

විශාල පිපිරුම් හඬක් සමඟ Adelaideහි අලුයම සිදුවූ ඛේදවාචකය
ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ දකුණු ප්‍රදේශයක සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) අලුයම 4ට පමණ Flagstaff Hill ප්‍රදේශයේ Manning Road

ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ දකුණු ප්‍රදේශයක සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (06) අලුයම 4ට පමණ Flagstaff Hill ප්‍රදේශයේ Manning Road මාර්ගයේ ගමන් කරමින් තිබූ Kia වර්ගයේ මෝටර් රථයක් ගසක ගැටී ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ Port Noarlunga ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක් බවයි සඳහන්.

අනතුරත් සමඟ ඇති වූ විශාල පිපිරුම් හඩකින් අවට පදිංචිකරුවන් අවදි වී ඇති අතර, ඔවුන් වහාම අනතුර සිදුවූ ස්ථානයට පැමිණ මෝටර් රථය තුළ සිරවී සිටි කාන්තාව බේරාගැනීමට උත්සාහ කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෝටර් රථය දැඩි ලෙස ගිනිගෙන තිබීම හේතුවෙන් එම උත්සාහයන් අසාර්ථක වී ඇති අතර, කාන්තාව අනතුර සිදුවූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සැක පළ කරන්නේ මෝටර් රථය ගසක ගැටීමට පෙර, මීටර් 200ක් පමණ ඈතින් පිහිටි පදික මාරුවක් ආසන්නයේ තිබූ ලෝහ ආරක්ෂක වැටක ද ගැටී ඇති බවයි.
අනතුර සිදුවූ ස්ථානයේ තිරිංග යෙදීමෙන් ඇතිවන ටයර් සලකුණු දක්නට නොලැබුණු බව සඳහන් වන අතර, අනතුරට නිශ්චිත හේතුව සොයා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
විමර්ශන කටයුතු හේතුවෙන් Manning Road මාර්ගයේ Emerald Street සහ Topaz Drive අතර කොටස තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබූ අතර, මේ වනවිට එය නැවත විවෘත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ ප්‍රහාරය, ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය...
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...
ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ...
ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙන NAPLAN විභාගයේ 5 වසරේ ලිවීමේ පරීක්ෂණය 2028 වසරේ සිට නැවතත් පෑන සහ කඩදාසි භාවිතයෙන් පැවැත්වීමට...
SriLankan Airlines සමාගම Australia තුළ තමන්ගේම කාර්යාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. දැනට General Sales Agent හෙවත් GSA ක්‍රමවේදය යටතේ...
Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය (PR) හිමි පුද්ගලයන්ට තම දෙමාපියන් ගෙන්වාගැනීම සඳහා Parent Visa කාණ්ඩ 6ක් පවතින අතර, ඒවායේ ගාස්තු...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන්...

ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ දකුණු ප්‍රදේශයක සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) අලුයම 4ට පමණ Flagstaff Hill ප්‍රදේශයේ Manning Road

යුරෝපයේ එළඹෙන ශීත ඍතුව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර ද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. යුරෝපයේ දැඩි ශීත කාලගුණයක් ඇති

Australian Taxation Office (ATO) විසින් ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන් 8,000කට ආසන්න පිරිසකට සිය බදු වාර්තාවල සඳහන් වියදම් නැවත පරීක්ෂා කරන ලෙස දැනුම් දෙමින් විශේෂ ලිපි රැසක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන් අස්වැන්න නෙළීමට සූදානම්ව තිබූ තිරිඟු,

Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම මේ සතියේදී සිදුව