Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර උපදේශන සමාගමක් වන Accenture සමාගම සමඟ වසර කිහිපයකට අදාළ, නව තාක්ෂණික හවුල්කාරිත්වයක් ඇති කරගැනීමත් සමඟ මෙම වෙනස්කම් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව, මුල් අදියරේදී Qantas සමාගමේ මූල්‍ය, භාණ්ඩ හා සේවා මිලදී ගැනීම්, මානව සම්පත් සහ අලෙවිකරණ යන අංශවලට මෙම වෙනස්කම් බලපානු ඇති බවටයි තොරතුරු සදහන් වන්නේ.

නව ගිවිසුම යටතේ ඇතැම් සේවාවන් Accenture සමාගම වෙත පැවරීමට නියමිත අතර, එම කටයුතු ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ සිටින එම සමාගමේ කණ්ඩායම් විසින් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, ඇතැම් මෙහෙයුම් ඔස්ට්‍රේලියාව තුළම පවත්වාගෙන යාමට නියමිතයි.

Advertisement

Qantas ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී Vanessa Hudson සේවකයින්ට දැනුම් දී ඇත්තේ, සමාගමේ තාක්ෂණික පද්ධති නවීකරණය කිරීම, AI තාක්ෂණය භාවිතය පුළුල් කිරීම සහ ව්‍යාපාරික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම වෙනස්කම්වල අරමුණ බවයි.

මෙහි පළමු වෙනස්කම් 2027 වසරේ මැද භාගය වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර, සමස්ත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරි වසර කිහිපය තුළ සිදු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

Banner 01

මේ සම්බන්ධයෙන් බලපෑමට ලක්විය හැකි සේවකයින් සහ ඔවුන්ගේ වෘත්තීය සමිති සමඟ ඉදිරි මාස කිහිපය තුළ සාකච්ඡා පවත්වන බව Qantas සමාගම තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත්, එක් එක් සේවකයාගේ රැකියා සම්බන්ධයෙන් අවසන් තීරණ මෙතෙක් ගෙන නොමැති බවයි සඳහන් වන්නේ.

මෙම නිවේදනයත් සමඟ ඔස්ට්‍රේලියානු රැකියා අවස්ථා සහ සේවාවන් විදේශීය සමාගම් වෙත පැවරීම මෙන්ම AI තාක්ෂණය ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකායට ඇති කරන බලපෑම් යන කරුණු පිළිබඳ ව අවධානය යොමු වී තිබෙනවා

Join on WhatsApp channel

උණුසුම් පුවත්

බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au...

විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය...

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා....

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන්...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ඉහළ යන පසුබිමක, AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස Greens පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

ස්පාඤ්ඤයේ මධ්‍යම ප්‍රදේශයේ සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ රැකියා සිය ගණනකට බලපාන අලුත් සැලැස්මක්

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණයට අලුත් නීති – ජනතාවගේ ආරක්ෂාවට විශේෂ පියවරක්

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

Read More »

මෙල්බන්හිදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටෙයි

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

Read More »

වික්ටෝරියාවේ Labor බලය අඩු කරන්න Greens පක්ෂයෙන් දැවැන්ත සටනක්

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens පක්ෂය සූදානම් වෙනවා. දැනට වික්ටෝරියා

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සමාගම්වලින් විදෙස් ශ්‍රමිකයන්ට Visa Sponsorship

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට හැකියාව පවතින බව සංක්‍රමණ නීති

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ රැකියා සිය ගණනකට බලපාන අලුත් සැලැස්මක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom