Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

සංචිත බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පසුගිය මාර්තු මාසයෙන් පසු වාර්තා වූ පහළම මට්ටමකට ඇද වැටී තිබෙනවා.

පසුගිය සතිය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය සියයට 2.3කින් පහත වැටී ඇති අතර, සතිය අවසානයේදී ඔස්ට්‍රේලියානු ඩොලරයක් ඇමෙරිකානු ශත 68.66ක් ලෙස වාර්තා වී තිබුණා.

එය පසුගිය සතියේ ප්‍රධාන ජාත්‍යන්තර මුදල් ඒකක අතරින් දුර්වලම ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ මුදල් ඒකකයක් බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

Advertisement

නොවැම්බර් 3 වැනිදා RBA ආයතනය සිය ප්‍රධාන පොලී අනුපාතය සියයට 0.25කින් ඉහළ දමමින් සියයට 4.85 දක්වා වැඩි කිරීමට තීරණය කළා.

සාමාන්‍යයෙන් පොලී අනුපාත ඉහළ යාම මුදල් ඒකකයේ අගය ශක්තිමත් වීමට හේතුවිය හැකි නමුත්, මෙවර ඔස්ට්‍රේලියානු ඩොලරය පහත වැටීම විශේෂත්වයක් වනවා.

Banner 01

CommSec ආයතනයේ වෙළෙඳපොළ විශ්ලේෂක James Gruber පවසන්නේ, පොලී අනුපාත ඉදිරියේදී කෙසේ වෙනස් වේද යන්න පිළිබඳ ආයෝජකයන්ගේ අපේක්ෂා වෙනස් වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවයි.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාම මේ වන විට උපරිම මට්ටමට ළඟා වී ඇති බවට ඇතැම් ආයෝජකයන් විශ්වාස කරන අතර, 2027 දෙසැම්බර් මාසය වන විට පොලී අනුපාත අඩු කිරීමක් සිදුවිය හැකි බවට මූල්‍ය වෙළෙඳපොළ අපේක්ෂා කරනවා.

ඊට වෙනස්ව ඇමෙරිකාවේ පොලී අනුපාත 2027 අප්‍රේල් මාසය වන විට තවදුරටත් ඉහළ යා හැකි බවට වෙළෙඳපොළ තුළ අපේක්ෂා පවතිනවා.

මේ අතර ජාත්‍යන්තර කොටස් වෙළෙඳපොළවල පවතින අවිනිශ්චිතතාව සහ ඇතැම් ප්‍රධාන වෙළෙඳ භාණ්ඩවල මිල පහත වැටීම ද ඔස්ට්‍රේලියානු ඩොලරයට අහිතකර ලෙස බලපා තිබෙනවා.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය තවදුරටත් පහත වැටුණහොත් විදේශ රටවලින් ආනයනය කරන භාණ්ඩ, විදේශ සංචාර සහ ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවීම් සිදුකරන සේවාවල වියදම් ඉහළ යා හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඉන්දුනීසියාවේ ලැව්ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටරයක් ගඟකට කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි සිටි ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු...

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ...

ඔස්ට්‍රේලියාවේ Bondi Beachහි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 11කට ආසන්න කාලයක් ගතවී ඇතත් තමන් තවමත් ශාරීරික හා මානසික වේදනාවෙන් පසුවන බව...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරය පුරා සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ බවට සැක කෙරෙන ගිනි තැබීම් ඉහළ යාමත් සමඟ ඉන්ධන අලෙවිය සම්බන්ධයෙන් පොලිසිය...

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27...

ඔස්ට්‍රේලියානු Visa ලබාගැනීම සඳහා ව්‍යාජ ලේඛන හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන පුද්ගලයන්ට එරෙහිව වසර 10ක් දක්වා සිරදඬුවම් ඇතුළු දැඩි නීතිමය...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens...

Australian Taxation Office (ATO) විසින් ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන් 8,000කට ආසන්න පිරිසකට සිය බදු වාර්තාවල සඳහන් වියදම් නැවත පරීක්ෂා කරන ලෙස...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Interest Rate වැඩි කළාට පස්සේ ඔස්ට්‍රේලියානු ඩොලරයට වෙච්ච දේ

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණයට අලුත් නීති – ජනතාවගේ ආරක්ෂාවට විශේෂ පියවරක්

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

Read More »

මෙල්බන්හිදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටෙයි

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

Read More »

වික්ටෝරියාවේ Labor බලය අඩු කරන්න Greens පක්ෂයෙන් දැවැන්ත සටනක්

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens පක්ෂය සූදානම් වෙනවා. දැනට වික්ටෝරියා

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සමාගම්වලින් විදෙස් ශ්‍රමිකයන්ට Visa Sponsorship

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට හැකියාව පවතින බව සංක්‍රමණ නීති

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ රැකියා සිය ගණනකට බලපාන අලුත් සැලැස්මක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom