Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඉන්දුනීසියාවේ ලැව්ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටරයක් ගඟකට කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි සිටි ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු දිවි ගලවාගෙන තිබෙනවා.

බෝර්නියෝ දූපතේ දකුණු කලිමන්තාන් ප්‍රාන්තයේ Barito ගඟෙන් ගිනි නිවීම සඳහා ජලය ලබාගනිමින් සිටියදී හෙලිකොප්ටරය පාලනයෙන් ගිලිහී ගඟට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් දිවි ගලවාගත් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින අතර, හෙලිකොප්ටරයේ සිටි ඉන්දුනීසියානු කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ සිරුර ඊයේ රාත්‍රියේ සොයාගත් බව Indonesia’s National Search and Rescue Agency (Basarnas) හි බලධාරීන් තහවුරු කර තිබෙනවා.

Advertisement

ඉන්දුනීසියානු බලධාරීන් විසින් ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා කොන්ත්‍රාත් පදනම මත යොදවා තිබූ මෙම හෙලිකොප්ටරය අනතුරට ලක්වීමට නිශ්චිත හේතුව සොයා විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

මේ අතර, ඉන්දුනීසියාව වසර දහයකට වැඩි කාලයකින් වාර්තා වූ දරුණුතම ලැව්ගිනි සමයකට මුහුණ දෙමින් සිටින අතර, ගිනි මැඩපැවැත්වීම සඳහා පුද්ගලයන් ලක්ෂයකට වැඩි පිරිසක් යොදවා ඇති බව වාර්තා වෙනවා.

Banner 01

මීට පෙර එම සතියේ මධ්‍යම කලිමන්තාන් ප්‍රදේශයේදී ජලය ලබාගනිමින් සිටි තවත් ගිනි නිවීමේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ඉන්දුනීසියානු කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Australian Taxation Office (ATO) විසින් ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන් 8,000කට ආසන්න පිරිසකට සිය බදු වාර්තාවල සඳහන් වියදම් නැවත පරීක්ෂා කරන ලෙස...

ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා....

Sydney නගරයේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඒ අනුව අද, නොවැම්බර් 8 වනදා උදෑසන 6ට පමණ...

බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ...

Victoria ප්‍රාන්තයේ මාර්ගවල පවතින වලවල් හඳුනාගෙන ඒවා කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ David Jones වෙළෙඳසැල් ජාලයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ, එහි පාරිභෝගිකයන්ට තමන් සතු Gift Cards සහ කලින් මුදල් ගෙවා...

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තය සඳහා 2026–27 වසරට අදාළ State Nominated Migration Program වැඩසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව,...

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන්...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විකල්ප විසඳුමක් ලෙස සත්ව මේදය යොදාගනිමින් පුනර්ජනනීය ඉන්ධන නිෂ්පාදනය කිරීමේ සැලසුම් ඉදිරිපත් වී තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

බිහිසුණු හෙලිකොප්ටර් අනතුරකින් දිවි ගලවාගත් ඔස්ට්‍රේලියානුවන් දෙදෙනා

ඔස්ට්‍රේලියාවේ විදුලි කාර්මිකයන්ට ඉහළ ඉල්ලුමක් – පුහුණු ශ්‍රමිකයන්ට Skilled Visa අවස්ථාවන්

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ විදුලි සැපයුම් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි කාර්මිකයන්ගේ හිඟය බරපතළ ගැටලුවක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. පුනර්ජනනීය

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ආරක්ෂාව ගැන දේශපාලන පක්ෂ අතර පුළුල් කතාබහක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන රැසක මහජන සේවා සීමා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ, පොලිස් සේවා පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 370ක නව මැතිවරණ

Read More »

වික්ටෝරියාවේ ප්‍රධාන විභාගයක ප්‍රශ්න පත්‍රයට සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසරේ VCE Mathematical Methods විභාගයේ ප්‍රශ්න පත්‍රය අසාධාරණ ලෙස අපහසු වූ බවට සිසුන් සහ දෙමාපියන් චෝදනා කර තිබෙනවා. සිසුන් 17,000කට ආසන්න පිරිසක්

Read More »

මැතිවරණයෙන් පසු වික්ටෝරියානු තරුණයින්ගේ දැවෙන ගැටළුවක් විසඳෙයි ද?

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා සංවිධාන රැසක් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

බර අඩු කිරීමට භාවිතා කරන ඖෂධ වර්ග පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් භයානක හෙළිදරව්වක්

බර අඩු කර ගැනීම සඳහා ලොව පුරා ජනප්‍රිය වී ඇති Ozempic සහ Wegovy ඖෂධ, නූපන් දරුවන්ගේ සෞඛ්‍යයට අවදානමක් ඇති කළ හැකි බවට නවතම පර්යේෂණයකින් හෙළි

Read More »

වික්ටෝරියාව ඇතුළු අනෙකුත් ප්‍රාන්ත වල අවම මිලකට නිවසක් මිලදී ගත හැකි නගර මෙන්න

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au වෙබ් අඩවිය මගීන් සිදු කළ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom