Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික පුද්ගලයන්ගේ තොරතුරු බලපෑමට ලක් කළ දත්ත උල්ලංඝනය කිරීම් 11ක් ඔස්ට්‍රේලියානු පෞද්ගලිකත්ව නියාමකයා වෙත වාර්තා වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු තොරතුරු කොමසාරිස් කාර්යාලය (OAIC) නිකුත් කළ නවතම වාර්තාවට අනුව, 2026 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ දත්ත ආරක්ෂණ උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 667ක් ලැබී තිබෙනවා.

Advertisement

එය ඊට පෙර වාර්තාකරණ කාලසීමාවේ පැමිණිලි 662ට වඩා සුළු වැඩිවීමක් පෙන්නුම් කරන බවටයි සදහන් වන්නේ.

කෙසේ වෙතත්, වැඩිම අවධානයක් යොමුව ඇත්තේ එක් එක් දත්ත කඩවීම්වලට ලක්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාම පිළිබඳවයි.

Banner 01

පුද්ගලයන් ලක්ෂයකත් දෙලක්ෂ පනස් දහසත් අතර පිරිසකට බලපෑම් කළ සිදුවීම් සංඛ්‍යාව තුනේ සිට හය දක්වා දෙගුණ වී තිබෙනවා.

එමෙන්ම පුද්ගලයන් පන්ලක්ෂයකටත් මිලියනයකටත් අතර පිරිසකට බලපෑම් කළ සිදුවීම් තුනක් ද වාර්තා වී තිබෙන බවටයි සදහන් .

මෙවැනි data උල්ලංඝනය කිරීම්වල ප්‍රධානතම හේතුව ලෙස සයිබර් අපරාධ සහ හිතාමතා සිදුකරන ප්‍රහාර හඳුනාගෙන තිබෙනවා.

අංශ අනුව සලකා බැලීමේදී වැඩිම data ආරක්ෂණ උල්ලංඝනය කිරීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ සෞඛ්‍ය සේවා අංශයෙන් වන අතර එම සංඛ්‍යාව 149ක්.

අධ්‍යාපන අංශයෙන් සිදුවීම් 85ක් සහ ව්‍යාපාරික හා වෘත්තීය සංගම්වලින් සිදුවීම් 79ක් වාර්තා වී තිබෙනවා.

පුද්ගලයන්ගේ සම්බන්ධතා තොරතුරු, අනන්‍යතා ලේඛන සහ වෙනත් පුද්ගලික තොරතුරු මෙවැනි ප්‍රහාර හරහා අවදානමට ලක්විය හැකි බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව පුද්ගලික තොරතුරු රැස්කිරීම සහ ගබඩා කිරීම සීමා කිරීම, ශක්තිමත් සයිබර් ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම සහ data කඩවීම් සිදුවූ විට කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවක් ඔස්ට්‍රේලියානු බලධාරීන් අවධාරණය කරන්නේ .

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas, Sydney සිට දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය සංචාරක නගරයක් වන Cape Town දක්වා ප්‍රථම වරට අතරමැදි...

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albaneseගේ Labor පක්ෂ රජයට හිමි ජනතා සහාය තවදුරටත් පහත වැටී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ වසර 50කට වැඩි කාලයක් ජනප්‍රියත්වයට පත්ව ඇති Sara Lee සන්නාමයේ Ice Cream නිෂ්පාදන පෙළ, Coles සහ Woolworths සුපිරි වෙළෙඳසැල්වල...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට Social Media ගිණුම් භාවිත කිරීම තහනම් කරමින් හඳුන්වා දුන් නීතියට එරෙහිව ඉදිරිපත් කර ඇති...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවල විශේෂඥ වෛද්‍ය සේවා ලබාගැනීමේදී ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බව වාර්තා වනවා. විශේෂයෙන්...

ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne Cup දිගු සති අන්තය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම මාරක...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ මිලියනයකට අධික පිරිසකගේ දත්ත සයිබර් ප්‍රහාර හේතුවෙන් අවධානමක

ජනතා විරෝධය හමුවේ Albanese රජයේ තීරණය වෙනස් කරයි

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

Read More »

ඔස්ට්‍රේලියාවේ මිලියනයකට අධික පිරිසකගේ දත්ත සයිබර් ප්‍රහාර හේතුවෙන් අවධානමක

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික පුද්ගලයන්ගේ තොරතුරු බලපෑමට ලක් කළ

Read More »

Life Style එක වෙනස් නොකර $ දහස් ගණනක් අඩුකරගන්න අලුත් ක්‍රම

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි

Read More »

Perth නගරයේ දරුණු ලැව්ගින්නක් – ජනතාවට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. නොවැම්බර් 8

Read More »

පොලී අනුපාත ඉහළ යද්දී ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට විශේෂ උපදෙසක්

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර සහනදායී පොලී අනුපාතයක් ලබාගැනීමට උත්සාහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom