

ජනතා විරෝධය හමුවේ Albanese රජයේ තීරණය වෙනස් කරයි
ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව Sydney සහ Melbourne නගරවල පිහිටි ඓතිහාසික Victoria Barracks ඇතුළු ආරක්ෂක හමුදා දේපළ හතරක් තවදුරටත් රජයේ මහජන අයිතිය යටතේ පවත්වාගෙන යාමට නියමිත බවටයි සදහන් වන්නේ .
මෙම තීරණයට Victoria Barracks Sydney, Victoria Barracks Melbourne, Fort Queenscliff සහ Point Cook හි පිහිටි RAAF Williams කඳවුරු ඇතුළත් බවටයි වාර්තා වන්නේ .

ආරක්ෂක අමාත්‍යාංශය විසින් හඳුනාගත් භාවිතය අඩු සහ නඩත්තු වියදම් අධික හමුදා දේපළ 67ක් විකිණීම හරහා රජය ඩොලර් බිලියන 1.8ත් 3ත් අතර මුදලක් උපයා ගැනීමට සැලසුම් කර තිබුණ බවටයි අනාවරණ වන්නේ .
කෙසේ වෙතත්, ඓතිහාසික හමුදා උරුමයන් විකිණීමට එරෙහිව හිටපු අගමැතිවරුන්, යුද හමුදා ප්‍රවීණයන්, දේශපාලන නායකයන් සහ මහජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවට සදහන් .
එම විරෝධතා සැලකිල්ලට ගනිමින් මෙම ස්ථාන විකිණීම අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
අගමැති Anthony Albanese පවසන්නේ සිඩ්නිහි Victoria Barracks ඔස්ට්‍රේලියාවේ ජාතික ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නා බවයි.
ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් සඳහන් කරන්නේ ආරක්ෂක වියදම් වඩාත් ඵලදායී ලෙස යොදාගැනීම සඳහා එම ස්ථානවලින් හමුදා නිලධාරීන් ඉවත් කර, ඉදිරියේදී මහජනතාවට විවෘත කිරීමට සහ ඓතිහාසික උරුමයන් සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙම ස්ථානවල ඉතිහාසය අනාගත පරපුරට හඳුන්වාදීම සඳහා Australian War Memorial ආයතනයේ සහාය ද ලබාගැනීමට රජය අපේක්ෂා කරන බවටයි වාර්තා වන්නේ .
කෙසේ වෙතත්, මෙම හමුදා කඳවුරු රජයේ අයිතිය යටතේ පැවතියද, ඒවා තවදුරටත් සක්‍රීය හමුදා කඳවුරු ලෙස පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව දේශපාලන විවාදයක් තවමත් පවතින බවට සදහන් .
Victoria ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් නව රැකියා 5,000ක් පමණ බිහි කිරීමේ සැලසුමක් Labor පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා. ඒ...
Victoria ප්‍රාන්ත මැතිවරණයට පෙර දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා AI තාක්ෂණයෙන් නිර්මාණය කළ වීඩියෝ භාවිත කිරීම සම්බන්ධයෙන් දැඩි විවාදයක් මතුව තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම...
ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර...
ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික...
ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙන NAPLAN විභාගයේ 5 වසරේ ලිවීමේ පරීක්ෂණය 2028 වසරේ සිට නැවතත් පෑන සහ කඩදාසි භාවිතයෙන් පැවැත්වීමට...
ඇමරිකානු දේශපාලනයේ විශාල පෙරළියක් සිදුකරමින් 2026 Midterm Election හිදී Democratic පක්ෂය කොංග්‍රසයේ ප්‍රධාන ආයතන දෙක වන House of Representatives සහ...
ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ දකුණු ප්‍රදේශයක සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) අලුයම 4ට පමණ...
NSW ප්‍රාන්තයේ Parramatta නගරයේ ඉදිකළ නව Powerhouse Parramatta කෞතුකාගාරය අද (07) ජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 915ක්...

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික පුද්ගලයන්ගේ තොරතුරු බලපෑමට ලක් කළ

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි

Sydney නගරයේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඒ අනුව අද, නොවැම්බර් 8 වනදා උදෑසන 6ට පමණ Campbelltown නගරයට ආසන්න Appin ප්‍රදේශයේ

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. නොවැම්බර් 8

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර සහනදායී පොලී අනුපාතයක් ලබාගැනීමට උත්සාහ