

ජනතා විරෝධය හමුවේ Albanese රජයේ තීරණය වෙනස් කරයි
ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

ඔස්ට්‍රේලියාවේ PR ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සංක්‍රමණිකයන්ට වැදගත් වන 2026/27 State Nomination වැඩසටහන් සම්බන්ධයෙන් ප්‍රාන්ත රැසක් නවතම තොරතුරු ප්‍රකාශයට පත්කර තිබෙනවා.
විශේෂයෙන් Skilled Nominated Visa (Subclass 190) සහ Skilled Work Regional Visa (Subclass 491) සඳහා Victoria, Queensland සහ Tasmania ප්‍රාන්තවලින් වැදගත් නිවේදන නිකුත් වී තිබෙනවා.
Victoria ප්‍රාන්තය ඔක්තෝබර් 26 වැනිදා සිට Subclass 190 වීසා සඳහා Registration of Interest හෙවත් ROI භාරගැනීම ආරම්භ කර ඇති අතර, මෙවර ඒ සඳහා නාමයෝජනා ස්ථාන 900ක් වෙන්කර තිබෙනවා.

කෙසේ වෙතත්, Victoria ප්‍රාන්තයේ 491 වීසා වැඩසටහන සඳහා නාමයෝජනා සංඛ්‍යාව තවමත් අවසන් කර නොමැති බැවින් එම වීසා කාණ්ඩයේ නව ROI භාරගැනීම ආරම්භ කර නැහැ.
මේ අතර Queensland ප්‍රාන්තය නොවැම්බර් 6 වැනිදා සිට 190 සහ 491 වීසා කාණ්ඩ සඳහා නව ROI භාරගැනීම ආරම්භ කර තිබෙනවා.
එහිදී ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම් කරන පුද්ගලයන් තම 2025/26 බදු වාර්තාව ඉදිරිපත් කර Australian Taxation Office වෙතින් Notice of Assessment ලබාගෙන තිබීම අත්‍යවශ්‍ය කර තිබෙනවා.
Tasmania ප්‍රාන්තයෙන්ද නොවැම්බර් 5 වැනිදා පැවැත්වූ නවතම Invitation Round එකේදී 190 වීසා සඳහා ආරාධනා 68ක් සහ 491 වීසා සඳහා ආරාධනා 28ක් නිකුත් කර තිබෙනවා.
එම ප්‍රාන්තයේ නවතම නිල දත්ත අනුව 190 වීසා සඳහා තවත් නාමයෝජනා ස්ථාන 828ක් සහ 491 වීසා සඳහා ස්ථාන 628ක් ඉතිරිව පවතිනවා.
Western Australia, South Australia, New South Wales සහ Canberra ප්‍රදේශවලද ඒ ඒ ප්‍රාන්තවල අවශ්‍යතා සහ සුදුසුකම් අනුව Skilled Migration අයදුම්කරුවන් තෝරාගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනවා.
විශේෂයෙන් ඉදිකිරීම්, සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෘත්තීය ක්ෂේත්‍රවල සුදුසුකම් ඇති පුද්ගලයන්ට ප්‍රාන්ත අනුව වෙනස් අවස්ථා සහ ප්‍රමුඛතා හිමිවිය හැකියි.
කෙසේ වෙතත්, State Nomination සඳහා ROI හෝ EOI ඉදිරිපත් කිරීමෙන් පමණක් වීසා ආරාධනාවක් හෝ ස්ථිර පදිංචිය හිමි නොවන අතර, එක් එක් ප්‍රාන්තයේ රැකියා ලැයිස්තු, ලකුණු, පදිංචිය සහ සේවා පළපුරුද්ද ඇතුළු සුදුසුකම් සපුරාලිය යුතු බව බලධාරීන් අවධාරණය කරනවා.
ඒ අනුව 190 සහ 491 වීසා බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් තමන් අයදුම් කිරීමට බලාපොරොත්තු වන ප්‍රාන්තයේ නවතම නිල නිවේදන පරීක්ෂා කිරීම වැදගත් වනවා.
ශරීරයේ බර අඩු කිරීම සඳහා භාවිත කරන Wegovy ඖෂධය පෙත්තක් ලෙස ලබාදීමට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය (TGA) නිල අනුමැතිය ලබාදී...
Victoria ප්‍රාන්තයේ මාර්ගවල පවතින වලවල් හඳුනාගෙන ඒවා කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය පාලනය කිරීමට සංචිත බැංකුවට ඇති හැකියාව පිළිබඳ ජනතාවගේ විශ්වාසය දුර්වල වෙමින් පවතින බව...
Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....
Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම නිවාස ණය සඳහා අය කරන විචල්‍ය පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Reserve...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පිහිටි Gippsland කලාපය, 2027 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 41 අතර 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක්...
ලොව පුරා මැදිවියේ කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ දිගුකාලීන ශාරීරික වේදනාවලින් පීඩා විඳින බව International Menopause Society (IMS) නිකුත් කළ නවතම...

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික පුද්ගලයන්ගේ තොරතුරු බලපෑමට ලක් කළ

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි

Sydney නගරයේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඒ අනුව අද, නොවැම්බර් 8 වනදා උදෑසන 6ට පමණ Campbelltown නගරයට ආසන්න Appin ප්‍රදේශයේ

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. නොවැම්බර් 8

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර සහනදායී පොලී අනුපාතයක් ලබාගැනීමට උත්සාහ