් ක්‍රීඩා සමාජයක කාන්තා ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව...

යුරෝපයේ එළඹෙන ශීත ඍතුව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර ද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අපේක්ෂා කරන Skilled Visa අයදුම්කරුවන්ට වැදගත් වන නව යාවත්කාලීන කිරීමක් Department of Home Affairs විසින් නිකුත්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ දුම්කොළ වෙළෙඳසැල්වලට දැඩි නීති ගෙන ඒමේ සූදානමක්

වික්ටෝරියාවේ දුම්කොළ වෙළෙඳසැල්වලට දැඩි නීති ගෙන ඒමේ සූදානමක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳාම සම්බන්ධයෙන් පවතින ගැටුම් සහ ඒ හේතුවෙන් සිදුවන බවට චෝදනා එල්ල වී ඇති වෙළෙඳසැල් හා නිවාස ගිනි තැබීමේ ප්‍රහාර මැඩපැවැත්වීම

Read More »

Melbourne Queen Victoria Market අසල බිහිසුණු සිදුවීමක්

ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ඊයේ (06) රාත්‍රියේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Victoria පොලිසිය සඳහන් කරන්නේ රාත්‍රී 8

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය මැද AI දත්ත මධ්‍යස්ථානවලට තිත තබන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ඉහළ යන පසුබිමක, AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස Greens පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම දත්ත මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීම

Read More »

අවුරුදු 8ක දැරියක් කළ වැඩකින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝකයේ අලුත් පිටුවක්

ඔස්ට්‍රේලියානු ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, අට හැවිරිදි දැරියක් ගොල්ෆ් ක්‍රීඩා සමාජයක කාන්තා ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා. Sydney නගරයේ Northbridge Golf

Read More »

විශාල පිපිරුම් හඬක් සමඟ Adelaideහි අලුයම සිදුවූ ඛේදවාචකය

ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ දකුණු ප්‍රදේශයක සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) අලුයම 4ට පමණ Flagstaff Hill ප්‍රදේශයේ Manning Road

Read More »

යුරෝපයේ සීතලෙන් ඔස්ට්‍රේලියාවේ බඩු මිල රත්වෙයිද?

යුරෝපයේ එළඹෙන ශීත ඍතුව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර ද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. යුරෝපයේ දැඩි ශීත කාලගුණයක් ඇති

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom