

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු
ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අගමැති Anthony Albanese ප්‍රකාශ කර ඇත්තේ, ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වීමට අපේක්ෂා කරන අතිශය දියුණු AI තාක්ෂණයන් සංවර්ධනය කරන සියලුම සමාගම් සඳහා මෙම නව ආරක්ෂක ප්‍රමිතීන් අනිවාර්ය කිරීමට නියමිත බවයි.
රජයේ විසින් ක්‍රියාත්මක කරන AI in Australia’s Interests වැඩපිළිවෙළ යටතේ, Australian AI Standards නීති රාමුව හරහා මෙම ආරක්ෂක පියවර හඳුන්වාදීමට සැලසුම් කර ඇති අතර, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සහ AI තාක්ෂණය හරහා ඇතිවිය හැකි බරපතළ අවදානම් අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
යෝජිත නීති අනුව, AI සමාගම් තම තාක්ෂණය සංවර්ධනය කිරීමේ සිට භාවිතයට නිකුත් කිරීම දක්වා සෑම අදියරකදීම නිසි ආරක්ෂක ක්‍රමවේද පවත්වාගෙන යා යුතු බවයි සදහන්.

එමෙන්ම AI පද්ධතිවලින් ඇතිවිය හැකි බරපතළ අවදානම් හඳුනාගෙන පාලනය කිරීම, ස්වාධීන ආරක්ෂක ඇගයීම් සඳහා අවසර ලබාදීම සහ AI සම්බන්ධ බරපතළ සිදුවීම් පිළිබඳව රජයට කඩිනමින් දැනුම්දීම ද අනිවාර්ය කිරීමට යෝජනා කර තිබෙනවා.
මීට අමතරව, සමාගම් තම ආරක්ෂක ප්‍රතිපත්ති සහ ක්‍රමවේද ප්‍රසිද්ධ කළ යුතු අතර, තාක්ෂණය දියුණු වීමත් සමඟ යාවත්කාලීන වන ආරක්ෂක ප්‍රමිතීන්ට අනුගත වීම ද අවශ්‍ය වනු ඇති බවයි සඳහන් වන්නේ.
මෙම නීති ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා AI ආරක්ෂාව පිළිබඳ නව නියාමන ආයතනයක් පිහිටුවීමට ද රජය යෝජනා කර තිබෙනවා.
එම ආයතනය Australian AI Safety Institute සමඟ එක්ව කටයුතු කිරීමට නියමිත අතර, අනිවාර්ය ආරක්ෂක නීති උල්ලංඝනය කරන සමාගම්වලට සැලකිය යුතු දඩ පැනවීමේ බලතල ලබාදීමට ද අපේක්ෂා කෙරෙන බවයි පැවසෙන්නේ.
විශේෂයෙන් මිනිස් පාලනයෙන් බැහැරව ක්‍රියා කළ හැකි AI Agents සහ අතිශය දියුණු AI Models හරහා ඇතිවිය හැකි අවදානම් කල්තියා හඳුනාගැනීමටත්, බරපතළ AI සිදුවීම්වලදී කඩිනමින් සම්බන්ධීකරණය කළ ක්‍රියාමාර්ග ගැනීමටත් මෙම නීති උපකාරී වනු ඇති බව රජය පෙන්වා දෙනවා.
අගමැති Anthony Albanese සඳහන් කර ඇත්තේ, AI තාක්ෂණය සෞඛ්‍ය සේවා, ආර්ථික වර්ධනය සහ ඵලදායිතාව ඉහළ නැංවීමට විශාල අවස්ථා ලබාදුන්නද, එහි වේගවත් දියුණුවත් සමඟ ඇතිවන නව අවදානම්වලට සූදානම් වීම අත්‍යවශ්‍ය වන බවයි.
කෙසේ වෙතත්, මෙම නව ආරක්ෂක නීති තවමත් යෝජිත මට්ටමේ පවතින අතර, නීති සම්පාදනයට අදාළ වැඩිදුර විස්තර සහ ක්‍රියාත්මක වන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි අගමැති Albanese වැඩිදුරටත් පවසන්නේ.
Sydney නගරයේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඒ අනුව අද, නොවැම්බර් 8 වනදා උදෑසන 6ට පමණ...
ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම...
ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය...
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ වසර 100ක් පමණ පැරණි දේවස්ථානයක් ඩොලර් 45,000ක් වැනි අඩු මුදලකට අලෙවි වී තිබෙනවා. Horsham නගරයට කිලෝමීටර් 80ක්...
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන්...
2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගරය පුරා සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ බවට සැක කෙරෙන ගිනි තැබීම් ඉහළ යාමත් සමඟ ඉන්ධන අලෙවිය සම්බන්ධයෙන් පොලිසිය...

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens පක්ෂය සූදානම් වෙනවා. දැනට වික්ටෝරියා

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට හැකියාව පවතින බව සංක්‍රමණ නීති

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.