

ජනතා විරෝධය හමුවේ Albanese රජයේ තීරණය වෙනස් කරයි
ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

තමන්ට අයත් ඉඩමක මියගිය පවුලේ සාමාජිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නව නීතිමය කොන්දේසි හඳුන්වාදීමට South Australia ප්‍රාන්තයේ ප්‍රාදේශීය සභාවක් සූදානම් වනවා.
South Australiaහි Coorong District Council විසින් මෙම නව ප්‍රතිපත්ති යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එමඟින් පවුල්වලට තමන්ට විශේෂ වැදගත්කමක් ඇති පෞද්ගලික ඉඩමක මියගිය ඥාතීන් භූමදානය කිරීමට අනුමැතිය ඉල්ලා සිටිය හැකි වනවා.
South Australia ප්‍රාන්තයේ නගර සීමාවලින් බැහැර පෞද්ගලික ඉඩම්වල මළසිරුරු භූමදානය කිරීමට දැනටමත් නීතිමය අවස්ථාව පවතින අතර, නව යෝජනාවේ අරමුණ එම ක්‍රියාවලිය සඳහා පැහැදිලි කොන්දේසි හඳුන්වාදීමයි.

කෙසේ වෙතත්, මෙහිදී වැදගත් නීතිමය අවදානමක්ද මතුව තිබෙනවා.
එනම්, අදාළ ඉඩම අනාගතයේදී වෙනත් පුද්ගලයෙකුට විකුණනු ලැබුවහොත් නව හිමිකරුට එහි ඇති සොහොන් බිම ආරක්ෂා කර පවත්වාගෙන යාමේ අනිවාර්ය වගකීමක් නොමැති වීමයි.
ඒ අනුව නව හිමිකරුට එම ස්ථානයේ ඉදිකිරීම් සිදුකිරීමට හෝ මළසිරුර ගොඩගැනීම සඳහා ඉල්ලීමක් කිරීමට හැකියාව පවතින අතර, මළසිරුරක් ගොඩගැනීමට South Australian Attorney-Generalගේ අනුමැතිය අවශ්‍ය වනවා.
එමෙන්ම ඉඩම විකුණා දැමීමෙන් පසු මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට සොහොන නැරඹීමට පවා නව හිමිකරුගේ අවසරය අවශ්‍ය විය හැකියි.
යෝජිත නීති අනුව නගර සීමාවන් තුළ මෙවැනි භූමදාන සිදුකළ නොහැකි අතර, ගොඩනැගිලි සහ ජල ළිංවල සිට අවම වශයෙන් මීටර් 20ක දුරක් සහ මතුපිට ජල මූලාශ්‍රවල සිට මීටර් 100ක දුරක් පවත්වාගත යුතු වනවා.
එක් ඉඩමක එක් භූමදාන ස්ථානයක් පමණක් අනුමත කළ හැකි නමුත්, එම ස්ථානයේ එකම පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු භූමදානය කිරීමට අවස්ථාව ලබාදීමට යෝජනා කර තිබෙනවා.
භූමදානය බලපත්‍රලාභී අවමංගල්‍ය සේවා සපයන්නෙකු මඟින් සිදුකළ යුතු අතර, සොහොන් බිම පිළිබඳ තොරතුරු ඉඩමේ නීතිමය හිමිකම් ලේඛනවලද සටහන් කළ යුතුයි.
මේ අතර Victoria ප්‍රාන්තයේ පෞද්ගලික ඉඩම්වල මළසිරුරු භූමදානය කිරීම සඳහා දැඩි නීතිමය සීමාවන් පවතින අතර, රජයේ අනුමැතියකින් තොරව එවැනි භූමදානයක් සිදුකිරීම හේතුවෙන් වසර පහක් දක්වා සිරදඬුවම් ලැබීමේ අවදානමක් පවතින බව ද වාර්තා වනවා.
Coorong District Council විසින් නව ප්‍රතිපත්ති යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම අවසන් කර ඇති අතර, එය ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
තමන්ට අයත් ඉඩමක මියගිය පවුලේ සාමාජිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නව නීතිමය කොන්දේසි හඳුන්වාදීමට South Australia ප්‍රාන්තයේ ප්‍රාදේශීය සභාවක් සූදානම්...
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albaneseගේ Labor පක්ෂ රජයට හිමි ජනතා සහාය තවදුරටත් පහත වැටී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා....
ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ...
ඔස්ට්‍රේලියාවේ පැරණිතම දෙපාර්තමේන්තු වෙළඳසැල් ජාලයක් වන David Jones, සිය වෙළඳසැල් 26ක් දක්වා වසා දැමීමට සූදානම් වන බවට වාර්තා පළ වී...
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට Social Media ගිණුම් භාවිත කිරීම තහනම් කරමින් හඳුන්වා දුන් නීතියට එරෙහිව ඉදිරිපත් කර ඇති...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අඩු වියදම් ගුවන් සේවාවක් වන Jetstar සමාගම, 2027 පෙබරවාරි 2 වැනිදා සිට ගුවන් මගීන්ගේ අතේ ගෙන යන ගමන්...
South Melbourne ප්‍රදේශයේ ජනප්‍රිය Pizza අවන්හලකට BMW මෝටර් රථයක් කඩා වැදීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. අද අලුයම 12.50ට පමණ Kings...
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සහ පැරණිතම දෙපාර්තමේන්තු වෙළෙඳසැල් ජාලයක් වන David Jones දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදීමත් සමඟ Perth නගරයේ වෙළෙඳසැල් තුනක් වසා...
බටහිර ඔස්ට්‍රේලියාවේ Fremantle නගරයේ ඉදිකරන ලද නව Walyalup පාලම, සැලසුම් කළ කාලයට මාස හතරකට පෙර ඊයේ (01) ජනතා අයිතියට පත්කර...

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික පුද්ගලයන්ගේ තොරතුරු බලපෑමට ලක් කළ

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි

Sydney නගරයේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඒ අනුව අද, නොවැම්බර් 8 වනදා උදෑසන 6ට පමණ Campbelltown නගරයට ආසන්න Appin ප්‍රදේශයේ

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. නොවැම්බර් 8

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර සහනදායී පොලී අනුපාතයක් ලබාගැනීමට උත්සාහ