Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඇමෙරිකාවේ සිදුකළ SCA සමීක්ෂණයකට අනුව, වැඩිහිටියන්ගෙන් සියයට 11ක් පමණ තම සහකරුගේ හෝ සහකාරියගේ දුර්වල සනීපාරක්ෂක පුරුදු හේතුවෙන් ආදර සබඳතා අවසන් කර ඇති බවයි හෙළි වී ඇත්තේ.

විශේෂයෙන්ම මුඛයේ දුර්ගන්ධය, ශරීරයේ දුර්ගන්ධය සහ පෞද්ගලික පිරිසිදුකම පිළිබඳ අවධානය යොමු නොකිරීම ආදර සබඳතාවලට අහිතකර ලෙස බලපාන බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

Advertisement

2018 වසරේ බ්‍රිතාන්‍යයේ සිදුකළ තවත් සමීක්ෂණයකට අනුව, පුද්ගලයන්ගෙන් සියයට 35කට වැඩි පිරිසක් මුඛ දුර්ගන්ධය ආකර්ෂණය අඩුකරන ප්‍රධාන සාධකයක් ලෙස හඳුන්වා තිබෙනවා.

එමෙන්ම වැසිකිළිය භාවිතයෙන් පසු නිසි පරිදි පිරිසිදු නොකිරීම, ශරීරයේ පිරිසිදුකම නොසලකා හැරීම සහ නියපොතු අපිරිසිදුව තබාගැනීම ද ආදර සබඳතාවල ගැටලු ඇති කිරීමට හේතුවිය හැකි බව වාර්තාවේ සඳහන් වනවා.

Banner 01

එකට ජීවත්වන යුවළ අතර පෞද්ගලික පිරිසිදුකම පිළිබඳ නොසැලකිල්ල, අනෙක් පුද්ගලයාට ගරු නොකිරීමක් ලෙස හැඟිය හැකි බවයි සබඳතා පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

මේ අතර, ආදර සබඳතාවල සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකළ වෙනත් සමීක්ෂණයකදී පස් දෙනෙකුගෙන් එක් අයෙකු අපිරිසිදු නියපොතු දැඩි ලෙස අප්‍රසන්න බව ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂඥයන් පවසන්නේ දිනපතා ස්නානය කිරීම, දත් මැදීම, නියපොතු පිරිසිදුව තබාගැනීම සහ පොදු අවකාශ පිරිසිදුව පවත්වාගැනීම වැනි සරල පුරුදු සෞඛ්‍යයට මෙන්ම සබඳතාවල අන්‍යෝන්‍ය ගෞරවය පවත්වාගැනීමට ද වැදගත් වන බවයි.

කෙසේ වෙතත් සනීපාරක්ෂක පුරුදු සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ අපේක්ෂාවන් වෙනස් විය හැකි අතර, ඒවා ආදර සබඳතා බිඳවැටීමට බලපාන එකම හේතුව නොවන බව ද සඳහන් කළ යුතුයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය...

ඔස්ට්‍රේලියාවේ Bondi Beachහි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 11කට ආසන්න කාලයක් ගතවී ඇතත් තමන් තවමත් ශාරීරික හා මානසික වේදනාවෙන් පසුවන බව...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වැසිකිළි කඩදාසි නිෂ්පාදන සමාගමක් වන Who Gives A Crap සමාගමේ පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරුවලට අනවසරයෙන් ප්‍රවේශ වී ඇති බව...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් රැකියා දහස් ගණනක් කප්පාදු කිරීමට පියවර ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහ ආර්ථිකයට එල්ල...

බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ...

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas, Sydney සිට දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය සංචාරක නගරයක් වන Cape Town දක්වා ප්‍රථම වරට අතරමැදි...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria...

ඔස්ට්‍රේලියාවේ වසර 50කට වැඩි කාලයක් ජනප්‍රියත්වයට පත්ව ඇති Sara Lee සන්නාමයේ Ice Cream නිෂ්පාදන පෙළ, Coles සහ Woolworths සුපිරි වෙළෙඳසැල්වල...

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණයට අලුත් නීති – ජනතාවගේ ආරක්ෂාවට විශේෂ පියවරක්

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

Read More »

මෙල්බන්හිදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටෙයි

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

Read More »

වික්ටෝරියාවේ Labor බලය අඩු කරන්න Greens පක්ෂයෙන් දැවැන්ත සටනක්

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens පක්ෂය සූදානම් වෙනවා. දැනට වික්ටෝරියා

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සමාගම්වලින් විදෙස් ශ්‍රමිකයන්ට Visa Sponsorship

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට හැකියාව පවතින බව සංක්‍රමණ නීති

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ රැකියා සිය ගණනකට බලපාන අලුත් සැලැස්මක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom