

ජනතා විරෝධය හමුවේ Albanese රජයේ තීරණය වෙනස් කරයි
ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

ලොව පුරා මැදිවියේ කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ දිගුකාලීන ශාරීරික වේදනාවලින් පීඩා විඳින බව International Menopause Society (IMS) නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
එම වාර්තාවට අනුව පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට Chronic Pain හෙවත් මාස තුනකට වැඩි කාලයක් පවතින හෝ නැවත නැවත ඇතිවන වේදනා තත්ත්වයන් අත්විඳීමේ සම්භාවිතාව සියයට 70ක් දක්වා වැඩි විය හැකියි.
විශේෂයෙන් වයස අවුරුදු 40ත් 60ත් අතර කාලයේ සිදුවන හෝමෝන වෙනස්වීම්, ආර්තවහරණය (Menopause), නින්දේ ගැටලු සහ ජීවන රටාවේ වෙනස්කම් මෙවැනි වේදනා තත්ත්වයන්ට බලපාන බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

මෙම කාලයේදී කාන්තාවන් අතර සන්ධි සහ මාංශ පේශි වේදනා, කොන්දේ වේදනා, ඉරුවාරදය (Migraine), ශ්‍රෝණි ප්‍රදේශයේ වේදනා සහ ස්නායු ආශ්රිත වේදනා බහුලව වාර්තා වනවා.
වාර්තාවට අනුව ආර්තවහරණයට පෙර සංක්‍රාන්ති අවධියේ පසුවන කාන්තාවන් හතරදෙනෙකුගෙන් තුන්දෙනෙකුට ආසන්න පිරිසක් සන්ධි හෝ මාංශ පේශි වේදනා අත්විඳිනවා.
මේ අතර Chronic Pain Australia ආයතනය විසින් ඕස්ට්‍රේලියානුවන් 6,000කට වැඩි පිරිසක් යොදාගෙන සිදුකළ 2026 සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ දිගුකාලීන වේදනාවලින් පීඩා විඳින කාන්තාවන් සාමාන්‍යයෙන් විවිධ වේදනා වර්ග 4.6ක් පමණ අත්විඳින බවයි.
කෙසේ වෙතත්, මෙම වේදනා තත්ත්වයන් බොහෝ අවස්ථාවල නිසි ලෙස හඳුනා නොගැනීම සහ ප්‍රමාණවත් ප්‍රතිකාර නොලැබීම බරපතළ ගැටලුවක් බව විශේෂඥයන් අවධාරණය කරනවා.
නිසි නින්දක් ලබාගැනීම, සමබර ආහාර වේලක් පවත්වාගෙන යාම, නිතිපතා ව්‍යායාම කිරීම සහ මානසික ආතතිය පාලනය කිරීම මඟින් ඇතැම් වේදනා තත්ත්වයන් අවම කරගැනීමට හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
එමෙන්ම දිගුකාලීන වේදනාවක් පවතින්නේ නම් එය වයසට යාමේ සාමාන්‍ය ප්‍රතිඵලයක් ලෙස නොසලකා හැරීම වෙනුවට GP වෛද්‍යවරයෙකු හමුවී නිසි පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගැනීම වැදගත් බවද විශේෂඥයන් අවධාරණය කරනවා.
Victoria ප්‍රාන්තයේ මාර්ගවල පවතින වලවල් හඳුනාගෙන ඒවා කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා....
Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා ගෙවිය යුතු අවම වැටුප් පිළිබඳව කතාබහක් ඇතිවී තිබෙන්නේ, ඇතැම් වෘත්තීන්හි විශේෂ සේවා වර්ගීකරණ යටතේ පැයකට ගෙවිය යුතු...
විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය...
අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක්...
Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ...
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) අද දින (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිත පොලී අනුපාත තීරණයට පෙර, ඊයේ (02) ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළ...
ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27...

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික පුද්ගලයන්ගේ තොරතුරු බලපෑමට ලක් කළ

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි

Sydney නගරයේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඒ අනුව අද, නොවැම්බර් 8 වනදා උදෑසන 6ට පමණ Campbelltown නගරයට ආසන්න Appin ප්‍රදේශයේ

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. නොවැම්බර් 8

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර සහනදායී පොලී අනුපාතයක් ලබාගැනීමට උත්සාහ