

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු
ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට හැකියාව පවතින බව සංක්‍රමණ නීති විශේෂඥයන් පෙන්වා දෙනවා.
ඊයේ Hannan Tew Immigration Lawyers විසින් ප්‍රකාශයට පත්කළ නව මාර්ගෝපදේශයක සඳහන් වන්නේ, අලුතින් ලියාපදිංචි කළ සමාගම්වලට පවා නියමිත සුදුසුකම් සපුරාලන්නේ නම් Standard Business Sponsorship සඳහා අයදුම් කළ හැකි බවයි.
එමෙන්ම සමාගමක අධ්‍යක්ෂවරයෙකුට හෝ කොටස් හිමියෙකුට තමන්ගේම සමාගම හරහා 482 වීසා සඳහා Sponsorship ලබාගැනීම නීතියෙන් තහනම් කර නොමැති බව ද එහි සඳහන් වනවා.

කෙසේ වෙතත් එවැනි අයදුම්පත් ආගමන බලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට ලක්වන අතර, අදාළ රැකියා තනතුර සැබෑ ව්‍යාපාරික අවශ්‍යතාවක් මත නිර්මාණය වී ඇති බව තහවුරු කළ යුතුයි.
ඒ සඳහා සමාගමේ ව්‍යාපාරික ගනුදෙනු, බැංකු වාර්තා, පාරිභෝගික ගිවිසුම්, සේවක වැටුප් වාර්තා සහ අනාගත මූල්‍ය සැලසුම් ඇතුළු සාක්ෂි ඉදිරිපත් කිරීම වැදගත් වනවා.
මේ අතර 482 482 වීසා අනුග්‍රහය ලබාදීමේදී Sponsorship සහ Nomination සඳහා වැයවන ගාස්තු මෙන්ම Skilling Australians Fund බද්ද සේවකයාගෙන් අයකර ගැනීම නීතියෙන් තහනම් බව ද අවධාරණය කර තිබෙනවා.
2026 ජූලි මාසයේ සිට ප්‍රධාන අයදුම්කරුවෙකුගේ 482 වීසා අයදුම්පත් ගාස්තුව සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 4,015ක් වන අතර, එම වීසා අයදුම්පත් ගාස්තුව සේවකයා විසින් ගෙවිය හැකියි.
එමෙන්ම අනුග්‍රහය ලබාදෙන සමාගම් අදාළ සේවකයන්ට නියමිත වැටුප් ගෙවීම, රැකියා කොන්දේසි ආරක්ෂා කිරීම සහ ඇතැම් ව්‍යාපාරික වෙනස්කම් දින 28ක් ඇතුළත ආගමන දෙපාර්තමේන්තුවට දැනුම්දීම ඇතුළු නීතිමය වගකීම් ඉටුකළ යුතු වනවා.
මෙම නීති උල්ලංඝනය කරන ව්‍යාපාරවල Sponsorship අනුමැතිය අවලංගු කිරීමට හෝ ඉදිරියේදී සේවකයන්ට අනුග්‍රහය ලබාදීම තහනම් කිරීමට ද බලධාරීන්ට හැකියාව පවතිනවා.
ඒ අනුව අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට 482 වීසා අනුග්‍රහය ලබාදීමට හැකියාව පැවතියත්, සමාගමක් ලියාපදිංචි කිරීම පමණක් වීසා අනුමැතිය ලබාගැනීමට ප්‍රමාණවත් නොවන බවයි සංක්‍රමණ නීති විශේෂඥයන් අවධාරණය කරන්නේ.
NSW ප්‍රාන්තයේ Parramatta නගරයේ ඉදිකළ නව Powerhouse Parramatta කෞතුකාගාරය අද (07) ජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 915ක්...
මෙල්බන් නගරයේ පසුගිය මාස කිහිපය තුළ ඉහළ ගොස් ඇති ගිනි තැබීම්, වෙඩි තැබීම්, කප්පම් ගැනීම් සහ වාහන සොරකම් මර්දනය කිරීම...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් රැකියා දහස් ගණනක් කප්පාදු කිරීමට පියවර ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහ ආර්ථිකයට එල්ල...
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අපේක්ෂා කරන Skilled Visa අයදුම්කරුවන්ට වැදගත් වන නව යාවත්කාලීන කිරීමක් Department of Home Affairs විසින් නිකුත්...
ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය අතර ඇති කරගැනීමට සැලසුම් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම (Australia–EU Free Trade Agreement) මඟින් රටේ ආර්ථික...
ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස දිගු කාලයක් පැවති ඔස්ට්‍රේලියාවේ ආකර්ෂණය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව IDP Education...
ඇමරිකානු දේශපාලනයේ විශාල පෙරළියක් සිදුකරමින් 2026 Midterm Election හිදී Democratic පක්ෂය කොංග්‍රසයේ ප්‍රධාන ආයතන දෙක වන House of Representatives සහ...
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සහ පැරණිතම දෙපාර්තමේන්තු වෙළෙඳසැල් ජාලයක් වන David Jones දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදීමත් සමඟ Perth නගරයේ වෙළෙඳසැල් තුනක් වසා...
ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර...

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens පක්ෂය සූදානම් වෙනවා. දැනට වික්ටෝරියා

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට හැකියාව පවතින බව සංක්‍රමණ නීති

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.