Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයට ආසන්න Browns Plains ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබූ පියෙකුගේ මළසිරුරෙන් කොටසක් කපා ඉවත් කළ බවට ඔහුගේ පුත්‍රයා ඇතුළු ඥාතීන් තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Logan ප්‍රදේශයේ පිහිටි Swanborough Funerals අවමංගල්‍ය ශාලාවේදී මෙය සිදුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මියගිය පුද්ගලයාගේ දේහය දැකබලා ගැනීමට පැමිණි ඥාතීන් තිදෙනෙකු, සංස්කෘතික චාරිත්‍ර කිහිපයක් ඉටුකිරීමට අවශ්‍ය බව පවසමින් අවමංගල්‍ය ශාලාවේ හිමිකාරියට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස ඉල්ලා තිබෙනවා.

Advertisement

අනතුරුව කතුරු, සැත්කම් සඳහා භාවිත කරන පිහි සහ තියුණු තල උපයෝගී කරගනිමින් මළසිරුරෙන් කොටසක් ඉවත් කර ඇති බවට පොලීසිය චෝදනා කරනවා.

සිද්ධිය අනාවරණය වීමත් සමඟ මියගිය පුද්ගලයාගේ පුත්‍රයා එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, පැය පහකට පමණ පසු පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Banner 01

අනෙක් සැකකරුවන් දෙදෙනා ද එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මළසිරුරකට අගෞරව කිරීම, අපරාධයක් සිදුකිරීමේ අරමුණින් ගොඩනැගිල්ලකට ඇතුළුවීම සහ ආයුධ සන්නද්ධව සිටීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් තිදෙනා Brisbane Magistrates Court වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, මෙම සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර Central Queensland Universityහි අපරාධ විද්‍යා විශේෂඥ Dr Xanthe Weston පවසන්නේ මෙවැනි ක්‍රියාවක් සාධාරණීකරණය කළ හැකි සංස්කෘතික චාරිත්‍රයක් පිළිබඳ තමන් නොදන්නා බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

NSW ප්‍රාන්තයේ Parramatta නගරයේ ඉදිකළ නව Powerhouse Parramatta කෞතුකාගාරය අද (07) ජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 915ක්...

ඔස්ට්‍රේලියාවේ Student Visa අයදුම්කරුවන්ගේ මූල්‍ය හැකියාව තහවුරු කිරීමේ ක්‍රමවේදය තවදුරටත් දැඩි කිරීමට රජය සලකා බලමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් Department of...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට...

ඔස්ට්‍රේලියානු Visa ලබාගැනීම සඳහා ව්‍යාජ ලේඛන හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන පුද්ගලයන්ට එරෙහිව වසර 10ක් දක්වා සිරදඬුවම් ඇතුළු දැඩි නීතිමය...

ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...

ශරීරයේ බර අඩු කිරීම සඳහා භාවිත කරන Wegovy ඖෂධය පෙත්තක් ලෙස ලබාදීමට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය (TGA) නිල අනුමැතිය ලබාදී...

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් Labor රජය තුළ අභ්‍යන්තර මතභේද පවතින බවට පළවන වාර්තා හමුවේ, රජයේ එකමුතුකම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම රජයේ...

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ ප්‍රහාරය, ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ඔස්ට්‍රේලියානු...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne Cup දිගු සති අන්තය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම මාරක...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ අවමංගල්‍ය ශාලාවක අමුතු සිදුවීමක් – පියාගේ මළසිරුරට පුතා හානි කරලා

ජනතා විරෝධය හමුවේ Albanese රජයේ තීරණය වෙනස් කරයි

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

Read More »

ඔස්ට්‍රේලියාවේ මිලියනයකට අධික පිරිසකගේ දත්ත සයිබර් ප්‍රහාර හේතුවෙන් අවධානමක

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික පුද්ගලයන්ගේ තොරතුරු බලපෑමට ලක් කළ

Read More »

Life Style එක වෙනස් නොකර $ දහස් ගණනක් අඩුකරගන්න අලුත් ක්‍රම

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි

Read More »

Perth නගරයේ දරුණු ලැව්ගින්නක් – ජනතාවට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. නොවැම්බර් 8

Read More »

පොලී අනුපාත ඉහළ යද්දී ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට විශේෂ උපදෙසක්

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර සහනදායී පොලී අනුපාතයක් ලබාගැනීමට උත්සාහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom