Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස දිගු කාලයක් පැවති ඔස්ට්‍රේලියාවේ ආකර්ෂණය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව IDP Education ආයතනයේ නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

එම වාර්තාවට අනුව, අනාගත ජාත්‍යන්තර සිසුන් අතරින් ඔස්ට්‍රේලියාව තම පළමු අධ්‍යාපනික තේරීම ලෙස නම් කර ඇත්තේ 24%ක් පමණයි. කෙසේ වෙතත්, මීට මාස හයකට පෙර එම අගය 31%ක් ලෙසයි පැවතී තිබුණේ. එනම්, මාස හයක් ඇතුළත ඔස්ට්‍රේලියාවට ඇති පළමු තේරීමේ කැමැත්ත 7%කින් පහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට ඇති ආකර්ෂණය අඩුවෙද්දී, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය වෙත ඇති කැමැත්ත ඉහළ ගොස් ඇති බවටයි එම සමීක්ෂණ වාර්තාවේ සදහන් වන්නේ. 

Advertisement

නව සමීක්ෂණයට අනුව ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යන රටවල් දෙකම 21% බැගින් ලබාගෙන තිබෙනවා.

කැනඩාව ද ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රධාන තේරීම් අතර වන බවයි වාර්තා වන්නේ.

Banner 01

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව තවමත් සිසුන් වැඩිම පිරිසක් සලකා බලන අධ්‍යාපනික ගමනාන්තය වීම විශේෂත්වයක්.

සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 54%ක් තවමත් ඔස්ට්‍රේලියාව තම අධ්‍යාපනික විකල්පයක් ලෙස සලකා තිබෙනවා.

ඔස්ට්‍රේලියාව කෙරෙහි ජාත්‍යන්තර සිසුන්ගේ ආකර්ෂණය පහළ යාමට; වීසා නීති සහ කොන්දේසි නිතර වෙනස් වීම, වීසා අනුමැතිය ලැබීම පිළිබඳ අවිනිශ්චිතතාව, අධ්‍යාපනික සහ ජීවන වියදම් ඉහළ යාම මෙන්ම අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු රැකියා ලබාගැනීමට සහ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඇති අවස්ථා පිළිබඳ ව ඇති අවිනිශ්චිතතාව වැනි කරුණු බලපා ඇති බවයි වාර්තා වන්නේ. 

විශේෂයෙන්ම, 2026 ජූලි මාසයේදී ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේ ගාස්තුව ඉහළ දැමීමත් සිසුන්ට අමතර මූල්‍ය බරක් වී තිබෙනවා.

උපාධි මට්ටමේ අයදුම්කරුවන් සඳහා එම ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 2,500ක් දක්වාත්, පශ්චාත් උපාධි මට්ටමේ අයදුම්කරුවන් සඳහා ඩොලර් 5,750ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

2026 ජූනි මාසය වන විට ඔස්ට්‍රේලියාවේ Student Visa ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතය 24.6%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට වසර දහයකට පෙර එම අගය පැවතියේ 7.9%ක් ලෙසයි.

තවත් වැදගත් කරුණක් වන්නේ සමීක්ෂණයට සහභාගී වූ අනාගත සහ අයදුම් කළ සිසුන්ගෙන් අඩකටත් වැඩි පිරිසක් තම අධ්‍යාපනික ගමනාන්තය තීරණය කිරීමේදී වීසා අනුමැතිය ලැබීමේ හැකියාව ඉතා වැදගත් සාධකයක් ලෙස සලකා තිබීමයි.

මෙම වාර්තාවෙන් හෙළි වී ඇති තවත් කරුණක් වන්නේ දැනට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ටත් අපේක්ෂා කළ තරම් පහසු අත්දැකීමක් නොලැබීමයි.

දැනට සිටින සිසුන්ගෙන් අඩකට ආසන්න පිරිසක් අර්ධකාලීන රැකියා හෝ උපාධියෙන් පසු රැකියා සොයාගැනීම තමන් බලාපොරොත්තු වූවාට වඩා අපහසු වී ඇති බව සඳහන් කර තිබෙනවා.

තවත් තුනෙන් එකකට වැඩි පිරිසක් ජීවන වියදම සම්බන්ධයෙන් දුෂ්කරතාවලට මුහුණ දෙන බවයි වාර්තා වන්නේ.

මෙම සමීක්ෂණය සඳහා රටවල් 106ක සිසුන් 4,834 දෙනෙකුගෙන් ප්‍රතිචාර ලබාගෙන තිබෙන බවයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් සදහන් වී තිබුණේ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්....

NSW ප්‍රාන්තයේ Parramatta නගරයේ ඉදිකළ නව Powerhouse Parramatta කෞතුකාගාරය අද (07) ජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 915ක්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ අරමුණින් නව නීති කිහිපයක් හඳුන්වාදීමට ප්‍රාන්ත Labor රජය මැතිවරණ පොරොන්දුවක් ලබාදී තිබෙනවා. ඒ අනුව,...

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයට ආසන්න Browns Plains ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබූ පියෙකුගේ මළසිරුරෙන් කොටසක් කපා ඉවත් කළ බවට ඔහුගේ...

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ...

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ නිවසක හිමිකරුවන් යුවළක් සති අන්ත නිවාඩුවක් ගතකර නැවත පැමිණි අවස්ථාවේදී, තම අසල්වැසියන් අවසරයකින් තොරව නිවසේ පිටුපස පිහිටි පිහිනුම් තටාකය...

SriLankan Airlines සමාගම Australia තුළ තමන්ගේම කාර්යාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. දැනට General Sales Agent හෙවත් GSA ක්‍රමවේදය යටතේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නීති වෙනස් වුණත් විදෙස් අධ්‍යාපනයට තවමත් කැමැත්ත ඔස්ට්‍රේලියාවටයි

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණයට අලුත් නීති – ජනතාවගේ ආරක්ෂාවට විශේෂ පියවරක්

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

Read More »

මෙල්බන්හිදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටෙයි

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

Read More »

වික්ටෝරියාවේ Labor බලය අඩු කරන්න Greens පක්ෂයෙන් දැවැන්ත සටනක්

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens පක්ෂය සූදානම් වෙනවා. දැනට වික්ටෝරියා

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සමාගම්වලින් විදෙස් ශ්‍රමිකයන්ට Visa Sponsorship

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට හැකියාව පවතින බව සංක්‍රමණ නීති

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ රැකියා සිය ගණනකට බලපාන අලුත් සැලැස්මක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom